The Vampire Diaries S07 Sinhala Subtitles The Vampire Diaries Season 07 Episode 04 ට තමා එහෙනම් මේ සබ් එක අරගෙන ආවේ! සුපුරුදු විදිහට එහෙනම් මම කලින් සිද්දිය මතක් කරලා දෙන්නම් පොඩියට වගේ… බොනීට අර අද්භූත “ෆීනික්ස් ස්ටෝන්” (Phoenix Stone) එකට සම්බන්ධ හරිම බය හිතෙන හීන පේන්න ගන්නවා. මේ අතරේ ඇලරික් මේ…

The Vampire Diaries S07 Sinhala Subtitles

The Vampire Diaries Season 07 Episode 04 ට තමා එහෙනම් මේ සබ් එක අරගෙන ආවේ! සුපුරුදු විදිහට එහෙනම් මම කලින් සිද්දිය මතක් කරලා දෙන්නම් පොඩියට වගේ…

බොනීට අර අද්භූත “ෆීනික්ස් ස්ටෝන්” (Phoenix Stone) එකට සම්බන්ධ හරිම බය හිතෙන හීන පේන්න ගන්නවා. මේ අතරේ ඇලරික් මේ ස්ටෝන් එක කාටත් හොරෙන් හංගගෙන ඉන්නවා. මොකද එයාට තවමත් ජෝව ආයෙත් පණ පිටින් ගේන්න ලොකු වුවමනාවක් තියෙන නිසා. ලිලී මිස්ටික් ෆෝල්ස් (Mystic Falls) වලින් පන්නලා දාපු ඩේමන්, බොනී සහ ඇලරික් එක්ක එකතු වෙලා “මර්ට්ල් බීච්” (Myrtle Beach) වල ඉන්න, අතුරුදහන් වෙච්ච හයවෙනි හැරටික් (heretic) වෙන “ඔස්කාර්“ව හොයන්න යනවා. හැබැයි ඔස්කාර් මේ ෆීනික්ස් ස්ටෝන් එක ගැන ඇත්ත දැනගෙන ඒක හොරකම් කරද්දී මේ වැඩේ ටිකක් භයානක අතකට හැරෙනවා. ඒ වගේම ඒක හොයන්න ලොකු බලවේග පස්සෙන් පන්නනවා කියලා ඔස්කාර් එයාලට අනතුරු අඟවනවා.

මේ අතරතුර, කැරොලයින් සැල්වටෝර් ගෙදර හැරටික්ස්ලට කොටු වෙනවා. එතනදී එයාට ස්ටෙෆන් එක්ක තිබුණු වැලරීගේ අතීතය ගැන ලොකු රහස් දැනගන්න ලැබෙනවා. කතාවේ යන ෆ්ලෑෂ්බෑක් (flashbacks) වලින් අපිට බලාගන්න පුළුවන් 1863 දී ස්ටෙෆන්ගේ පළමු ආදරය වැලරී කියලා. හැබැයි ලිලීගේ නපුරු පෙම්වතා වෙච්ච ජූලියන් නිසා එයාලගේ ආදර කතාව හරිම කණගාටුදායක විදිහට ඉවර වෙනවා. වැලරිට මේ වෙද්දි ස්ටෙෆන්ගේ දරුවෙක් ලැබෙන්න හිටියත්, ජූලියන් එයාට දරුණු විදිහට පහර දෙනවා. ඒ නිසා වැලරීට බබා නැති වෙනවා. මේ දේවල් නිසා අන්තිමේදී වැලරී වැම්පයර්-විච් හයිබ්‍රිඩ් (vampire-witch hybrid) කෙනෙක් වෙලා, ලෝකේ පළමු හැරටික් බවට පත්වෙනවා.

පරණ තුවාල ආයෙත් පෑරෙද්දී, ලිලී තමන් පවුල ගැන ගත්ත තීරණ වැරදිද කියලා හිතන්න ගන්නවා. ඒ වගේම කැරොලයින් ගැන පොඩි අනුකම්පාවක් ඇතිවෙලා ලිලී එයාව බේරලා නිදහස් කරනවා. ස්ටෙෆන් සහ කැරොලයින් දෙන්නා ඊර්ෂ්‍යාව සහ පරණ රිදවීම් එක්ක පොරබදන්න වුණත්, අන්තිමේදී දෙන්නා දෙන්නට තියෙන ආදරේ ආයෙත් තහවුරු කරගන්නවා. පරණ අතීතය අමතක කරලා වර්තමාන ආදරය තෝරගන්න එයාලා තීරණය කරනවා.

කළින් එපිය ඉවර වෙන්නේ ටිකක් ගැස්සිලා යන විදිහකට. වැලරී දැනගන්නවා ඔස්කාර් සෑහෙන කාලෙකට කලින් ජූලියන්ව හොයාගෙන තිබුණා කියලා. ඔස්කාර් ලෑස්ති වෙලා හිටියේ ඒ තොරතුරු පාවිච්චි කරලා තමන්ගේ නිදහස ලබාගන්න. හැබැයි ජූලියන් ආයෙත් එන එක හරිම අනතුරුදායකයි කියලා හිතන වැලරී, ඔස්කාර්ගේ හදවත එළියට ඇදලා දාලා එයාව මරලා දානවා. ඒකෙන් ඔප්පු වෙන්නේ ලිලීගේ බිඳුණු පවුලට සම්බන්ධ හැමෝටම තවමත් ඒ පරණ අතීතය ලොකු තර්ජනයක් කියන එකයි. මේ එපියෙන් ඉස්සරහට වෙන සිද්දිය බලාගන්න එහෙනම්…

 

The Vampire Diaries S07 Sinhala Subtitles

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB DL පිටපත් සඳහා පමණක් අදාළ වේ.

53 downloadsDownload The-Vampire-Diaries-S07E04-Sinhala-Subtitles.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අතුල සංජීව” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2026-02-03
SUB-MAKER RATING BY ADMINS

 

 

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

                                                               Next BT1Next BT1

The Vampire Diaries S05 Sinhala Subtitles

Subtitles by

අතුල සංජීව

Subtitles

53 downloadsDownload Subtitles27 KB

0 comments

No comments yet.