The Vampire Diaries S03 Sinhala Subtitles කලින් කොටස බැලුවනේ? එස්තර් සහ ෆින් වැඩේ හබක් කරගෙන පැනගත්තා. එලේනා බේරගන්න ඕනි නිසා ස්ටෙෆාන් සහ ඩේමන් අකමැත්තෙන් වුනත් ඔරිජිනල් අයට සහය වුනා. ඇබී වැම්පයර් කෙනෙක් වුනා. මෙරඩිත් තමයි දැනට පේන විදියට ඝාතකයා. හැබැයි හරියටම තහවුරු වුනේ නැහැනේ. ඒ නිසා ගෙස් කරන්න…

කලින් කොටස බැලුවනේ? එස්තර් සහ ෆින් වැඩේ හබක් කරගෙන පැනගත්තා. එලේනා බේරගන්න ඕනි නිසා ස්ටෙෆාන් සහ ඩේමන් අකමැත්තෙන් වුනත් ඔරිජිනල් අයට සහය වුනා. ඇබී වැම්පයර් කෙනෙක් වුනා. මෙරඩිත් තමයි දැනට පේන විදියට ඝාතකයා. හැබැයි හරියටම තහවුරු වුනේ නැහැනේ. ඒ නිසා ගෙස් කරන්න ඉක්මන් වෙන්න එපා. මේ අස්සේ ඇලාරික් වැටෙන්නේ අලි අවුලක. මෙරඩිත් එයාව මිනීමැරුම් වලට පටවලා හිරගත කරවනවා. ඩේමන් එයාට උදවු කරන්න උත්සාහ කලත් ෂෙරිෆ් ෆෝබ්ස් කැමති නෑ ඒකට. එයා ඩේමන්ට කියනවා අහකට වෙලා ඉන්න කියලා. හැබැයි ඉතින් පොර නිකන් ඉඳීවි මෙන්න කියලා. අපි නොදන්නා ඩේමන්.
එලේනා විශ්වාස කරන්නේ නෑ ඇලාරික් එහෙම කෙනෙක් කියලා. මෙරදීත් හමුවෙලා කතාවෙන් බේරගන්න උත්සාහ කරලා ඉන් පස්සේ මැට් එක්කහු කරගෙන මෙරඩිත්ගේ ගේ අස්සට රිංගනවා ඇලාරික් නිදොස් කරන්න සාක්ෂි හොයා හොයා. එහෙම කරන්න ගිහින් ඒ දෙන්නත් හොඳ කොක්කක් පටලා ගන්නවා වගේම නොහිතුව විදියක සාක්ෂි වගයකුත් හොයාගන්නවා.
අද විශේෂයෙන්ම පෙන්නනවා ඩේමන් සහ ස්ටෙෆාන්ගේ අතීතයෙන් කොටසක්. ඒ 1912 අවුරුද්දේ එයාලගේ සහෝදර බැඳීමට, වර්තමානයේ සිද්ධ වෙන දාම මිනීමැරුම් වලට ගොඩක්ම වැදගත් කොටස්. ඒ වගේම හඳුනාගන්න ලැබේවි ලස්සන පරණ වැම්පයර් කෙනෙකුත්. එයත් කතාවේ ඉදිරි කොටස් වලට ලොකු දායකත්වයක් දෙයි. කතාවක් හියෙනවනේ ඉතිහාසය නැවත නැවත සිදුවෙනවා කියලා. ඒ විදියටම වර්තමානයේ සිදුවෙන මිනීමැරුම් පවා අතීතයේත් ඒ විධිහටම සිදුවෙලා තියෙනවා අබිරහස් මිනීමරුවෙක් අතින්. හැබැයි අද දවසේ මේ අබිරහස විසඳිලා හැබෑ මිනීමරුවා ඇත්තටම කවුද කියන එක ගැන අදහසක් ඔයාලට ලැබේවි.
අද දවසේ කතාවට IMDB අගය 10න් 8ක් ලැබිලා තියෙනවා. ඒ ප්‍රේක්ෂක මනාපය ඔබටත් පොදු වෙයි කියලා මම හිතනවා. අද කතාව රස විඳින්න. ඊළඟ කොටසින් හමුවෙමු.
The Vampire Diaries S03 Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.
194 downloadsDownload The-Vampire-Diaries-S03E16-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මාලින්ද පිටිගල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-07-30
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
මාලින්ද පිටිගල
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Vampire Diaries S03 Sinhala Subtitles
- #The Vampire Diaries Season 2 Sinhala Subtitles
- #The Vampire Diaries Sinhala Sub
- #The Vampire Diaries Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #මාලින්ද පිටිගල
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
0 comments
No comments yet.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


