ආයුබෝවන්..! ඉතිං ඔන්න ඊයේ දවසේ නිකුත් වුණු වෝකින් ඩෙඩ් මෙම කතා සමයේ විකාශය වන අවසාන කතාංගය අරගෙන තමයි මේ ආවෙ. Covid 19 වසංගත තත්වය හේතුවෙන්, 10×16 නැත්තං අවසාන කතාංගය මේ වසරේ අග දක්වා විකාශය වීම නවතා දැමුණා වගේම, 11 වැනි කතා මාලාවේ නිෂ්පාදන කටයුතුත් නවතා දැමුණ. ඉතිං එහෙනම් මේ වසරෙව් අග භාගයේ යම් දව…

ආයුබෝවන්..!
ඉතිං ඔන්න ඊයේ දවසේ නිකුත් වුණු වෝකින් ඩෙඩ් මෙම කතා සමයේ විකාශය වන අවසාන කතාංගය අරගෙන තමයි මේ ආවෙ. Covid 19 වසංගත තත්වය හේතුවෙන්, 10×16 නැත්තං අවසාන කතාංගය මේ වසරේ අග දක්වා විකාශය වීම නවතා දැමුණා වගේම, 11 වැනි කතා මාලාවේ නිෂ්පාදන කටයුතුත් නවතා දැමුණ. ඉතිං එහෙනම් මේ වසරෙව් අග භාගයේ යම් දවසක මෙම කතා මාලාවේ අවසානය බලමු.
ඉතිං කොහොමහරි පහුගිය සතිය වෙනකොට හිල්ටොප් සම්පුර්ණයෙන් බිඳ වැටිල තියෙන්නෙ. ඒ වගේම ඉයුජින් හැම් කෙනෙකුටම කියනව ඔහුට ඇහුණු නන්නාඳුනන ගැහැණු කටහඬ ගැන සහ ඔවුන් දෙදෙනා එක්ව හමුවීමේ ස්ථානයක් කතිකා කර ගත්ත බව. මේකට සමහරු නම් ටිකක් විරුද්ධ වුණත් එසිකියෙල් තත්වය පාලනය කර ගන්නව. ඒ අනුව තීරණය වෙනව කීපදෙනෙක් ගිහින් මේ අලුත් ජනාවාසය ගැන හොයල බලන්න. ඒ වගේම ඇල්ෆාගේ මරණය නිසා බීටා තමයි දැන් රැළේ නායකත්වය දරන්නෙ. දකින්න ඇතිනේ ඇල්ෆාගෙ මූණෙන් ගලව ගත්ත හම් කෑල්ලක් තියල බීටා හම් මූණ අලුත් කර ගත්ත. මේ සිද්ධි මෙහෙම වෙන අතරෙ කැරොල් හිටියෙ තමන්ගෙ තත්වය හරියටම බේරුමක් කරගන්න බැරි මට්ටමක. කොහොමහරි අවසානෙ කැරොල් මේක බේරුමක් කර ගන්නව.
ඉතිං අද කතාංගය අවසාන වෙන්නෙ ලොකු කුතුහලයක් ඉතුරු කරල. ඒකට හේතුව මේ වෙද්දි ජනපද සමඟ තිබුණු සන්නිවේදනය බිඳ වැටිල වගේම බීටා ලොකු මළවුන් පිරිසක් පිරිවරාගෙන හිල්ටොප් වලින් පැනගත්‍ත පිරිස හොයාගෙන එන එක. ඒ වගේම අපිට අහන්න ලැබෙනව කැරොල්ට නමක් පටබැඳිල තියෙනව කියල.”තනි වෘකයා” කියල. ඒක පැහැදිලි කරන්න ඕන නෑනෙ. කලින් කතා මාලාවල අපි දැක්ක කැරොල් තනිවම කරපු ලොකු ලොකු වැඩ කෑලි. ඉතිං ඒ නිසා ඒ නම කැරොල්ට සර්ව සාධාරණ නමක්. මේ අතරෙ බීටා රැළ අරගෙන එළියට එද්දි, ඇරොන් සහ ඇල්ඩන් දෙන්න මුමුණන්නන්ට කොටු වෙනව. ඒ වගේම ඩැරල්, ජූඩිත් සහ කැරොල වෙන වෙන වැඩ රාජකාරි සඳහා එළියට ගිහින් ඉන්නෙ. ඉතිං මේ වගේ වටපිටාවක අපිට අවසාන කතාංගයෙන් ආයෙත් ඩැරල්, කැරොල් දෙන්නගෙ සුපිරි සැලැස්මක් දැකගන්න ලැබෙන්න ඉඩ තියෙනව. එහෙනම් ආපු දවසක ආයෙ TWD තුළින් මුණගැහෙමු. ජය වේවා..!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
10,086 downloadsDownload The-Walking-Dead-S10-E15.zip45 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
උදයංග සම්පත්
Subtitles
38 comments
Thisal
Chamath Mihiranga
thank you bro.. welasanama sub deela :D
suranuwan
thanks bro.......
Anonymous
Subtitles akata thnkzz broo එත් මේ ෆිල්ම් එකෙ ලින්ක් එක නෑ නේ ඩ්වුන්ලොඩ්ස් එකෙ.. ඇයි.. දලා නැද්ද තාම.
උදයංග සම්පත් හතරසිංහ
වෝකින් ඩෙඩ් එකේ ලින්ක් එක නම් තාම දාල නැතුව ඇති, සබ් එක දුන්නෙත් දැන් නිසා.
මොකද්ද ෆිල්ම් එකක ලින්ක් නෑ කියල ඇහුවෙ සහෝ?
මදුශංක
මචං තාම බලනවද මෙක
Pitcher bro
thanks bro..
A JAYANATH
බොහොම ස්තුතියි උපසිරසට
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
sandunisan
Thanks bro
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ.castlevania season 2,3 සබ් දෙන්න
ජය වේවා.!Pasiya 44
Subtitle වලට තෑන්ක්ස්. F*ck COVID19
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
gihan
උපසිරැසියට බොහෝම ස්තුතියි
Maleesha
උපසිරසට Thankz උදයංග
Ayesh Prashan
Thank You
Sasindu kavish
උපසිරැසියට බොහෝම ස්තූතියි
Sandaru Nimsara
Sub ekata tnx bro
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
vishwakelum
බොහොම ස්තුති මචං. ඔයාගේ කැප කිරීම අපි ඉහලින්ම අගය කරනවා බ්‍රෝ..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
madurangha
sub ekata tnx bro. 16 episode eka me comment eka daana mohote idla 17 hours walin passe release wenawa bro
Sithara Sihan
thankz machan
Anonymous
Aibro 16 episode eka parakku
Nisal madhuranga
ත්ැන්ක්ස්
Anonymous
Thanx for sub bro...
Kavinda
Brother Fear the walking dead season 3,4,5 sub daanko
Kavindakulasena
Machan fear the walking dead ekatath sub dennako
Anonymous
Ane ow bn kohoma hari fear the walking dead ekata sub dennako
Kavindu rathna
Machan fear the walking dead eke seaso 3 idan dub na pulueannam kata kiyala hari sub eka denna puluwanda
Lahiru_Malshan
Thanks bro
ashan24doc
16 episode eke sub nadd
Dhanushka Prabath
Thanx bro. ep16ටත් පුලුවන් ඉක්මනින් සබ් දෙන්න..
උදයංග සම්පත් හතරසිංහ
16 කතාංගය ගැන කීප දෙනෙක්ම පහළින් අහල තියෙන නිසා මේක ආයෙත් මතක් කරන්නෙ. Covid 19 වසංගත තත්වය නිසා 16 කතාංගයේ Post Video & VFX Editing නතර වෙලා තියෙන්නෙ කියල කියනව. ඉතිං මේ අවුරුද්දෙ අග භාගයේ බොහෝවිට අවසාන කතාංගය නිකුත් වේවි. එතකල් ඉවසගෙන ඉන්න වෙනව අපි ඔක්කොටම.
ashan virantha
Ane deiyane echchra kal iwasnna be.
Me wage thawa hoda survival film.monwda tiyenne yaluwne.
Anonymous
16 awila..... ikmanta sub one bro....
lakshan
thanks ....................
Pramukmili
Thanx bro..................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Walking Dead [S10 : E15] Sinhala Subtitles | මුමුණන්නන්ගේ වැටලීම..! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/The-Walking-Dead-S10.1.jpg)



fuck you covid