The Vampire Diaries S05 Sinhala Subtitles ඔන්න එහෙනම් ඉක්මණින්ම වගේ The Vampire Diaries කතාමාලාවේ අවසාන කොටසත් අරගෙන ආවා. අවසාන කිව්වට අවසානම නෙමේ තව සීසන් 3 ක් ඉතුරු වෙලා තියෙනවා. සීසන් පහේ අවසාන කොටස තමයි මේ රැගෙන ආවේ. එහෙනම් අපි බලමුකෝ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ මාර්කෝ…

The Vampire Diaries S05 Sinhala Subtitles

ඔන්න එහෙනම් ඉක්මණින්ම වගේ The Vampire Diaries කතාමාලාවේ අවසාන කොටසත් අරගෙන ආවා. අවසාන කිව්වට අවසානම නෙමේ තව සීසන් 3 ක් ඉතුරු වෙලා තියෙනවා. සීසන් පහේ අවසාන කොටස තමයි මේ රැගෙන ආවේ. එහෙනම් අපි බලමුකෝ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා.

කලින් කොටසේදී දකින්න ඇතිනෙ මාර්කෝස් කොහොමහරි මිස්ටික් ෆෝල් තමන්ගෙ පාලනයට අරගන්නවා. ඒවගේම තමයි ජීව මායාවත් විනාශ කරලම දානවා. දැන් ටවුම ජීව මායා වලින් නැතිවෙලා. ඒ කියන්නෙ වැම්පයර්ලට එන්න බැහැ, කිසිම මායා වැඩක් බැහැ. ඒවගේම තමයි අන්තිමට දකින්න ඇති ටයිලර් එහෙමත් නැත්තම් එයාගෙ ඇඟ ඇතුළේ ඉන්න කෙනා ස්ටෙෆන්ව මරනවා. ඒත් එයා මරණ්නේ මන්ත්‍රය නවතියි කියල හිතාගෙන හැබැයි එතකොටත් පරක්කු වැඩියි. ඒ හැමදෙයක්ම සිද්ධ වෙලා ඉවරයි. දැන් ස්ටෙෆාන් ඉන්නෙ අනිත් මානයෙ ඩේමන් ගොඩක් තරහින් ඉන්නෙ මේ ගැන. ඉතිං මෙයාලා මේකට විසදුමක් හොයාගන්නවා. හැබැයි ඒක හුගක් බරපතළ දෙයක්. ඒත් ඉතිං  මොන අවධානම හරි ගන්න එපැයි. තමන් ආදරය කරන කට්ටියව ආපහු අරගෙන එන්න. ඒ වගේම තමයි මේ සංක්‍රමණිකයින් ටිකාව මරණ්න සැලැස්මකුත් මෙයාලා ගහනවා. ඒ හැමදේම වගේ අද බලාගන්න පුළුවන්. අවසාන කොටස නිසා මං වැඩිය යමක් පවසන්නේ නැහැ. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ අපිට කලින් සීසන් වලදී දකින්න ලැබුණු කිහිප දෙනෙක් අද හම්බවෙනවා. ඒවගේම අද එයින් කෙනෙක් අද අනිත් මානයෙන් බේරිලා එනවා. එහෙනම් බලන්නකෝ. මීළඟ සීසන් එකෙන් හම්බවෙනකම් හැමෝටම ජය!!

 

 

The Vampire Diaries S05 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි BluRay පිටපත් සඳහා පමණක් අදාළ වේ.

83 downloadsDownload The-Vampire-Diaries-S05E22-Sinhala-Subtitles.zip20 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUB-MAKER RATING BY ADMINS

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles by

රවිඳු රුක්ෂාන්

Subtitles

83 downloadsDownload Subtitles20 KB

0 comments

No comments yet.