Watch Trailer

The Walking Dead [S09 : 04] Sinhala Subtitles | ඔබත් ගියොත්, හෙටක් තියේවිද? [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! හැමදේම අස්ථාවර වුණු වෙලාවක ඔන්න බයිස්කෝප් අපිනං ස්ථාවරව වෙලාවට කලාවට සබ් එක අරගෙන එනව. ඉතිං ඔන්න ආපු දවසෙම අදත් වැඩේ ගොඩදාල දෙන්න හැකි වුණා. හැබැයි ඉතිං දවසක මාව රස්සාවෙන් එළියට ඇදල දානව බොස් නෝනට වැඩ කරන වෙලාවෙ මේව කරනව අහු වුණොත් නම්. අනිත් කාරණාව තමයි ඊලඟ සතියට විතරක් මට ආපු…

ආයුබෝවන් යාළුවනේ..!

හැමදේම අස්ථාවර වුණු වෙලාවක ඔන්න බයිස්කෝප් අපිනං ස්ථාවරව වෙලාවට කලාවට සබ් එක අරගෙන එනව. ඉතිං ඔන්න ආපු දවසෙම අදත් වැඩේ ගොඩදාල දෙන්න හැකි වුණා. හැබැයි ඉතිං දවසක මාව රස්සාවෙන් එළියට ඇදල දානව බොස් නෝනට වැඩ කරන වෙලාවෙ මේව කරනව අහු වුණොත් නම්. අනිත් කාරණාව තමයි ඊලඟ සතියට විතරක් මට ආපු දවසෙම උපසිරැසිය ලබාදෙන්න හැකිවෙන එකක් නැහැ. ඒත් පහුවදාට ලබා දෙන්න උපරිම උත්සාහයක් දෙන්නම්. ඊට පස්සෙ ඉඳල ආයෙ සුපුරුදු පරිදි ආපු දවසෙම උපසිරැසි ලබා දෙන්නම්. කොහොමහරි කමක් නෑ ඔන්න ඉතිං වෝකින් ඩෙඩ් කතා මාලාවේ නමවැනි කතා සමයේ හතරවැනි කතාංගය තමයි මේ අරගෙන ආවෙ. අද කතාංගයේ අවසාන මිනිත්තු කීපයේ හුස්ම හිරවුණේ නැතුව විතරයි. මොනව කියන්නද කියල මටම හිතාගන්න බෑ. කමක් නෑ.. ගිය සතියෙ කොටස පොඩ්ඩක් මතක් කරගෙන අද දවස ගැන කතා කරමුකො.

පසුගිය කොටසින්..

ඉතිං පසුගිය කොටස මතකනම් කට්ටියට මතක ඇති ගැලවුම්කාරයෙක් වුණු ජස්ටින් මරල දාල ඇවිදින්නෙක් බවට පත්වෙලා ඉන්නකොට තමයි අහුවෙන්නෙ. මේ ගැන කඳවුරේ සෑහෙන ලොකු කතාබහක් ඇති වෙනව. ඊට කලින් කොටසෙදි ඩැරල් එක්ක ජස්ටින් පැටළුණු නිසා හැමෝම හිතන්නෙ ඩැරල් ජස්ටින්ව මැරුව කියල. තව කට්ටියක් හිතන්නෙ කුණුගොඩේ නෝන “ඈන්ටත්” ගැලවුකාරයො එක්ක පැටලැවිල්ලක් තියෙන නිසා, ඈන් ජස්ටින්ව මැරුව කියල. මොකද සයිමන් කියන ගැලවුම්කාරය ඈන්ගෙ පිරිස සමූලඝාතනය කරපු තරහ ඈන්ගෙ හිතේ තියෙනව වෙන්න පුළුවන් කියල කට්ටිය හිතනව. කොහොමහරි මේ සිදුවීමෙන් පස්සෙ එකපාරම “අරාට්” කියන ගැලවුකාර නායිකාව අතුරුදහන් වෙනව. මේක රහසක් විදියට තියාගෙන ඩැරල්, මැගී, රික්, කැරොල් බෙදිල යනව අරාට්ව හොයන්න. මෙහෙම යනකොට රික්, කැරොල් දෙන්නට මගදි ගැලවුකාරයන්ගෙ ප්‍රහාරයක් එල්ල වෙනව. ඒකෙන් මේ දෙන්න කොහොමහරි ගැලවෙනව, පොඩි උප්පරවැට්ටියක් දාල. ඩැරල්, මැගී දෙන්නට පොඩි ඉඟියක් ලැබෙනව අරාට් පැහැරගෙන ගියේ කවුද කියන එක ගැන. එහෙම හොයාගෙන යනකොට ඕෂන්සයිඩ් එකේ සෙට් එක තමයි මේ ගැලවුකාරයන් මරල දාන්නෙ කියල මැගීල හොයා ගන්නව. වැඩේ කියන්නෙ මේක උල්පන්දම ලැබිල තියෙන්නෙ මැගීගෙන්. මොකද ඕෂන්සයිඩ් එකේ මේ පිරිස ජස්ටින් සහ අරාට් මරන්න හේතුව තමයි මැගී ග්‍රෙගරිව මරපු එක. ඉතිං ලෙයින් යුක්තිය පසිඳලන ක්‍රමය ඔවුන් දැනගන්නෙ මැගීගෙ ක්‍රියාව නිසා. ඊට පස්සෙ මැගී කියනව “නීගන් බලන්න යන්න කාලෙ හරි” කියල. ඔන්න එතනින් එදා කතාව අවසාන වුණා.

සිරාවටම කිව්වොත් මට අද කොටස ගැන කියන්න හිතෙන්නෙත් නැති තරම්. මේ කතාවට ජීවය ගේන චරිතයක් අද මැරුණා හා සමාන තත්වෙකට පත් වෙනව. ඉතිං අවසාන මොහොතෙ ඒක දැක්කම මට ලිපිය ලියන්න හිතාගෙන ඉඳපු වීර්යය සම්පුර්ණයෙන් ම නැතිවෙලා ගියා. කොහොමහරි මැගී කිව්ව වගේම ඔන්න නීගන්ව හමුවෙන්න හිල්ටොප් වලින් පිටත් වෙනව. හැබැයි පෙනුණු විදියට නම් ඒක ඒ තරම් හොඳ ගමනක් වගේ පෙණුනෙ නෑ. කොහොමහරි ජීසස්, මැගීගෙ ගමන ගැන රික්ව දැනුවත් කරනව. රික් මැගීව නතර කරන්න උත්සාහ කළත් ඩැරල්ගෙ උප්පරවැට්ටියක් නිසා, දෙන්න පොඩි වලියක් ගිහින්, ගොඩ එන්න අමාරු මහ පතලයක් වගේ වලකට වැටෙනව. නිකං නෙවෙයි, ඩැරලුත් පෙරලිලා ගිහින් දෙන්නම තමයි ඒ වලට වැටෙන්නෙ. එතනදි ඔන්න පරණ සෙට් එකකම නම් මතක් කරකර දෙන්න බහින්බස් වෙනව. මේ අතරෙ කඳවුර පැත්තෙන් වෙඩි සද්දයක් ඇහෙනව. කඳවුරේ මේ වෙලාවෙ ඉන්නෙ කැරොල්. වෙඩි සද්දෙට මළවුන් ඒ පැත්තට ඇදිල එනව. රික් සහ ඩැරල් වැටිල ඉන්න වලටත් මළවුන් රංචුවක්ම කඩා වැටෙනව. කඳවුරේ වෙඩි තියාගන්නෙ කවුද? රික්, ඩැරල් දෙන්නට හෝ දෙන්නගෙන් එක්කෙනෙකුට ජීවිතේ බේරගන්න හැකි වේවිද? මෙතෙක් කතාවට පණ දුන්න මැරුණා හා සමාන චරිතෙ කවුද? රික්ද? ඩරල්ද? කැරොල්ද? එකක් කියන්නම් නිකමටවත් කතාව ඇදල අවසාන ටික මුලින් බලන්න හිතන්නවත් එපා. එහෙම බැලුවොත් මැද ටික බලන එක නතර කරල කට්ටිය ශෝක වෙන්න පටන් ගනීවි. ඒ නිසා පිළිවෙලට මුල ඉඳල අගට බලාගෙන යන්න. හැමෝටම ජය..!!

 


 

 

 

 We do not provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත HDTV පිටපත සඳහා පමණක් වලංගු වේ.

11,317 downloadsDownload The.Walking.Dead_.S09E04.zip24 KB

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

11,317 downloadsDownload Subtitles24 KB

39 comments

  1. Naveendra_rox

    Thanks

    1. Anonymous

      Season 9 e4 eke sub eka aul bn

  2. suranuwan

    thanks bro...

  3. SumithSaman

    තෑන්ක්ස් සහෝ......ඊලග එපියෙන් රික් මැරෙනවා......

  4. Nuwandika Dil

    tnks bro

  5. bgiprasad

    Tnx bro

  6. Ayodya Dulantha

    Thanks bro sub ekata!!

  7. silentsoldier

    Thanks bro

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  9. Kavishka Ransara

    ela.ko bro daredevil?

  10. Madusara

    එල අයියෙ....
    බොහොම ස්තුතියී

  11. Sanath Indika

    thx broo

  12. dulitha hashan

    සබ් එක දෙනකම්මයි හිටියෙ. තැන්ක්ස් සබ් එකට... දිගටම කරමු. ජය වේවා....!!!!

  13. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ.....!

  14. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  15. Ishan Madusha

    බොහොම ස්තූතියි

  16. JackJill

    Finally HDTV , thanks lot

  17. Asela Indrajith

    Thanks you

  18. Ayesh Prashan

    Thank You

  19. sandha1218

    thanks machan

  20. Gayathra

    ikmanatama sub eka dunnata bohoma sthuthii broo

  21. Shashi

    උපසිරැසියට ස්තූතියි උදේ...
    ජය වේවා!

  22. dhanuha vk

    thanks bro

  23. Kulanjana Maduranga

    subata thanks..

  24. Steppenwolf

    machan sub deddi HDTV or Web deken ekakata witharak digatama sub 1 hadanna. A 2 maru kara kara sub 1 dunnama epiya bawata passe sub 1 dila thiyenne anith ekata. Tnx for the sub.

    1. උදයංග සම්පත් හතරසිංහ

      මචං HDTV දෙන්න හේතුව ගොඩක් අය කියල තිබුණ මුලින් HDTV කොපිය නිසා ඒක බාගන්නෙ කියල. නැත්තං මම Web දෙන්න හිටියෙ දිගටම. නමුත් අර ප්‍රශ්නෙ නිසා මින් ඉදිරියට සබ් දෙන්නෙ ඔක්කොම HDTV විතරයි. බහුතර ඉල්ලීම නිසා සහ කලින්ම HDTV කොපිය එන නිසා තමයි එහෙම මාරු කළේ.. ඒත් ඉස්සරහට ඔක්කොම දෙන්නෙ HDTV විතරයි.. සිදුවුණු අපහසුතාවට මට සමාවෙන්න ඕනෙ.. :(

  25. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට.....

  26. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  27. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  28. saliyabandarasb

    thanks brooo

  29. Thilina max

    jayawewa saho

  30. wajira

    thanks for sub

  31. Shehan putha

    thanks broo

  32. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  33. Nadeesha Chanuka

    බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට...... ජය වේවා!!!

  34. sasindu kavish

    බොහොම ස්තූතියි උපසිරැසියට සහෝ

  35. Sajithlakshan

    thanks .........................

  36. Dhanuka92

    thnx

  37. Anonymous

    Sinhala sub eka download karaganna bari ai?

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.