Watch Trailer

Stranger Things: Tales from ’85 [S01 : E02] Sinhala Subtitles | බිහිසුණු අස්වැන්න! [සිංහල උපසිරැසි]

Stranger Things: Tales from ’85 S01 Sinhala Subtitles හොඳයි මිත්‍රවරුනි, මේ අද අරගෙන එන්නේ කතා මාලාවේ දෙවැනි කොටසයි. අද කොටසේ වෙන දේවල් අපි බලමු එහෙනම්. අද පළ වන කතාංගය ගැන: දෙවැනි කොටස – “Chapter Two: Bad Harvest” – “බිහිසුණු අස්වැන්න!” අධ්‍යක්ෂක – JJ Conway තිරරචනය – Eric Robles, Chad Quandt මුල්…

Stranger Things: Tales from ’85 S01 Sinhala Subtitles

හොඳයි මිත්‍රවරුනි, මේ අද අරගෙන එන්නේ කතා මාලාවේ දෙවැනි කොටසයි. අද කොටසේ වෙන දේවල් අපි බලමු එහෙනම්. අද පළ වන කතාංගය ගැන:
  • දෙවැනි කොටස –  “Chapter Two: Bad Harvest”  – “බිහිසුණු අස්වැන්න!”
  • අධ්‍යක්ෂක – JJ Conway
  • තිරරචනය – Eric Robles, Chad Quandt
  • මුල්වරට විකාශය කෙරුණු දිනය –  2026 අප්‍රේල් 23
  • IMDb Ratings – 6.5/10

 

පහුගිය කතාවෙ අන්තිමට අපි දැක්කා හිමේදි හමුවුණු අද්භූත සතා ළමුන් කණ්ඩායමට පහරදෙන විදිය. අද කොටස පටන් ගන්නේ එතැනින්. මෙතනදි එල්ට සිදුවෙනවා තමන්ගේ බලය යොදවලා ඒ සතාව මර්ධනය කරන්න. ඒ සතාගෙ බඩ ඇතුලෙ ඉඳලා ඔවුන්ට බේරාගන්න හැකි වන්නේ කාවද? එල්ට අද්භූත බලයක් තියෙන බව නිකී දැනගන්නේ මේ වෙලාවෙ. නිකී ඉල්ලා සිටිනවා මේ අද්භූත සත්වයා සහ එල්ගේ බලය ගැන දන්නා දේ හෙළි කරන ලෙස. නිකීගේ ඉල්ලීම ඉටු වෙයිද? හෝකින්ස් වලට අලුතෙන් ආපු මේ අද්භූත සතා මොකාද? එල් විසින් වසා දමපු අප්සයිඩ් ඩවුන් දොරටුව ළඟට ගියාම එල් තේරුම් ගන්නවා අප්සයිඩ් ඩවුන් වෙත තිබුණු වසා දමපු දොරටුව තවමත් වැසී තියෙන බව. එහෙනම් මේ අද්භූත සත්වයා කොහෙන්ද ආවෙ? මේ පාර මොන ජංජාලයක් වෙයිද? අද කොටසින් බලමු. අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්! දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න! ඔබට තෙරුවන් සරණයි!

 

 

Stranger Things: Tales from ’85 Season 1 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ආදාළ වේ.

67 downloadsDownload Stranger-Things-Tales-from._85-S01E02.zip18 KB

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26

SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි. 

 

 

Next BT1Next BT1

 

Stranger Things: Tales from ’85 Sinhala Subtitles

Subtitles

67 downloadsDownload Subtitles18 KB

0 comments

No comments yet.