The Vampire Diaries S03 Sinhala Subtitles මිස්ටික් ෆෝල්ස් උසස් විද්‍යාලයේ සිසුන්ගේ සම්ප්‍රදායික “Prank Night” දවසේ තමයි මේ කතාව සිද්ධ වෙන්නේ. හැමෝම සාමාන්‍ය විදියට සතුටින් ඉන්න උත්සාහ කළත්, නොසිතූ මොහොතක මුළු නගරයම හොල්ලන භයානක සිදුවීමක් සිද්ධ වෙනවා. තමන්ගේ සැලසුම් වැරදුණු හේතුව සහ සැබෑ රහස දැනගත්ත…

මිස්ටික් ෆෝල්ස් උසස් විද්‍යාලයේ සිසුන්ගේ සම්ප්‍රදායික “Prank Night” දවසේ තමයි මේ කතාව සිද්ධ වෙන්නේ. හැමෝම සාමාන්‍ය විදියට සතුටින් ඉන්න උත්සාහ කළත්, නොසිතූ මොහොතක මුළු නගරයම හොල්ලන භයානක සිදුවීමක් සිද්ධ වෙනවා.
තමන්ගේ සැලසුම් වැරදුණු හේතුව සහ සැබෑ රහස දැනගත්තු ක්ලවුස් , ස්ටෙෆන්වත් එක්කගෙන ආපහු මිස්ටික් ෆෝල්ස් නගරයට කඩා වදිනවා. මෙතෙක් කල් හැංගිලා තිබුණු ලොකුම රහසක් ක්ලවුස් දැනගන්න ලැබීමත් එක්ක එලේනා ඇතුළු හැමෝගේම ජීවිත අතිශය දරුණු අනතුරකට ලක් වෙනවා.
ක්ලවුස් විසින් ස්ටෙෆන්ට සහ එලේනාට ඉතාමත් අමානුෂික සහ දරුණු කොන්දේසියක් පනවනවා. ස්ටෙෆන්ට තමන්ගේ ආදරය සහ ක්ලවුස්ගේ අණ කිරීම් අතර දරුණු මානසික සටනක නිරත වෙන්න සිද්ධ වෙනවා.
ජෙරමි හරහා ආත්මයන් සම්බන්ධ කරගන්න දරන උත්සාහය මේ කොටසේදී තවත් දුරදිග යනවා. ක්ලවුස්ගේ බලපෑමෙන් බේරෙන්න අලුත් මඟක් හොයන බොනී සහ යාළුවන්ට උදව් කරන්න, මැට් තමන්ගේ ජීවිතය පවා පරදුවට තබා ඉතාමත් අවදානම් සහගත තීරණයක් ගන්නවා.
පාසලේ රැඳී සිටින කැරොලයින් සහ ටයිලර්ටත් ක්ලවුස්ගේ සහ ඔහුගේ සගයන්ගේ දරුණු ග්‍රහණයට අහුවෙන්න සිද්ධ වෙනවා. ටයිලර්ගේ ජීවිතය සම්පූර්ණයෙන්ම වෙනස් කරන සිදුවීමක් මේ රාත්‍රියේදී සිද්ධ වෙනවා.
ක්ලවුස්ගේ දරුණු සැලසුම මොකක්ද? ස්ටෙෆන්ට මොකද වෙන්නේ? මේ හැමදේම දැනගන්න නම් 5වෙනි කොටස බලන්නම වෙනවා,
6 වෙනි කොටසින් හමුවෙමු…….
The Vampire Diaries S03 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
216 downloadsDownload The-Vampire-Diaries-S03E05-Sinhala-Subtitles.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තරිදු දිසානායක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2026-03-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
තරිදු දිසානායක
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries S03 Sinhala Subtitles
- #The Vampire Diaries Season 2 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #තරිදු දිසානායක
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Advertisement


