Watch Trailer

The Undoing [S01 : E01] Sinhala Subtitles | අමානුෂික ඝාතනය [සිංහල උපසිරසි]

මන් හිතන්නේ බයිස්කෝප් වෙබ් අඩවියට උපසිරැසි සපයන හැම උපසිරැසිකරුවෙක්ම මුලින්ම කියන කතාවක් තමා සයිට් එකට ඇවිල්ලා සබ් ඩවුන්ලෝඩ් කරද්දී මටත් උපසිරැසියක් කරලා බලන්න හිතුනා කියන කාරණය. අන්න ඒක ඉතින් මටත් පොදු කාරණයක්. අන්න එහෙම ඇති වෙච්ච ආසාව නිසා මමත් අද බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක එකතු වෙනවා අද සිටන් ප…

මන් හිතන්නේ බයිස්කෝප් වෙබ් අඩවියට උපසිරැසි සපයන හැම උපසිරැසිකරුවෙක්ම මුලින්ම කියන කතාවක් තමා සයිට් එකට ඇවිල්ලා සබ් ඩවුන්ලෝඩ් කරද්දී මටත් උපසිරැසියක් කරලා බලන්න හිතුනා කියන කාරණය. අන්න ඒක ඉතින් මටත් පොදු කාරණයක්. අන්න එහෙම ඇති වෙච්ච ආසාව නිසා මමත් අද බයිස්කෝප් වෙබ් අඩවියත් එක්ක එකතු වෙනවා අද සිටන් පටන් ගන්න මෙන්න මේ කතා මාලාව හරහා.

The Undoing

නිතරම IMDB charts වල ගිහින් මොනාද අළුත් TV Series කියලා හොයන කෙනෙක් නම්, ඔබ මේ කතා මාලාව ලාවට වගේ දකින්නත් ඇති. මොකද මේක charts වල ඉහළින්ම කාලාන්තරයක් තිබුණු කතා මාලාවක්. ඒවගේමයි මේක ගොඩක් අය නරඹලත් නැතුව ඇති. බලන්න ඉතින් සිංහල උපසිරැසිත් තිබ්බේ නෑනේ.

එහෙනම් කතාවේ විස්තර දිහාවට යමුකෝ. මේක Crime, Mystery, Psychological, Thriller කියන කාණ්ඩ වලට අයිති කෙටි රූපවාහිනී කතා මාලාවක්. Jean Hanff Korelitz විසින් 2014 දී රචනා කරන ලද You Should Have Known නවකතාව ඇසුරෙන් නිර්මාණය වූ මෙම කතා මාලාව Susanne Bier විසින් අධ්‍යක්ෂණය කෙරූ අතර David E. Kelley විසින් තිර රචනය හා නිෂ්පාදන කටයුතු සිදු කරන ලදි. මෙහි විකාශන අයිතිය සිදු කරන්නේ HBO ආයතනය මඟිනි. ඒවගේම මෙම කතාව වාර්තා පොත් අතරට එක් වෙන්නේ, හැම සතියකම කොටසින් කොටස ගත්තම,වැඩිම ප්‍රේක්ෂක ජනතාවක් HBO එක මඟින් නරඹපු කෙටි රූපවාහිනී කතා මාලාව විදියටයි. IMDb දර්ශකයේ අගය 7.4ක් මෙය වෙන් වෙද්දී, ගූගල් පරිශීලිකයන් 87%ක්ද, Rotten Tomatoes හී මෙයට 77%ක්ද වශයෙන් සනිටුවහන් වෙනවා.

එහෙනම් කතාව කොයි වගේද කියලා බලමු…. ඔන්න එහෙනම් මුලින්ම පුංචි පවුලක් තියෙනවා. අම්මා ග්‍රේස් ෆ්‍රේසර් (Nicole Kidman) සයිකොලොජිස්ට් කෙනෙක් / මානසික වෛද්‍යවරයෙක්, තාත්තා ජොනතන් ෆ්‍රේසර් (Hugh Grant) ඔන්කොලොජිස්ට් කෙනෙක් / ළමා පිළිකා රෝග විශේෂඥයෙක්, පුතා හෙන්‍රි ෆ්‍රේසර් (Noah Jupe) රියර්ඩන් කියන පාසලේ ඉගෙන ගන්නවා. මේ පවුල මැන්හැටන් වල ජීවත් වෙනවා. මෙන්න මේ රියර්ඩන් කියන පාසලේ අරමුදල් හොයාගන්න වෙන්දේසි වැඩකටයුත්තක් වෙනවා. ඒකට ඉතින් ළමයින්ගේ අම්මලා තමා වැඩ කටයුතු කරන්නේ. ඉතින් ග්‍රේසුත් ඒ වැඩේ බැහැලා කරනවා. ඒ සම්බන්ධ සිද්ද වෙන රැස්වීමකදී එතනට එන්න හරි අපූරු ලස්සන සුරූපී අම්මා කෙනෙක්. අළුතෙන් වෙන්දේසි වැඩේට උදව් කරන්න. එලේනා ඇල්වෙස්. (Matilda De Angelis) මෙන්න මෙයා නිසා කතාව වැඩිහිටියන්ට පමණක් සීමා වෙනවා හොඳේ. කොහොම උනත් ග්‍රේස් සහ මේ එලේනා රැස්වීමෙන් පස්සෙත් අහම්බෙන් වගේ හම්බවෙනවා. ඊටපස්සේ පාසලේ අර වෙන්දේසි වැඩෙත් වෙනවා. ඒ වගේම ග්‍රේස්ගේ මහත්තයා ජොනතන්ට, ක්ලීව්ලන්ඩ් වල සමුළුවක් තියෙනවා කියලා යන්න වෙනවා.

ඊටපස්සේ එක දවසක උදේක, එලේනා, අර සුරූපී අම්මව එයාගෙම ස්ටුඩියෝ එකේ දරුණු විදියට ගහලා මරලා දාලා තියෙද්දී එයාගේ පුතා හොයාගන්නවා. එතකොට කවුද එලේනාව මැරුවේ. මේ මරණය ෆ්‍රේසර් පවුලට සමබන්ධ වෙන්නේ කොහොමද? ඒ විතරක් නෙමේ ක්ලීව්ලන්ඩ් ගිය ජොනතන් ෆ්‍රේසර්වත් සම්බන්ධ කරගන්න ග්‍රේස්ට බැරි වෙනවා. පළවෙනි කතාංගය ඇතුළෙම ඔය සිද්දි ටික වෙනවා. එතනින් එහා නැරඹීම ඔබ සතුයි.

එහෙනම් ඊළඟ කොටසින් හම්බෙමු. පළවෙනි උපසිරැසි නිසා වැරදි අඩුපාඩුත් ඇති. ඒවත් පෙන්නලා දෙන ගමන් අදහසකුත් දක්වගෙන යන්න.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,984 downloadsDownload The-Undoing-S01-E01.zip37 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “A.R” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

A.R

Subtitles

2,984 downloadsDownload Subtitles37 KB

15 comments

  1. Gihan Lakmal

    එල මචෝ.. දිගටම කරන් යමු.. ❤️

  2. Anonymous

    සුබ පැතුම් මචෝ. පලවෙනි එකෙන්ම ගින්දර වැඩක් දෙන්න වගේ යන්නේ.
    දිගටම උපසිරසි දෙන්න ඕන හොඳේ. ජයවේවා

  3. එල්.සී. දමැල්

    පළමු උපසිරසගැන්වුම වෙනුවෙන් උණුසුම් සුභ පැතුම් සහෝ.
    දිගටම උපසිරස කරන්න අවශ්‍ය කාලය හා හැකියාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.:)
    ජය ✌

  4. Samith

    Ela ela bro

  5. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. Suranjan

    Thanks jayawewa.....!

  8. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ.ජය වේවා!

  9. සංජන චමෝද්

    පළවෙනි උපසිරැසියට සුභ පැතුම් සහෝ.

  10. Thusitha

    නියමයි දැන් බයිස්කෝප් වෙබ් අඩවිය උපසිරසි දෙනව ගොඩක් අඩුයි නේ ඇයි ඒ කොහොමහරි යාලු ඔයාගේ පලවෙනි උපසිරසියට සුබ පැතුම්

  11. tharidu16

    okkoma dunnata passe balanawa

  12. Sameeraudias

    Oka iwara karala deadwood ekata sub denna berida machn hoda series ekak kawrut sub karala ne imdb wala udama tiyena ekak denawa nan elama wdak

  13. A R

    අදහස් දක්වපු හැමෝටම බොහොම ස්තූතියි

  14. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. Anonymous

    Thnx for sub ...❤️