Watch Trailer

The Walking Dead [S11 : E08] Sinhala Subtitles | කුණාටුව [සිංහල උපසිරසි]

සති අටක් පුරා අපි රස විඳපු AMC නාලිකාවේ Walking Dead අවසන් කතා සමයේ පළවෙනි කොටස, එහෙමත් නැත්තන් Season 11A එකත් ඔන්න අවසානයට ළඟා වෙලා. අන්තිමට ආපු සීසන් කිහිපයට වඩා ඉතාමත් ඉහළ මට්ටමේ සීසන් එකක් ලබාදෙන්න නිශ්පාදකයින් කොහොම හරි සමත් වෙලා තියෙනවා. දැනට ආපු එපිසෝඩ් අටම කිසිම කම්මැලි කමක් නැතුව ඉස්සර TW…

සති අටක් පුරා අපි රස විඳපු AMC නාලිකාවේ Walking Dead අවසන් කතා සමයේ පළවෙනි කොටස, එහෙමත් නැත්තන් Season 11A එකත් ඔන්න අවසානයට ළඟා වෙලා. අන්තිමට ආපු සීසන් කිහිපයට වඩා ඉතාමත් ඉහළ මට්ටමේ සීසන් එකක් ලබාදෙන්න නිශ්පාදකයින් කොහොම හරි සමත් වෙලා තියෙනවා. දැනට ආපු එපිසෝඩ් අටම කිසිම කම්මැලි කමක් නැතුව ඉස්සර TWD රස විඳපු විදිහටම බලන්න පුලුවන් එපිසෝඩ් අටක්.

කොහොම හරි Part A එක අවසන් වුනාට මේ සීසන් එකේ කතාවෙ භාගයක්වත් අවසන් වෙලා නෑ. තව කොටස් 16 ක්ම ඉතුරුයි. නමුත් ඒ කොටස් ටික නම් අපිට නරඹන්න වෙන්නේ ලබන අවුරුද්දේ.

අද කොටස ගැන කතා කළොත් මැගී ඇතුරු පිරිස මුමුනන්නන්ගේ ක්‍රමය අනුගමනය කරලා ඔන්න රීපර්ස්ලාගේ නිවහන වෙතට ළඟා වෙලා. මේ ගැන කොහොම හරි රීපර්ස්ලගේ ලොක්කා පෝප් දැනගෙන තමන්ගේ ගෝලයෙක්ව මැගීලව මරන්න යවනවා. හැබැයි අන්තිමේදි කොහොම හරි ශොට් එක හම්බෙන්නේ මරන්න ගිය එකාටම තමා. මේකට හොඳටම තරහ ගිය රීපර්ස්ලා ඔන්න යුද්ධයට සූදානම් වෙනවා. වැඩේ කියන්නේ මැගී ළඟ වගේම පෝප් ගාවත් එකිනෙකා නොදන්න යුද රහස් තියෙනවා. මේ යුද්ධය කොහොම අවසන් වෙයිද කියලා හොයාගන්න එක ඔයාලට බාරයි.

මේ අතර ඇලෙක්සැන්ඩ්‍රියාවේ කුණාටුව ඇවිල්ලා. කට්ටියම ආරක්ෂිත තැනකට රැස් වුනාට පස්සෙ තමා දැනගන්නේ තාප්පයේ සිදුරක් ඇතිවෙලා කියලා. ඒ වගේම කට්ටිය ඉන්න ආරක්ෂිත තැනත් බිඳවැටෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. ඉතිං කට්ටියට ඔය විදිහට බෙදෙන්න වෙනවා. තව පිරිසක් කරගන්න දෙයක් නැතුව හිරවෙලා.

මරණ ගොඩක් එක්ක Part A එක මේ විදිහට අවසන් වෙනවා. එපිසෝඩ් එක අවසන් වෙන්නේ 2022 වෙනකන් හිතන්න දේවල් කිහිපයක්ම ඉතුරු කරමින්. IMDb මීටරේ 9.2 කට කරකවන්න අද එපිසෝඩ් එක සමත් වෙලා තියෙනවා. ඉතිං Part B එකත් මේ වගේම කොලිටියකට AMC ලා ලබාදේවි කියල හිතමු.

එහෙනම් ආයෙත් සබ් එකකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා.

෴෴ සුබ දවසක්…! ෴෴

For Blood

IMDB rating: 9.2
Air Date; October 03 2021
Director : Sharat Raju
Writer: Frank Darabont
Age rating: TV-MA (For Violence and Frightening Scenes)

 

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.

8,379 downloadsDownload The-Walking-Dead-S11-E08.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සචින්ත කල්හාර බෙනට් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-12-12
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සචින්ත කල්හාර බෙනට්

Subtitles

8,379 downloadsDownload Subtitles33 KB

25 comments

  1. Anuja Lakshitha

    thanks saho enakan blan hitiye sub eka

  2. charith

    දිගටම සබ් දුන්නට ස්තුතියි...පුලුවන්නම් you කියන ට්.වි සිරියස් එකටත් සබ් දෙන්න කියලා බයිස්කෝප් එකෙන් ඉල්ලනවා

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

    1. sachintha

      සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. Isuru Ishara

    බොහොම ස්තූතියි සිංහල උපසිරසට ❤️❤️❤️

    1. Dilan

      මේ අලුත් season පටන් ගත්ත දවසේ ඉඳන් Episode release වෙන ඉක්මනින් ම subtitles ටික හදපු ඔයාලා ට ගොඩක් ස්තුතියි
      අප නැවත හමු වේවා

  5. Damith Sameera

    pulwnm blindspot anthima season 1ta sub denna

  6. Tharun

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට..❤

  7. Ramesh

    Sub 1ta thanks enakala balan hitye

  8. ravidu ishan

    Sub Ekata Tnx Mchn,, ithuru Set ekatath sub demu,, jaya wewa!!

  9. Anonymous

    THANKS BRO

  10. Deshan

    තෑන්ක්ස් සබ් එකට

  11. indika 75

    thanks..

  12. Sahan Prabhasara

    බොහොම ස්‍තූතියි

  13. Ravindu Rukshan

    thanks

  14. SUdda

    SUb ekata godaak godaak sthuthi part b ekai c ekaith aniwaren genna

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Anonymous

    Part b aniva oni

  17. Anonymous

    Thank you very much saho for the sub

  18. Anonymous

    E 10 awilla thiyenne ikmanata Oneeee plzzzzzzz

  19. Rashmika

    Aluth epiyatath sub denawada

  20. Anonymous

    Episode dek awa aluthin ekath denwa nm ikmnata godak ස්තුතියි

  21. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!

  22. lakshan

    thanks ................

  23. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති