Watch Trailer

The Walking Dead [S10 : E14] Sinhala Subtitles | ඊයේ, අද සහ අලුත් හෙටක්..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්! ඔන්න අරගෙන ආව වෝකින් ඩෙඩ් කතා මාලාවේ 10×14 කතාංගය. ඉතිං මතක් කරන්න බොහොම කණගාටුදායක දෙයක් තියෙනව. පහුගිය සතියෙ කතාංගය අවසානෙ අපි දැක්ක මිශෝන් අලුත් චාරිකාවකට මුල පිරුව. ඒකත් හිතා ගන්න බැරි විදියෙ එකක්. අවසානෙ දැකපු විදියට ලොකු පිරිසකට එකතු වෙන්න තමයි මිශෝන් පිටත් වුණේ. ඉතිං කණගාටුවට කාරණා…

ආයුබෝවන්!

ඔන්න අරගෙන ආව වෝකින් ඩෙඩ් කතා මාලාවේ 10×14 කතාංගය. ඉතිං මතක් කරන්න බොහොම කණගාටුදායක දෙයක් තියෙනව. පහුගිය සතියෙ කතාංගය අවසානෙ අපි දැක්ක මිශෝන් අලුත් චාරිකාවකට මුල පිරුව. ඒකත් හිතා ගන්න බැරි විදියෙ එකක්. අවසානෙ දැකපු විදියට ලොකු පිරිසකට එකතු වෙන්න තමයි මිශෝන් පිටත් වුණේ. ඉතිං කණගාටුවට කාරණාව ඒක නෙවෙයි. ඒ හේතුව තමයි අපි වෝකින් ඩෙඩ් හරහා මිශෝන් දකින අවසාන අවස්ථාව ඒක වීම. ඒ අනුව ඉදිරි කිසිදු කතා මාලාවකින් අපිට ආයෙ මිශෝන් දැකගන්න ලැබෙන්නෙ නෑ. ඉතිං අපි හිතුවනෙ මිශෝන් හොයා ගත්ත ෆෝන් එක සහ බූට් දෙක අනුව ආයෙ රික් කවදාහරි කතා මාලාව ඇතුළට ඒවි කියල. ඒ දෙක සොයා ගැනීමේ සැබෑම කාරණාව ඒක නෙවෙයි. ඒ තමයි මිශෝන් කතාවෙන් ඉවත් කිරීම. ඒකට තමයි රික් ගැන ඉඟියක් ඉදිරිපත් කළේ. ඒ අනුව මිශෝන් මේ අපූරු කතා මාලාවට සමු දෙනව. හැබැයි රික් සහ මිශෝන් දෙන්නට මොකද වෙන්නෙ කියල අපිට දැනගන්න පුළුවන් ඉදිරියේදි තිරගත වෙන්න නියමිත The Walking Dead චිත්‍රපට ත්‍රිත්වය තුළින්. මේ අතරෙ 11 වැනි කතා මාලාවේ ඉඳල මෙතෙක් අතුරුදහන් වෙලා ඉඳපු “මැගී” නැවත කතාවට එකතු වෙනව. ඉතිං ඒ එක්වීම වඩා හොඳ කතා මාලාවක පදනම වේවි කියල බලාපොරොත්තුවක් තියාගනිමු. ඒ වගේම මේ කතා මාලාව තුළ තව එක් කතාංගයක් පමණයි තව නිකුත් වෙන්න තියෙන්නෙ.

ඉතිං අපි දැක්ක ගිය සතියෙ ආයුධ හොයාගෙන ගියපු මිශෝන් මුහුණ දුන්නෙ නොහිතපු අත්දැකීමකට. වර්ජිල් කියන්නෙ මානසික ආබාධයකින් පෙළෙන කෙනෙක් නිසා මිශෝන් මත් කරල සෑහෙන වදයක් ඇයට දුන්න. ඒ හේතුව නිසා තමයි මළගිය, අතුරුදන් වුණු පරණ චරිත රැසක් අපිට එදා දැකගන්න ලැබුණෙ. ඒ වගේම ඊට පෙර කොටසෙන් අපි දැක්ක නීගන් ඇල්ෆා මරල දැම්ම. ඒ වගේම ඇල්ෆාගෙ ඔළුව කැරොල් ලඟට ගෙනල්ල දැම්ම. මේ සිදුවීම සහ ඉයුජින් රේඩියෝ සම්බන්ධතා පවත්වාගෙන ගියපු ගෑණු ළමය වටා තමා අද කතාංගය ගෙතෙන්නෙ. නීගන් ඇයි ඇල්ෆා මැරුවෙ කියන එකට හොඳ උත්තරයක් ලබා ගන්න අද හැකි වෙනව.

අද කතාංගය එක්ක මම නම් මේ කතා මාලාවේ මුල්ම කොටස් කීපයට ආයෙත් ගියා. කට්ටියට මතක ඇති රික් අශ්වය පිටේ නැගල මුලින්ම නගර දිගේ ඇවිදගෙන ගියපු අතීතය, ඒ අතීතය ආයෙත් ඉයුජින්, මිකෝ සහ එසීකියෙල් තුළින් ආයෙත් ප්‍රති නිර්මාණය වෙනව. ඒ වගේම රික්ට ග්ලෙන් හමු වුණා වගේ, මේ කට්ටියටත් ගෑණු ළමයෙක් හමුවෙනව. ඒ වගේම බීටා කියන්නෙ කවුද කියන එකත් අද බලාගන්න පුළුවන්. ඒ වගේම ඇල්ෆා කතා කරන තැනකදි පැහැදිලි වෙනව කොනී එදා ගුහාව තුළ වුණු පිපිරීමෙන් පස්සෙ මළවුන් අතරෙ අතරමං වීමෙන් පස්සෙ මිය යන්න ඇති කියල. එහෙනම් ඊලඟ කොටස සෑහෙන දරුණු කොටසක් වේවි කියන සැක සංකා තියාගෙන, මේ කතාංගයත් රස විඳින්න ඔබට බාර කරනව. ජය වේවා..!

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

9,739 downloadsDownload The-Walking-Dead-S10-E14.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

උදයංග සම්පත්

Subtitles

9,739 downloadsDownload Subtitles36 KB

27 comments

  1. sasindu kavish

    Niyamai

  2. pasindu233

    Thanz machan adama dunnata sub eka

  3. techpro

    thanks bro

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  5. A JAYANATH

    බොහොම ස්තුතියි උපසිරසට

  6. Nipun chamalka

    රික් ආයෙත් එන්නෙ නැද්ද..

  7. Sandaru Nimsara

    Sub ekata tnx bro

  8. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  9. Anonymous

    Thnx

  10. rajitha lakshan gunasekara

    Thnx bn...... legends of tomorrow denne nadda bn dn

  11. asith1234

    Tnx. Fear The Walking dead ekata sub karnna kauruth nadda ban

  12. තරිදු

    බොහෝම ස්තුතියි ඔබට සබ් හදන ඒක අමරුයි

  13. Nadeesha

    Tnx bro subt. රික් නැති එක මාරම අඩුවක් කතාවට.දැන් මිශෝනුත් නැති උනහම කතාව බලන්ඩත් එපා වෙනව.ඩැරල් එහෙමත් නැති උනොත් වැඩක්ම නෑ

  14. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  15. Rasindu Perera

    මේ දවස් ටිකෙවත් Shadowhunters දීලා ඉවර කරන්නකෝ..

  16. suranuwan

    thank you...

  17. Nirasha madushani

    Hm

  18. sandunisan

    Thanks bro sub ekata

  19. Ayesh Prashan

    Thank You

  20. gihan

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  21. Pitcher bro

    thanks bro

  22. Anonymous

    thanks brother...

  23. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  25. Anonymous

    thanx for sub broo......

  26. lakshan

    thanks ...............................

  27. Pramukmili

    Thanx bro....................