Watch Trailer

The Undoing [S01 : E02] Sinhala Subtitles | අතුරුදහන් වීම [සිංහල උපසිරසි]

The Undoing කතා මාලාවේ දෙවෙනි කතාංගය එක්කයි ඔයාලා මේ එකතු වෙන්නේ. කතාවේ කලින් කතාංගයෙන් හොඳ ආරම්භයක් ලැබුනා කියල කට්ටියටම හිතෙන්න ඇති. චුට්ටක් මතක් කරන් ඉමුකෝ කලින් කොටසෙදී මොකක්ද උනේ කියලා. කලින් කොටසින්….. කතාව ගෙතෙන්නේ මූලික වශයෙන් ෆ්‍රේසර් පවුල වටා. පිළිකා රෝග සම්බන්ධ විශේෂඥයෙක් වෙච්ච ජොනතන් ෆ්…

The Undoing කතා මාලාවේ දෙවෙනි කතාංගය එක්කයි ඔයාලා මේ එකතු වෙන්නේ. කතාවේ කලින් කතාංගයෙන් හොඳ ආරම්භයක් ලැබුනා කියල කට්ටියටම හිතෙන්න ඇති. චුට්ටක් මතක් කරන් ඉමුකෝ කලින් කොටසෙදී මොකක්ද උනේ කියලා.

කලින් කොටසින්…..

කතාව ගෙතෙන්නේ මූලික වශයෙන් ෆ්‍රේසර් පවුල වටා. පිළිකා රෝග සම්බන්ධ විශේෂඥයෙක් වෙච්ච ජොනතන් ෆ්‍රේසර්, මානසික රෝග සම්බන්ධ දොස්තර කෙනෙක් උනු ග්‍රේස් සහ එයාලගේ පුතා හෙන්‍රි කියන තුන් දෙනාගෙන් මේ පුංචි පවුල හැදිලා තියෙනවා. වෘත්තිමය මට්ටමෙන් ගත්තම ෆ්‍රේසර් පවුලට සමාජයේ හොඳ තැනක් තියෙනවා. ඒවගේමයි ග්‍රේස්ගේ තාත්තත් ඒ නගරයේම ඉන්න බොහොම ධනවත් චරිතයක් කියලා අපි දැක්කනේ. ඉතින් කතාව පටන් ගැන්මෙන්ම පෙන්නන්නේ හෙන්‍රිගේ පාසල උනු, රියර්ඩන් ස්කෝලේ තියෙන වෙන්දේසියක් ගැන. මේකට බැහැලම වැඩ කරන්නේ ළමයින්ගේ අම්මලා ටික තමා. අන්න එතන තියෙන රැස්වීමකට එනවා එලේනා ඇල්වෙස් කියන බොහොම සුරූපී ළමයි දෙන්නෙක් එහෙම ඉන්න අම්මා කෙනෙක්. අවස්ථා කිහිපයකදීම වගේ එලේනා ඇල්වෙස්ට, ග්‍රේස්ව මුණගැහෙනවා. වෙන්දේසියට කලින් තියෙන රැස්වීමේදී, ජිම් එකේදී, වෙන්ද්දෙසිය දවසේදී වගේ අවස්ථා මතක ඇතිනේ. වෙන්දේසිය දවසෙනම් එලේනා කලකිරීමකින් ඉන්නේ කියලත් කියනවනේ. කොහොමහරි මේ වෙන්දේසිය අතරමැද්දෙදිම ග්‍රේස්ගේ මහත්තයා වෙච්ච ජොනතන්ට පිළිකා සම්බන්ධ සමුළුවකට යන්න වෙනවනේ ක්ලීව්ලන්ඩ් වලට. ඊටපස්සේ ඔයාලා දකින්න ඇති එලේනා ඇල්වෙස්ව අමානුෂික විදියට ගහලා මරලා දාලා තියෙනවා, එයාගෙම ස්ටූඩියෝ එකේදී. අන්තිමට ඔය සිද්දිය සම්බන්ධයෙන් පාසල, ගමේ අය හැමෝම කලබල වෙන අතරේ පොලිසියත් මේ ගැන හොයන්න පටන් ගන්නවා. කතාව අවසානයේදී දකින්න ඇති ග්‍රේස් මේ ගැන ජොනතන්ට කියන්න හදද්දී එයාව සම්බන්ධ කරගන්න බැරි වෙනවා. කොටින්ම කිව්වොත් ග්‍රේස් කීව්ලන්ඩ් වල තියෙන, ජොනතන් නැවතිලා ඇති කියලා හිතෙන හෝටලයකටම කතා කරලා බලනවා. ඒත් ඔහුව සම්බන්ධ කරගන්න බැරි වෙනවා.

ඉතින් දැන් තියෙන ප්‍රශ්න තමා කෝ මේ ජොනතන් ෆ්‍රේසර්? එකපාර අතුරුදහන් උනාවත්ද? එලේනා ඇල්වෙස්ගේ මරණයට පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයා සම්බන්ධයිද? ඔය ප්‍රශ්න ටිකට විසඳුම් නම් මේ කතාංගයෙන් ලැබෙයි. එහෙනම් ඊගාව කොටසින් හම්බවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,299 downloadsDownload The-Undoing-S01-E02.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “A.R” සහෝදරයාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2021-02-15
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles by

A.R

Subtitles

2,299 downloadsDownload Subtitles26 KB

10 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  3. Anonymous

    උපසිරැසියට ස්තූතියි!!!....

  4. Suranjan

    Thanks jayawewa......!

  5. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට

  6. Anonymous

    ela

  7. Malaka prasad

    thnq bro.....

  8. A R

    අදහස් වලට ස්තූතියි

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Anonymous

    Thnx for sub ...❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.