Watch Trailer

Reacher [S01 : E04] Sinhala Subtitles | නොහිතපු පාඩුවක් [සිංහල උපසිරසි]

Reacher season 01 Sinhala Subtitles ඔන්න එහෙනම් හැමෝම මේ එකතු වෙන්නෙ රීචර් හතර වෙනි කතාංගයත් එක්ක. පලමු කොටස් ත්‍රිත්වය බලන්න ඇතිනේ කට්ටියටම. එහෙනම් වැඩි කතාවක් නැතුව, කලින් කොටස මතක් කරගෙනම අද කොටස බලමු. පෙර කොටසින්, රිචර් සමඟින් නැවත උදෑසනම තමන්ගෙ නවාතැන කරා පැමිණෙන රොස්කෝ දකිනවා යම් පිරිසක් තමන්…

Reacher season 01 Sinhala Subtitles

ඔන්න එහෙනම් හැමෝම මේ එකතු වෙන්නෙ රීචර් හතර වෙනි කතාංගයත් එක්ක. පලමු කොටස් ත්‍රිත්වය බලන්න ඇතිනේ කට්ටියටම. එහෙනම් වැඩි කතාවක් නැතුව, කලින් කොටස මතක් කරගෙනම අද කොටස බලමු.

 

පෙර කොටසින්,

රිචර් සමඟින් නැවත උදෑසනම තමන්ගෙ නවාතැන කරා පැමිණෙන රොස්කෝ දකිනවා යම් පිරිසක් තමන්ගේ නිවස ආක්‍රමනය කර තිබෙනවා. මෙයට කෝපයට පත්වෙන රොස්කෝ අවසානයේ රීචර් මුල සිටම ඉල්ලූ පරිදි ඔහුට තුවක්කුවක් දීමට තීරණය කරනවා. හදිසීයේ පැමිණෙන කෙටි පණිවිඩ්ය ඔස්සේ රොස්කෝ හා රීචර් වහාම මෝචරිය වෙත පිටත්ව යනවා. එහිදී ජෝගේ මළ සිරුරත් සමඟම හමුවූ අනෙකා පීට් ජොබ්ලින් යනුවෙන් හඳුනාගෙන තිබෙනවා. ඔහුගේ විස්තර හමුවේ විස්තර සොයා පිටව යාමට සැරසෙද්ඩි මොවුන් හට රහස් ඔත්තු සේවයේ මොලී බෙත් ගෝඩන්ගෙන් දුරකථන ඇමතුමක් ලැබෙනවා.

 

ඇය ජෝ සමඟම සමීපව කටයුතු කර අයෙක් බව ද ඇය පවසනවා. ජෝ කළ විමර්ෂනයේ ලිපිගොනු පිටපත් කර ගෙනත් දීමට රීචර් ඇයගෙන් ඉල්ලිමක් කරනවා. පසුව සාමාන්‍යය අන්දමින් රොස්කෝ තම රාජකාරියට වාර්තා කරද්දි ෆින්ලේ හා රීචර් සමඟින් ක්ලයිනර්ව හමු වීමට යනවා. එතනදී ඇතිවන බහින් බස් වීමත් එක්ක ඔවුන් එතනින් පිටවෙනවා. පසුව රීචර් ස්පයිවීගෙන් විස්තර දැනගැනීමට බ්ලූ කැට් එක වෙත යනවා. ඒ අතරතුර ඔහුගේ පසුපසින් තිදෙනෙක් පැමිණෙනවා, සූක්ෂමව කල්පනා කරන රීචර් පෙරමුණ ගනිමින් තමන්ව ඝාතනය කිරීමට පැමිණි තිදෙනාව ඝාතනය කරනවා”

S01.E04 – In a Tree

Rating – 8.2/10

Release Date – Friday 4, Feb, 2022

Next Episode – No Apologies

හැමෝටම සුභ දවසක්, ජයවේවා!!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,022 downloadsDownload Reacher-S01E04-sinhala-subtitles.zip56 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Next BT1All BT1Previous BT1

 

Reacher s01 Sinhala Subtitles

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

1,022 downloadsDownload Subtitles56 KB

1 comment

  1. Sandaru Nimsara

    Thanks bro next ekth ikmnt danna❤️