The Vampire Diaries S03 Sinhala Subtitles අද ඉඳන් ඔයාලට සබ් එක හම්බවෙන්නේ මගෙන්. පුළුවන් තරම් උත්සාහ කරනවා කලින් කොටස් වල ඌරුව එහෙමම තියාගන්න. අඩුපාඩු තිබ්බොත් අනිවා කියන්න. හොඳයි දැන් පෙර කොටස් වලදී ඔයාලා දකින්න ඇති සැල්වටෝර් සහෝදරයෝ ක්ලවුස් ව නවත්තන්න ගන්න උත්සාහයන් ගැන. එයාගේ වටිනා කියන පවුලේ මි…

අද ඉඳන් ඔයාලට සබ් එක හම්බවෙන්නේ මගෙන්. පුළුවන් තරම් උත්සාහ කරනවා කලින් කොටස් වල ඌරුව එහෙමම තියාගන්න. අඩුපාඩු තිබ්බොත් අනිවා කියන්න.
හොඳයි දැන් පෙර කොටස් වලදී ඔයාලා දකින්න ඇති සැල්වටෝර් සහෝදරයෝ ක්ලවුස් ව නවත්තන්න ගන්න උත්සාහයන් ගැන. එයාගේ වටිනා කියන පවුලේ මිනීපෙට්ටි සේරම ස්ටෙෆාන් ඉස්සුවා. උස්සලා මායාකාරියන්ගේ උදව්වෙන් හංගලා තිබ්බා. එයින් එකක් ඇරෙන්න අනිත් සේරම ඇරලා බලන්න එයාලට පුළුවන් උනා. එතකොට හතර වෙනි එකේ ඉන්නේ කවුද කියලා තවමත් හොයාගෙන නෑ. මෙන්න මේ මිනීපෙට්ටි ගැන තර්ජනය කරලා බ්ලැක්මේල් කරලා තමයි ස්ටෙෆාන් ක්ලවුස් ව නවත්තන්න හදන්නේ. ඉතින් ක්ලවුස් කියන්නේ කවුද කියලා අපි හැමෝම දන්නවනේ. මිනිහට බොලේ බස්සන්න ලේසි පාසු කෙනෙක්ට බෑ. කවුරු මොනවා කරන්න හැදුවත්, මිනිහා හැම වෙලේම පියවර ගානක් ඊට ඉස්සරහින් හැමවෙලේම ඉන්නවා. මේ වතාවේ ඉතින් ක්ලවුස් මොනවා කරාවිද?
අද ස්ටෙෆාන් බොනී ගෙන් උදව් ඉල්ලනවා හතර වෙනි පෙට්ටියේ අබිරහස විසදාගන්න. ඒ වෙනුවෙන් බෝනීට සිද්ධ වෙනවා සෑහෙන්න කාලෙකට කලින් එයාට මග හැරුන කෙනෙක් හොයාගෙන ගිහින් එයාගෙන් උදව් ගන්න. එයා හොයාගන්න බොනීට උදව් වෙන්නේ එයා දකින හීන වගයක්. ඒකට උදව්වට එලේනාත් යනවා. හැබැයි ස්ටෙෆාන්ට හොරෙන්. ඒ ගමනත් හොඳ කරදර වගේකට තමයි ඔලුව දාන්නේ. ටයිලර් සහ කැරොලයින් අතරේ දේවල් ටිකක් අවුල් වුනා පහුගිය කොටසේ. කැරොලයින් මැරෙන්නත් ගියා මතක ඇති. ඒකට සමාව ගන්න නොහිතපු දෙයක් අද ටයිලර් කරනවා. ඒක කැරොලයින්ට ලොකු පුදුමයක් වගේම සතුටක් ගෙනේවි. ඒ වගේම ගැති බන්ධනයෙන් මිදෙන්න ටයිලර් ගන්නා උත්සාහය ඉවර වෙන්නේ ටිකක් විතර අවුල් ජාලයකින්. ඒ ගැනත් වෙනම කතාවක් ඔයාලට තියේවි.
රික් ගැන කිව්වොත්, එයා මෙරඩිත්ට කැමති වග පේනවා. හැබැයි 100%ක් විශ්වාස කරන්නේ නෑ වගෙයි. ඒ ගැන එයා හොයා බලද්දී ඩේමන් වැඩේට බලෙන් එක්කහු වෙනවා. එකෙන් එයා ලොකු විස්තර ටිකක් හොයාගන්නවා වගේම හොඳ පාඩමකුත් ඉගෙනගන්නවා. ආයෙත් ක්ලවුස්ගේ පැත්තට හැරුනොත් කට්ටිය හිතන් ඉන්නවට වඩා එයා ඉස්සරහින් ඉන්න වග පෙනේවි. මායාකාරියෝ කියන්නේ බොහොම බලවත් අය වගේම වැම්පයර්ලා වුනත් එයාලට බයයි. ඒත් ක්ලවුස් කියන්නේ ලේසි පාසු කෙනෙක් නෙවෙයි.
ඉතින් තවත් මේ ගැන ස්පොයිල් නොකර ඔයාලටම කතාව රසවිඳින්න ඉඩ දෙන්නම්. ඊලග කොටසින් හමුවෙමු.
The Vampire Diaries S03 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
171 downloadsDownload The-Vampire-Diaries-S03E12-Sinhala-Subtitles.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
මාලින්ද පිටිගල
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries S03 Sinhala Subtitles
- #The Vampire Diaries Season 2 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #මාලින්ද පිටිගල
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


