Senna S01 Sinhala Subtitles “වේලාව සවස 3.00 යි. මේ මොනාකෝ වැසිබර අහස යට, ධාවන පථය පුරා අධික ලෙස වැසි ඇද හැලෙමින් පවතින මොහොතක්. ටයර් සහ තාර පාර ගැටෙන දරුණු හඬ මැද, ඇඟ කිලිපොලා යන වේගයකින්, මීදුම සහ වතුර පාරවල් මකාගෙන ඉදිරියට ඇදෙන ඒ කහ පාට හෙල්මට් එක…කවුද මේ ක්‍රීඩකයා” ඔන්න ඉතින් මං අරන් ආවේ senna […

“වේලාව සවස 3.00 යි. මේ මොනාකෝ වැසිබර අහස යට, ධාවන පථය පුරා අධික ලෙස වැසි ඇද හැලෙමින් පවතින මොහොතක්. ටයර් සහ තාර පාර ගැටෙන දරුණු හඬ මැද, ඇඟ කිලිපොලා යන වේගයකින්, මීදුම සහ වතුර පාරවල් මකාගෙන ඉදිරියට ඇදෙන ඒ කහ පාට හෙල්මට් එක…කවුද මේ ක්‍රීඩකයා”

ඔන්න ඉතින් මං අරන් ආවේ senna 2024 mini series එක. කවුද මේ ayrton senna කියන්නේ, ඇයි මේ මනුස්සයා මුළු ලෝකයටම මෙච්චර සුවිශේෂී වුණේ සහ බ්‍රසීලියානුවන් ඔහුව දේවත්වයෙන් ඇදහුවේ ඇයි කියලා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනේ.
Ayrton Senna උපදින්නේ බ්‍රසීලයේ සල්ලිකාර පවුලක වුණත්, එයාට කුඩා කාලයේ ඉඳන්ම තිබුණේ වේගයත් එක්ක සෙල්ලම් කරන්න පුදුම ආසාවක්. අවුරුදු 4 දී එයාගේ තාත්තා හදලා දීපු පුංචි “Go-Kart” එකකින් තමයි සේනා මේ ගමන පටන් ගන්නේ.

අවුරුදු 13 දී නිල වශයෙන් කාර්ටින් රේස් පදවන්න ගත්ත සේනා, බ්‍රසීලයේ සහ දකුණු ඇමරිකාවේ ශූරතාවල දිනාගෙන, ඊටපස්සේ තනිවම එංගලන්තයට එන්නේ තමන්ගේ Formula 1 හීනය හැබෑ කරගන්නයි.
කනිෂ්ඨ තරඟාවලි එක දිගටම දිනලා, 1984 දී “Toleman” කියන පොඩි ටීම් එකෙන් තමයි සේනා F1 ලෝකෙට පය ගහන්නේ. එතනින් Lotus ටීම් එකට ගිහින් තමන්ගේ පළමු දිනුම් වාර්තා කරපු සේනා, 1988 දී “McLaren” කණ්ඩායමට එකතු වෙනවා. එතැන් පටන් 1988, 1990 සහ 1991 කියන වර්ෂයන්හි ත්‍රිත්ව ලෝක ශූරයෙක් (3-Time World Champion) වෙමින් සේනා මෝටර් රථ ධාවන ඉතිහාසය තමන්ගේ නමට ලියාගන්න සමත් වුණා.

1980 දශකයේ අගභාගයේ බ්‍රසීලය කියන්නේ පාලනය කරගන්න බැරි තරම් ආර්ථික පරිහානියක්, දේශපාලන දූෂණ සහ දරුණු දුප්පත්කමකින් බැටකාපු රටක්. මිනිස්සුන්ට තමන්ගේ ආණ්ඩුව, පාලකයෝ සම්පූර්ණයෙන්ම එපා වෙලා තිබුණේ. රට ගැන කිසිම බලාපොරොත්තුවක් නැතිව, ලැජ්ජාවෙන් සහ බයෙන් ජීවත් වුණු බ්‍රසීලියානුවන්ට හැම ඉරිදාවකම ටීවී එක ඉස්සරහට ඇවිත් සැනසීමක් ලබන්න පුළුවන් වුණේ එකම එක මිනිහෙක් හින්දා.
ඒ තමයි සේනා! මුළු ලෝකයම ඉස්සරහා, ධනවත් යුරෝපීය රටවල් පරද්දලා සේනා පළමුවැනියා වෙලා තමන්ගේ Cockpit එක ඇතුලෙන් බ්‍රසීල කොඩිය අරන් ඉහළට ඔසවනකොට, ඒක නිකම්ම ජයග්‍රහණයක් නෙවෙයි. ඒකෙන් මුළු බ්‍රසීලයටම ලැබුණේ පුදුමාකාර අභිමානයක් සහ ජීවත් වෙන්න අලුත් බලාපොරොත්තුවක්. ඉතින් බ්‍රසීලියානු මිනිසුන් සෙනාව දෙවත්වයෙන් මෙන් අදහන්න ගත්තා.
ඉතින් පළවෙනි එපිසොඩ් එක ගැන කිව්වොත්, මේක පටන් ගන්නේ සේනා තමන්ගේ මව් රට වෙන බ්‍රසීලයේ Karting රේස් පදවලා දක්ෂතා පෙන්වන කාලෙන්. හැබැයි එයාගේ හිතේ තිබුණේ F1 හීනයක්. ඒක හැබෑ කරගන්න සේනා තමන්ගේ පවුලත්, අලුත බැඳපු බිරිඳ ලිලියන්වත් එක්කන් එංගලන්තයට යනවා “Formula Ford” තරඟාවලියට එකතු වෙන්න. එහේදී සේනාට ලේසි වෙන්නේ නැහැ. බ්‍රිතාන්‍ය වැසියන්ගෙන් වගේම FIA එකේ ප්‍රධානී Jean-Marie Balestre ගෙන් සේනාට ලොකු කැපිල්ලක් එනවා. හැබැයි ඒ හැම බාධකයක්ම කුඩු කරලා තමන්ගේ සුපිරි වේගය පෙන්වලා සේනා Formula Ford චැම්පියන්ෂිප් එක දිනනවා!
හැබැයි ඒ දිනුමට පස්සේ බිරිඳට වුණු පොරොන්දුව නිසා සේනා ආයෙත් බ්‍රසීලයට ඇවිත් තාත්තගේ බිස්නස් බලාගන්න සෙට් වෙනවා. ඒත් රේසිං කාරයෙක්ට ට්‍රැක් එකෙන් අයින් වෙලා ඉන්න පුළුවන්ද? බ්‍රසීලයේ ඉන්නකොට සේනා දකිනවා එයාගේ රටේම Nelson Piquet 1981 F1 ලෝක ශූරතාවය දිනනවා. ඒක දැක්කම සේනාගේ ඇඟේ ලේ රත් වෙනවා. තමන්ගේ නියම සතුට තියෙන්නේ රේස් ට්‍රැක් එකේ කියලා තේරුම් ගන්න සේනා, තමන්ගේ විවාහ ජීවිතය පවා පරදුවට තබා ආයෙත් යුරෝපයට යන්න තීරණය කරනවා. ඔන්න ඔහොමයි සේනාගේ සැබෑ F1 ගමනට අඩිතාලම වැටෙන්නේ!.
ඉතින් මේ කතාවේ ඉතුරි ටික ඊළඟ එපිසොඩ් 2 එකෙන් කියන්නම්. එහෙනම් නැවත හමුවෙනතුරු ඔබට ජය!!!
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
332 downloadsDownload Senna-S01E01.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-11-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Senna S01 Sinhala Subtitles
From S04 Sinhala Subtitles
Subtitles by
දමිදු චතුෂාන් ලියනගේ (දම්මා)
Subtitles
3 comments
විමා - Admin
Buddhika laKMal
මේ සිරිස්එකට සබ් දෙන්න පටං ගත්තට තෑන්ක්ස් මචං
Sandaru Nimsara
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සබ් දෙයි කියල හිතුවෙම නැති සිරිස් එකක්. මරු ආ...