ආයුබෝවන්..! ඔන්න අරගෙන ආව TWD 10×13. ඉතිං තව කතාංගයන් තුනක් විතරයි නිකුත් වෙන්න ඉතිරි වෙලා තියෙන්නෙ. එහෙම තත්වයක් උඩ කණගාටුවෙන් වුණත් මතක් කරන්න වෙනව මේ කතා සමය 15 වැනි කතාංගයෙන් අවසන් වෙන බව. ඒ කියන්නෙ සම්පූර්ණ අවසානයක් නැතුව හිත හදාගන්න බැරි තැනකින් දහවැනි කතා මාලාව අවසාන වෙනව. ඒකට හේතුව තමයි ලොක…

ආයුබෝවන්..!
ඔන්න අරගෙන ආව TWD 10×13. ඉතිං තව කතාංගයන් තුනක් විතරයි නිකුත් වෙන්න ඉතිරි වෙලා තියෙන්නෙ. එහෙම තත්වයක් උඩ කණගාටුවෙන් වුණත් මතක් කරන්න වෙනව මේ කතා සමය 15 වැනි කතාංගයෙන් අවසන් වෙන බව. ඒ කියන්නෙ සම්පූර්ණ අවසානයක් නැතුව හිත හදාගන්න බැරි තැනකින් දහවැනි කතා මාලාව අවසාන වෙනව. ඒකට හේතුව තමයි ලොකය පුරා ශීඝ්‍රයෙන් පැතිරිලා යන “Covid 19” නැත්තං කොරෝනා වෛරසය. මේ හේතුව නිසා 11 වැනි කතා මාලාව නිෂ්පාදනය නතර කළා කියල කලින් දැනුම් දුන්න වුණත්, ඊයෙ දවසෙ දැනුම් දීල තිබුණ 10×16 නිෂ්පාදනය කිරීමත් හදිසියේ නතර කරන්න වුණා කියල. ඒ අනුව කතාව නිමාවක් දකින්න වෙන්නෙ මේ වසරේ අග භාගයේ තමයි. එතකල් 15 බලල හිත හදාගෙන ඉන්න වෙනව.
කොහොමහරි ඉතිං 16 බලන්නත් අපි හැමෝම ජීවත් වෙලා ඉන්න ඕනෙ. ඒ නිසා රජයේ සෞඛ්‍ය අංශයේ නිළධාරීන්, ආරක්ෂක අංශ නිළධාරීන්, කොරෝනා මර්දන ව්ව්‍යාපෘතිය හා සම්බන්ධ හැම අංශයක්ම දැනුම් දෙන උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපදින්න කියල කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ගෙදර ඉඳල එළියට බහින්නෙ නැතුව අපේ රට ආරක්ෂා කරන්න අපිට මේ ලැබිල තියෙන විරළ අවස්ථාව සිහි බුද්ධිය තියාගෙන රට වෙනුවෙන් තමාගේ වගකීම නිසි ආකාරයට ඉෂ්ට කරන්න කියන පණිවුඩයත් මේ අවස්ථාවේ සිහිපත් කරන්න කැමතියි. බයිස්කෝප් අපිත් ගෙවල් වල ඉඳල අපේ යුතුකම ඉෂ්ට කරමින් හැම උපසිරැසියක්ම ඔයාලට ලබා දෙන්නෙ, ගෙදර ඉඳගෙන රට රකින්න ඔයාලට සහයක් ලබා දීමේ බලාපොරොත්තුව ඇතුව. ඉතිං හැකි සෑම විටම ඒක සිහි තබාගෙන අපි අපේ රට ආරක්ෂා කරමු.
හරි ගිය සතියෙ කොටස ටිකක් විකාර වුණා නේ. හිල්ටොප් සමතලා වෙද්දි, බීටා ඇවිල්ල ගැමාව මරල දැම්ම. ඒ අස්සෙ නීගන් සහ කැරොල් එකතු වෙලා “ඇල්ෆගෙ” ඔළුව කඳෙන් වෙන් කළා. තාම පැහැදිලි නෑ ඒක මොන වගේ දෙයක් මත වුණා ද කියන එක.
ඔන්න ඉතිං ඒ අතරෙ අද කතාව ටිකක් වෙනස්. කට්ටියට මතක ඇති මිශෝන් වර්ජිල් කියන මනුස්සය එක්ක බෝට්ටුවෙන් ගියා ආයුධ හොයන්න. හැබැයි දූපතට යන මිශෝන්ට මූණ දෙන්න වෙන්නෙ හරිම අසීරුතාවයකට. වර්ජිල් අපි දැකපු හාදය නෙවෙයි. දූපත ඇතුළෙ වෙනම සිද්ධිය වෙන්නෙ. හැබැයි අපිට ආයෙ අවස්ථාවක් එනව කතාව තුළ සමුගත්ත බොහෝ දෙනෙක් ආයෙත් දැකගන්න. ග්ලේන්, සාෂා, කාර්ල්, සිඩ්ඩික් වගේම නොමැරුණා වුණත් මැගී, රික් වගේ අයත් බලාගන්න පුළුවන්. ඒ වගේම මිශෝන් නීගන් පිලේ හිටියනම් මොකක් වෙන්න පුළුවන් ද කියලත් දැනගන්න හැකි වේවි. එතකොට මොකද්ද මේ ආයෙත් රික් කතාව ඇතුළට ආව කියන සිද්ධිය. ඒක දැනට රහසක් විදියට තියන්නම්. ඒ වගේම ඊලඟ කොටසේ ඉඟියෙන් පේනව ඇල්ෆා මරන්න නීගන් සහ කැරොල් එක්ව වැඩ කළා කියල. එහෙනම් ගිහින් එන්නම්.
ඒ වගේම බලපු නැති කෙනෙක් ඉන්නවනම් අපි දුන්නු “මරණයේ ඔටුන්න” බලන්න. කොරෝනා ගැන බොහෝ දේවල් ඒ තුළින් දැනගන්න හැකි වේවි. ජය වේවා..!
#StayHome
#StaySafe
#BeatCorona
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
9,875 downloadsDownload The-Walking-Dead-S10-E13.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
26 comments
sandun512
Anonymous
Thkzz for the sub......
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Sandaru Nimsara
Sub ekata tnx bro
pasindu eranga
sub eka enakan balan hitiye
Kasun
Ammo rick enawanam patta
Kasun
Ammo rickaa enawanam patta
Kasun
sub ekata sthuuti saho
Nipuna Madhushan
ela
Pitcher bro
Rick enakan inne boooys
Sasindu kavish
සුපිරි
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Deshan
Thankz saho...
14 ep ikmnta denna release unamaAyesh Prashan
Thank You
suranuwan
thanks bro...
techpro
thanks bro
A JAYANATH
බොහොම ස්තුතියි උපසිරසට
Janith220
Thanks aa...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rasindu Perera
නියමයි….සබ් එකට තැන්ක්ස්…
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Kalanacosta
thank you.....
Anonymous
Thanx for sub broooo.......
lakshan
thanks .......................
Pramukmili
Thanxxx bro...........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Walking Dead [S10 : E13] Sinhala Subtitles | රික් ආයෙත්..! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/The-Walking-Dead-S10.2.jpg)



thanks bro sub ekata.. puluwannam the outsider ekatath sub tika hadanna thanks