Watch Trailer

The Umbrella Academy [S02 : E09] Sinhala Subtitles | 743 [සිංහල උපසිරසි]

කතාවේ උණුසුම උච්චතම අවස්තාවක් තියෙන මොහොතක ඔන්න එහෙනම් නවවෙනි කොටසත් අරන් ආවා. තව එක කොටසකින් දෙවෙනි කතා සමය අවසන් වුණත් 3 වෙනි අදියරක් ළඟඳිම නෙට්ෆ්ලික්ස් වෙබ් අඩ්වියෙන් දැකගන්න ලැබේවි. කලින් කොටසෙදි මතක ඇතිනේ දියේගෝ කොහොම හරි ලෝක විනාශයට හේතුව හොයාගත්තා. ඒකට ඉතිං කොහොම හරි පුන්චි චරිතයක් වුණු හර්බ…

කතාවේ උණුසුම උච්චතම අවස්තාවක් තියෙන මොහොතක ඔන්න එහෙනම් නවවෙනි කොටසත් අරන් ආවා. තව එක කොටසකින් දෙවෙනි කතා සමය අවසන් වුණත් 3 වෙනි අදියරක් ළඟඳිම නෙට්ෆ්ලික්ස් වෙබ් අඩ්වියෙන් දැකගන්න ලැබේවි.

කලින් කොටසෙදි මතක ඇතිනේ දියේගෝ කොහොම හරි ලෝක විනාශයට හේතුව හොයාගත්තා. ඒකට ඉතිං කොහොම හරි පුන්චි චරිතයක් වුණු හර්බ්ගෙනුත් උදවු ලැබණානේ. ඉතිං මේ පාරත් කලින් පාර වගේම හේතුව වන්යා. ඒත් කලින් පාර වගේ මහා විනාශකාරි විදිහකට නෙවෙයි වන්යාව ලෝක විනාශයට බලපාන්නේ. ඉතිං දියේගෝ, ක්ලවුස් සහ ඇලිසන් වන්යාවට උදවු කරන්න ඇය දැන් ඉන්න තැනට හොයාගෙන යනවා. මේ අතර තුර ෆයිව් සහ ලූතර් එකතු වෙලා අනතුරුදායක පියවරක් තැබුවා. ෆයිව් ගිහින් තමන්වම හමුවෙන්න තීරනය කරා. ඒක කොහොමද වුණේ කියලා යටින් පැහැදිලි කරන්නම්.

කොහොමද මේ ෆයිව්ලා දෙන්නෙක් ඉන්නේ?

අපිට චිත්‍රපටවල සහ කතා මාලාවක නොයෙකුත් ආකාරයේ කාල තරණයන් දැකගන්න ලැබෙනවනේ. Back to the Future, Avegers Endgame, X-Men: Days of Future Past වගේ නිර්මාණවලින් අපිට කාල තරණය ටිකක් හුරුපුරුදුයි,

ඉතිං The Umbrella Academy එකේදි කාල තරණය නිතරම වගේ දකින්න ලැබෙනවා. කතාවේ ප්‍රධාන හතුරත් කාල තරණයට සම්බන්දයිනේ. ඉතිං ඔයාලට මතක ඇති පළවෙනි අදියරේ පස් වෙනි කොටසෙදි ෆයිව් හැන්ඩ්ලර් සහ කොමිෂන් එක ගැන කියද්දීතමන් ආපහු 2019 ට ආපු විදිහ පැහැදිලි කරනවා. ඇත්තටම ෆයිව් කෙනඩි ඝාතනය කරන දවසේදි කොමිෂන් එකෙන් රාජකාරියකට එවනවා කෙනඩි ජනපති මැරුණා කියන එක තහවුරු කරගන්න. ඉතිං මේ වෙලාවේ ආපු අදහසක් අනුව ෆයිව් 2019 ට කාල තරණය කරනවා. ඒකෙදි වුණු ගණනය කිරීම්වල වැරැදිමක් නිසා තමයි ඔහු තමන්ගේම ළමා ශරීරයේ හිරවෙන්නේ.

ඉතිං දැන් අපේ ඇකැඩමියේ චරිත ඉන්නෙත් මේ කොටස වෙද්දී කෙනඩි ඝාතනය වුණු දවසෙමයි. ඒ කිවුවේ 1963 නොවැම්බර් 22 වෙනිදා. ඉතිං මේ වෙද්දී අර කොමිෂන් එකට සේවය සපයන ෆයිව් ඉන්නෙත් ඒ දවසෙම තමයි. ඒ කියන්නේ ඒ වයස්ගත ෆයිව් ඉන්නෙත් අපේ ළමා ෆයිව් ඉන්න නොවැම්බර් 22 දාමයි. ඉතිං අරි නම් මේ වෙද්දී වයස්ගත ෆයිව් ළඟ කොමිෂන් එකෙන් ලබා දෙන බ්‍රීෆ්කේස් එක නැත්තම් එහා මෙහා ගෙන යා හැකි කාල තරණ යන්ත්‍රය තියෙන්නෙ ඕනේ. ඉතිං ෆයිව් දැන් හදන්නේ අර වයස්ගත ෆයිව්ගෙන් කාල තරණ යන්ත්‍රය අරගන්න.

හැබැයි මෙතනදි ෆයිව්ට ගැටලු දෙකක් එනවා. එකක් තමා වයස්ගත ෆයිව් ලේසි පහසු කෙනෙක් නෙවේ. මොනා වුණත් මේ කාලය වෙද්දී ෆයිව් ඝාතකයෙක්. ඒ නිසා හදිස්සියෙවත් වැරැද්දක් වුණොත් ළමා ෆයිව්ව මැරෙන්න පුලුවන්. මොකක් හරි වෙලා මේ වයස් ගත ෆයිව්ටත් මොකක් හරි වුනොත් අපේ ළමා ෆයිවුවත් පැවැත්මෙන් මැකිලා යනවා. මොකද අතීතයේ වෙන ඕනෑම දෙයක් වර්තමානයට භයානක විදිහට බලපානවා. (මේක සරලව හඳුන්වන්නේ Butterfly Effect කියලා. ඒක ගැන මම ලියපු ලිපියක් මෙතනින් බලන්න පුලුවන්.)

අනිත් ගැටලුව තමා එකම කාලරාමුවේ එකම අවස්තාවක එකම පුද්ගලයා සංස්කරන දෙකක් තියෙන්න බැහැ. මේක කාලය සම්බන්ද නීතියක්. කතාවට අනුව ගත්තම ෆයිව්ලා දෙන්නෙක් නොවැම්බර් 22 ට ඉන්න බෑ. එහෙම වුණොත් ඒක ඒ සංස්කරණවල අදියර හතක් විදිහට භයානකව බලපානවා. Paradox Psychosis කියලා හැඳින්වුවේ ඒක. ඉතිං මේකෙ පළවෙනි අදියර හයේ පිලිවෙල හරියටම කියන්න බෑ. නමුත් හත්වෙනි සහ අවසන් අදියර වන පාලනය කරගත් නොහැකි වියරු බව අතිශයින් භයානක වෙන්න පුලුවන්.

ඔන්න ඔය නිසා තමයි ඊයෙ කොටසෙදි අපිට ෆයිව්ලා දෙන්නෙක් බලාගන්න පුලුවන් වුණේ. එහෙනම් අද කොටසත් ඔයාලට භාරයි. අති උද්වේගකර දසවෙනි හෙවත් දෙවෙනි අදියරේ අවසන් කොටසත් එක්ක නැවත හමුවෙමු.

෴෴ සුබ දවසක්…! ෴෴

Season 2 Episode 9:
“743 “

අධ්‍යක්ෂණය: Amanda Marsalis
රචනය: Steve Blackman
විකාශය කළ දිනය: ජූලි 31, 2020
ධාවන කාලය: විනාඩි 40
IMDB අගය: 8.9
Age Rating: TV-14

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

4,896 downloadsDownload The-Umbrella-Academy-S02-E09.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සචින්ත කල්හාර බෙනට්

Subtitles

4,896 downloadsDownload Subtitles22 KB

6 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  3. Kanishka

    Macgyver tv series ekath sub dennako

  4. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  5. Anonymous

    Thanks

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P