The Vampire Diaries S03 Sinhala Subtitles සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් අඩවියට. වැම්පයර් දිනපොතේ ඊළඟ පිටුව පෙරළන්න තමා මේ ලෑස්තිය. හැමදෙනාම පෙර කතාංගය නරඹන්න ඇති කියලා හිතනවා. ක්ලවුස්ගේ දෙමුහුම් අය ඇතිකිරීමේ සැලැස්ම අසාර්ථක වීමට හේතුව හොයාගන්න හිතාගෙන ස්ටෙෆන් ක්ලවුස් දෙදෙනා චිකාගෝ වලට ආවානේ. ඉතින්…

සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් අඩවියට. වැම්පයර් දිනපොතේ ඊළඟ පිටුව පෙරළන්න තමා මේ ලෑස්තිය. හැමදෙනාම පෙර කතාංගය නරඹන්න ඇති කියලා හිතනවා. ක්ලවුස්ගේ දෙමුහුම් අය ඇතිකිරීමේ සැලැස්ම අසාර්ථක වීමට හේතුව හොයාගන්න හිතාගෙන ස්ටෙෆන් ක්ලවුස් දෙදෙනා චිකාගෝ වලට ආවානේ. ඉතින් චිකාගෝ වලදි මේ කතාංගය පිවිසුණේ කවුරුත් නොසිතූ මාවතකට. 1920 දී ක්ලවුස්ව ස්ටෙෆන් දැනගෙන ඉඳලා තියෙනවා. ඒ් විතරක් නම් මදැයි. ක්ලවුස්ගේ සහෝදරිය එක්ක පුංචි හාදකමකුත් ස්ටෙෆන්ට තිබිලා තිබුණා. දෙමුහුම් සැලැස්ම අසාර්ථක වෙන්න හේතුවත් ස්ටෙෆන් නම් හරි ආකාරවම දන්නවා. ඒ තමයි එලීනා තවමත් ජීවතුන් අතර හිඳින එක. ඉතින් ක්ලවුස්ගේ මන්ත්‍රකාරිය සැලැස්ම අසාර්ථක වීමට හේතුව හොයාගන්න ක්ලවුස්ගේ සොහොයුරියගේ මාලය ඉල්ලනවා. ඉතින් මේ මාලය තමයි වැම්පයර් ඩයරීස් කතාමාලාවේ ආරම්බයේ දීම ස්ටෙෆන් ඒලීනාට තෑගි කලේ. පෙර කොටස අමතක අය වෙනුවෙන් තමයි මම පෙර කොටස ටිකක් මතක් කලේ.ඉතින් මෙතැන් සිට තමයි අද කොටස දිගහැරෙන්නේ.
ඉතින් අද කොටස ගැන සඳහන් කලොත්, ක්ලවුස්ගේ සොහොයුරියගේ අවදි වීමත් එක්ක ස්ටෙෆන්ට අමතක වී තිබුණු මතකය ආපහු ලබා දීමට ක්ලවුස් කටයුතු කලා. රෙබේකා අවදි උනත් මන්ත්‍රකාරිට අවශ්‍ය දේ නම් ඇය සතුව නැති සේයාවක් තමා පෙණුනේ. ඉතින් මේ ප්‍රශ්නෙට විසඳුමක් ලෙස ග්ලෝරියා විසින් රෙබේකාව භාවිත කරලා මාලය තිබෙන තැන හොයන්න උත්සාහ දරනවා. වර්තමානයේ මාලය තිබෙන තැන ගැන පැහැදිලි සිතුවමක් ග්ලෝරියාට ලැබුණත් ඇය ඒක හෙළිකරන්න යම් මැලි කමක් දක්වන බවක් පේණවා. ඒ්වගේම පසුගිය කතාංගයේ අපි දුටුවා කැතරින් චිකාගෝ බලා පිටත් වූ බව. චිකාගෝ වලට ආපු කැතරින්ට, ස්ටෙෆන්ව හමුවෙනවා. ස්ටෆෙන් යම් යටි අරමුණක් හිතේ දරාගෙන ක්ලවුස්ට හිතවත්වී කටයුතු කරන බව කැතරින් දැනගන්නවා. ස්ටෙෆන්ගේ අරමුණ මොකක්ද? ඉතින් ඒ අන්තයේ දේවල් මේ ආකාරයට සිදුවෙන අතර අනෙක් අන්තයේ, එනම් මිස්ටික් ෆෝල්ස් වලත් යම් සිදුවීම වගයක් වෙනවා. නිවාඩුවක් ගත කරන්න නගරයෙන් පිට ගිහින් හිටපු බොනී ආපහු මිස්ටික් ෆෝල්ස් වලට එනවා. ඒවගේම ජෙරමිගේ මියගිය පෙම්වතියන් දෙදෙනාත් නැවත ජෙරමිගේ දෑස මානයට ඇවිත් තිබෙනවා. ඒ හැමදේම අස්සේ ඩේමන්, එලීනා දෙදෙනා පෙරට වඩා තරමක් ළඟින් ඇසුරු කරන බවට ඔවුන් ළඟින් ඇසුරු කරන අනිත් යාලුවන්ට පෙනී යනවා. ඒ අය නම් මේ සිදුවීමට යන දේ ගැන වැඩි මනාපයක් නෑ. විශේෂයෙන්ම රික්. ඉතින් මොකද හිතන්නේ? රික් ඩේමන් දෙදෙනා නැවතත් අමනාප වේවිද? ඒක දැනගන්න නම් කතාංගය බලන්නම වෙනවා.
මෙම කතාංගය නරඹන්න ආරාධනා කරන ගමන්ම, ඉදිරි කොටසින් හමුවීමේ බලාපොරොත්තුවෙන් මම මෙතැනින් නවතිනවා.
හැමෝටම සුභ දවසක්! ජය වේවා!
කතාංගයේ නම – Disturbing Behavior
විකාෂය වූ දිනය – ඔක්තෝබර් 6, 2011
The Vampire Diaries S03 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
230 downloadsDownload The-Vampire-Diaries-S03E04-Sinhala-Subtitles.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “විහඟ පියුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2018-03-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
විහඟ පියුමාල්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries S03 Sinhala Subtitles
- #The Vampire Diaries Season 2 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #විහඟ පියුමාල්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


