Watch Trailer

Reacher [S01 : E06] Sinhala Subtitles | පටලැවිල්ල ලිහා ගැනීම [සිංහල උපසිරසි]

Reacher season 01 Sinhala Subtitles පෙර කොටසින්, ” ඔවුන් මොලී බෙත්ගේ ඝාතනයෙන් පසු එතනින් පිට වනවා. ඉන්පසු රීචර් කෙලින්ම ගොඩ වෙන්නෙ හබල්ගේ නිවසටයි. ඒ කලින් වාහනයට වෙඩි වැදුණු නිසාවෙන්, හබල්ගේ ගෙදරින් අලුත් වාහනයක් ලබාගැනීමට. ඉතින් හබල්ගේ ගෙදර ඇති බෙන්ට්ලියත් අරගෙන කෙලින්ම රීචර් පැමිණෙන්නෙ පොලිස් ස්ට…

Reacher season 01 Sinhala Subtitles

පෙර කොටසින්,

” ඔවුන් මොලී බෙත්ගේ ඝාතනයෙන් පසු එතනින් පිට වනවා. ඉන්පසු රීචර් කෙලින්ම ගොඩ වෙන්නෙ හබල්ගේ නිවසටයි. ඒ කලින් වාහනයට වෙඩි වැදුණු නිසාවෙන්, හබල්ගේ ගෙදරින් අලුත් වාහනයක් ලබාගැනීමට. ඉතින් හබල්ගේ ගෙදර ඇති බෙන්ට්ලියත් අරගෙන කෙලින්ම රීචර් පැමිණෙන්නෙ පොලිස් ස්ටේෂන් එකට. එතනදි රොස්කෝගෙ වාහනයේ ලියා ඇති දේ දැකලා එය ලිව්වේ කේජෙ බව වටහා ගන්නා රීචර් වහාම නැවත කේජෙ සොයාගෙන ඔහු මේ වෙලාවෙ සිටින ආපනශාලවට ඇතුල්වනවා. පොටක් පෑදෙනකන් කේජේ කතාබහේ නිතරවෙන රීචර් එකවරම කේජෙට හා ඔවුන්ගේ මිතුරන් දෙදෙනාටද පහර දෙනවා. රණ්ඩුව දුරදිග යාමට මත්තෙන්, එතනට ක්ලයිනර් සහ රොස්කෝ වගේම ෆින්ලේද පැමිණෙනවා. තමන්ගෙ අණට පිටින් වෙනම විමර්ෂනයක් කළ බවට චීෆ් ටීල්, තමන්ව අස් කර බවද පවසමින් රොස්කෝ හට දුරකථන ඇමතුමක් එනවා. පසුව රීචර්ගේ කලින් කණ්ඩායමේ සාමාජිකාවක් වන නීලී ද රීචර් ඇමතුම ඔස්සෙ ඔහුව හමුවීමට එනවා. තමන්ගේ පියා මෙන් සිටි ග්‍රේගෙ මරණය, සියදිවි නසාගැනීමක් නොව මිනීමැරුමක් බව රොස්කෝ වටහා ගන්නවා. ඉන්පසු ඇය කෙලින්ම පොලිස් ස්ටේෂන් එකට ගොස් ටීල්ට පහර දෙනවා. නීලිගේ උදව් මඟින් තවත් නිලධාරීන් දෙදෙනෙක් ඔස්සෙ රීචර් මේ විමර්ෂනය දිගටම කරගෙන ගියත්, හදිසියේම එහි එක් අයෙක් ඔවුන්ට විරුද්ධ වනවා. රීචර් සහ නීලි එයින් ගැලවෙන අතර ෆින්ලේ තවත් විස්තර හොයාගැනීමේ අරමුණ ඇතුව ක්ලයිනර්ගෙ කාර්යාලට හොරෙන් ඇතුළු වනවා. එහිදි ෆින්ලේට නොහිතපු අන්දමින් ගෙල කපා ඝාතනය කර ඇති ක්ලයිනර්ව දැකගන්නට ලැබෙනවා. “

S01.E06 – Papier

Rating – 8.2/10

Release Date – Friday 4, Feb, 2022

Next Episode – Reacher Said Nothing

හැමෝටම සුභ දවසක්, ජයවේවා!!

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

935 downloadsDownload Reacher-S01-E06-Sinhala-Subtitles.zip28 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2021-09-27

SUB-MAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Next BT1All BT1Previous BT1

 

Reacher s01 Sinhala Subtitles

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

935 downloadsDownload Subtitles28 KB

2 comments

  1. Sandaru Nimsara

    Thanks

  2. Sahan Gayantha

    thanks a lot Rukshan broher sub ekata