මේ අරගෙන එන්නෙ වෝකින් ඩෙඩ් අවසාන කතා මාලාවේ අවසානම කතාංගය. කියන්න දීර්ඝ කතාවක් තියෙනව. කතාවෙ මෙතෙක් වුණ දේවල් මොකුත් කියන්නේ නැහැ, මෙතනින් එහාට තියෙන්නේ කලකිරීම සම්බන්ධව වචන ටිකක්. බොහොම කෙටියෙන් කියන්නම්. කැමති නම් මේක ස්කිප් කරලා කෙලින්ම සබ් එක ඩව්න්ලෝඩ් කරගෙන යන්න. 🙂 අපි මේකට උපසිරසි දෙන්න පටන්…

මේ අරගෙන එන්නෙ වෝකින් ඩෙඩ් අවසාන කතා මාලාවේ අවසානම කතාංගය. කියන්න දීර්ඝ කතාවක් තියෙනව. කතාවෙ මෙතෙක් වුණ දේවල් මොකුත් කියන්නේ නැහැ, මෙතනින් එහාට තියෙන්නේ කලකිරීම සම්බන්ධව වචන ටිකක්. බොහොම කෙටියෙන් කියන්නම්. කැමති නම් මේක ස්කිප් කරලා කෙලින්ම සබ් එක ඩව්න්ලෝඩ් කරගෙන යන්න. 🙂
අපි මේකට උපසිරසි දෙන්න පටන් ගත්තේ 2014 අවුරුද්දේ මාර්තු මාසේ පළමුවැනිදා. නවින් ප්‍රමෝද් සහෝදරයා තමයි මුල්ම උපසිරැසිය ලබාදුන්නේ. එතනින් එහාට උපසිරසිකරුවන් ගණනාවක් මේ වැඩේට දායක වුණා. හරියටම ගණනය කලේ නැහැ, දල වශයෙන් එපි 50+ උපසිරසි අරගෙන ආවේ මම. මට කරගන්න වෙලාවක් නැති වුණ හැම වෙලාවකදීම චාමර සම්පත් සෑහෙන උදව් කළා. ඒ වගේම සචින්ත කල්හාර මල්ලිත්. කැළුම් ගුණසේකර අයියත් මතක් කරන්න ඕන විශේෂයෙන්ම. ඉතිං හරියටම වෙන් වෙන් වශයෙන් නම් නොකිව්වත් මේ වැඩේ මේ වෙනකම් කරගෙන එන්න දායක වුණ හැම උපසිරසිකරුවෙකුම ආදරයෙන් මතක් කරනවා මම. ඒ අය නිසයි මේ වගේ දීර්ඝ කතා මාලාවක් මේ තරම් දුර ආවේ.
ඒ වගේම කියන්න ඕනා මේකට ගොඩ නැගුණු ෆෑන් බේස් එක ගැන. මේක පට්ටම ටොක්සික් ෆෑන් බේස් එකක්. බොහොම කනගාටුවෙන් කියන්නේ ඇත්තටම. හරියටම එකොළොස්වෙනි සීසන් එකේ 18 සහ 19 එපි දෙක හදිසියේම ආවට පස්සේ මම චාමර සම්පත් සහෝදරයට මැසේජ් එකක් දැම්ම ඒ සබ් දෙක කරන්න වෙන්නේ නැහැ. කරලා දීපං ඉතුරු ටික මම කරලා දාන්නම් කියල. කොහොම නමුත් වැඩ වැටුණු නිසා 20 වෙනි එපිය ඒ සුමානේ දෙන්න වුණේ නැහැ. එපි 20 සහ 21 දෙකම සබ් කරල ඉවර වෙලා එක පාර ඒ එපි දෙකම දෙන්න සයිට් එකට ඇවිල්ල පොස්ට් එක හදන්න යනකොට තමයි චාමර සම්පත් සහෝදරයට දාල තිබ්බ කමෙන්ට් ටික දැක්කේ. ඒ කමෙන්ට් ටික දැකපු වෙලාවෙම කලේ හදපු සබ් ෆයිල් දෙක ඩිලීට් කරලා දාල ආයේ මේක කරන්න පුළුවන් කෙනෙක් එනකම් සබ් දෙන්නෙ නැහැ කියල ඒ පොස්ට් එකේම නෝට් එකක් දාපු එක. සිරාවටම එපා වුණා. පුළුවන් එකෙක්ට කරගන්න කියලයි අත් හැරියේ. කතාව බලල නිකම් ඉන්න පුළුවන්කම තියෙනකොට අසික්කිත හැතිකරයක් වෙනුවෙන් සබ් කරන්න මහන්සි වෙන්න ඕනකමක් මට දැනුනේ නැහැ ඒ කමෙන්ට් දැක්කම. මොකද අපි මේ සබ් දෙන්නේ ගුගල් කරලා එහෙන් මෙහෙන් අතින් හදල දහ ජරා විධියට නෙමෙයි. වාක්‍යයෙන් වාක්‍යය බලල ගලපලා නිසා. එහෙම මහන්සි වෙලා අර වගේ වචන අහන්න ඕනකමක් මට කොහෙත්ම නැහැ. 🙂
හැබැයි එහෙම අතැරලා දැම්මට පස්සේ ගුගල් එකෙන් ට්‍රාන්ස්ලේට් කරපු සබ් ඇරෙන්න හොඳ සබ් එක්ක කවුරුත්ම කලේ නැහැ. ඕක තමා ඇත්තම කතාව. සබ් කරන අය පඳුරකට පයින් ගැහුවම සීයක් දෙසීයක් විසිවෙන්නේ නැහැ. හැම කෙනාම ටීවී සිරිස්වලට සබ් දාන්න එන්නෙත් නැහැ, ඒ එන අය මේ වගේ මරාල වලට කර ගහන්න කැමතිත් නැහැ.
අන්තිමේදී කොහොමහරි මමම ආපහු දෙතුන් දෙනෙක්ව එකතු කරගෙන සබ් ටික දීල පටන් ගත්ත වැඩේ ඉවර කරනවා කියල හිතුව. හැබැයි මේ අවුරුදු ගානක් බොහොම සතුටින් වෙච්ච මහන්සිය අන්තිමේ නිමා කරන්නේ කලකිරීමෙන්.
අවසාන වශයෙන් කියන්න ඕනා මේක අපේ ජොබ් එක නෙමෙයි, අපි ආතල් එකට කරන දෙයක් මේක. උඹලත් මේවා බලන්නේ ආතල් එකට. අපේ සබ් කරන අයට වැටෙන වැඩ රාජකාරි නිසා මේවට සබ් කරන එක අතපසු වෙන්න ඉඩ තියෙනව. එහෙම වෙලාවක ඉවසපල්ලා. කරන්න බැරි නම් කරන්න පුළුවන් එකෙක්ට දෙන්න කියලා උඹලා කියන පමාවෙන් බාරදෙන්න විධියක් නැහැ. අපිට පුළුවන් නම් දිගටම සබ් දෙනවා. බැරි කමක් තියෙනව නම් නිකම් ඉන්න වෙනව.
කරන්න මේවට සබ් කරන්න මිනිස්සු පෝලිම් ගැහිලා බලාගෙන ඉන්නේ නැහැ. මේකෙන් පස්සේ ආයේ වෝකින් ඩෙඩ් යුනිවර්ස් එකේ කිසිම සිරිස් එකකට උපසිරසි ලබාදෙන්න පෞද්ගලිකව මගෙත්, ඇඩ්මින් මඩුල්ලේත් අදහසක් නැහැ. කියල අවසාන වශයෙන් බොහොම කනගාටුවෙන් ප්‍රකාශ කරන්න වෙනවා, පටන් ගත්ත දවසේ ඉඳලා සහය දක්වලා කමෙන්ට් දාපු හැමෝටම ගෞරවණිය ප්‍රණාමය පිරිනමනවා! 🙂
Due to copyright issues, we no longer provide any torrent links.
මෙම උපසිරැසිය ඉහත WEB පිටපත් සඳහා පමණක් වලංගු වේ.
4,801 downloadsDownload The.Walking.Dead_.S11E24.Rest_.in_.Peace_.zip46 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
36 comments
max payne
max payne
Hitha wenas unoth twd universe ektath sub eka dnna
Anonymous
මෙචර කාලයක් සබ් එක දුන්න නිසයි බැලුවේ.❤️එකට බොක්කේම්ම තැන්ක්ස්❤️ අයේත් එක අවොත් අනිවා කවදක හරි ඔයාලම සබ් දේනක් ඉනවා.මේකට සබ් කරපු සැමටම බුදුසරණයි..❤️
Anonymous
thanks
gihan
උපසිරැසි සේරටම බොහෝම ස්තුති.
කොහොමහරි මේක ඉවරයිනෙ ඕව හිතන්න දෙයක් නෑThilina Jayarathna
ඉසෙල්ලාම ස්තූතී ඇඩ්මින් මඩුල්ලට.මෙක ඉවර වෙනකම් සබ් දුන්නාට.සහ මේ වෙනකම් සබ් දුන්න සහෝදරයන් ට.....ආදරෙයි...අපිට උබල එක්ක කිසි තරහක් නෑ බං.උබලා ගේ වේලාව මේකට වැය කරලා සබ් දෙනවා.ගොඩාක් ස්තූතී .විමා සහ ඇඩ්මින් ලාට.බල්ලො බොරුවට කදු පාත් වෙන්නේ නෑ නෙහ්.
Shehan
කොහොමත් ආයෙ දෙන්නත් එපා බං දුන්නත් බාගෙට දීලා නවත්තන එකනෙ උබලා කරන්නේ. ඊට පස්සේ බැනලා කොමෙන්ට්ස් වැටුනා කියලා අඬනවා.
Sujithasanka Fernando
Sirama kathawa bn, wedak baragaththanm iwara wenakm karanna one, magin atha harinne nathuwa
Ravindu_Heshan
ආයි මගින් නවත්තන්න උනොත් උනොත් ඔයාට පුළුවන් ද ඉස්සරහට ඒ අඩු සබ් ටික ගහලා දෙන්න
විමා
ආයෙත් කියනවා, සබ් කරන්නේ ආතල් එකට. උඹලා මේවා බලන්නෙත් ආතල් එකට.
සබ් දෙන එක අපේ අනිවාර්ය වගකීමක් නෙමෙයි. :)
ඒ නිසා දුන්නොත් සබත් එක්ක බලපල්ලා. සබ් දෙන්නේ නැත්නම් දෙන වෙන තැනකින් අරගෙන හරි, ඉංග්‍රීසි සබ් එක්ක හරි බලපන්. සරලයි සිද්දිය!Anonymous
ඒක ඇත්ත. උබල සබ් දුන්නෙ නැති නිසා අපි ඉංග්ලිශ් සබ් එක්ක තේරෙන විදියට බලල ඉවර වෙලා දැන් සෑහෙන කල්. මොනා උනත්, උබල සබ් කරල, දීපු හෙල්ප් එක අපි අගය කරනව. නමුත්, එක්කෙනෙක්ගෙ දෙන්නෙක්ගෙ කමෙන්ට් නිසා සබ් දෙන එක නවත්තපු එකනම් බැනපු නැති උන්ට කරපු පට්ටම අසාදරනයක්. අන්තිම එපියෙ උබෙ ලියල තියෙන ටික කියවන්නමයි සබ් එක දාල තියෙනව දැකල ආවෙ.
Ishan Madusha
බොහෝම ස්තූතියි...
Dineth Kanishka
මුල ඉදන් උපසිරැසි දුන්න ඔක්කොටම ස්තුතියි.
sachintha
මේ කතාමාලවට උපසිරැසි කරනයෙන් දායක වූ හැම දෙනෙක්ටම ගොඩාක් ස්තූතියි....
ජය වේවා..Anonymous
Thank yoh sub ekata
මිලින්ද
උඹල හරි මෝඩයි බං. මම උඹලත් එක්ක ඉන්නෙ අවුරුදු 8/9 කටත් කලින් ඉදල. උබල දීපු ගේම් එක හොදට දන්නව බං ඒ කාලෙ ඇඩ් නෑ නිකම්ම නිකන් සයිට් එකක් විතරයි රොයිලිල දාන සබ් අපි නිතරම අරගත්ත හොදට ෆිල්ම් සීරීස් බැලුව. පස්සෙ උබල ටික ටික ගොඩනැගුන. අනිත් සයිට් වලටත් වඩා උබල ඉස්සරහට ආව. උබලට මතකද උබලගෙ හොදටම ෆෑන් බේස් එකක් හැදිල තිබුන පේජ් බ්ලොක් උනා. සබ් වෙලාවට දෙන්නෙ නැතිවෙනකොට කුනුහර්පෙන් බණින උන් හිටිය. අප්ඩේට් එකක් නිසා කාලයක් වැඩකලේ නෑ. හුගක් උන් බණින නිසා කට්ටිය සබ් කලේ නෑ අතරමග නැවතුන සීරීස්.තිබ්බ.(සුපර් ග්ර්ල් වගේ කතා). උබල නොදැක්කට හුගක් උන්ට ඕන උනේ ඒක. උබලව කඩාකප්පල් කරන්න. ගොඩක් දුරට උන් සාර්තක උනා කියන්න පුලුවන්. ඒත් උබල අද 5 වෙනි තැන ඉන්නව. එදා ඉදල උඹලත් එක්ක හිටපු එකෙක් හැටියට උඹ අද ඉන්න තැන දකිද්දි පට්ට සතුටුයි. ඔච්චර කාලයක් මම හිටියට කමෙන්ට් දාල තියෙන්නෙ හුගක් අඩුවෙන් ඒකට සමාවෙයල්ල. මේ සීරීස් එක මුල ඉදලම මම බලපු නිසා අන්තිම එකට කමෙන්ට් එකක් දන්න හිතුවෙ විමාගෙ වචන ටික නිසා. උබල සන්තෝසෙන් කරන දේ හොදට කරහල්ල. මොක බැන්නත් උබලගෙ විනෝදාන්ශෙ නැතිකරගන්න එපා. පල ඇති රුකටයි ගල් වදින්නෙ. උඹලට ගැබුරින් හිතන්න ඒකයි මම මුලින්ම කිව්වෙ "උඹල හරි මෝඩයි බං"
Dewadithya
Thanks for Sub!
gayathra
me series ekata sub karala dunna hemotama godak sthuthii. kipadenekge comments nisa oyalage fan base ekata asadaranayak karanna epa api hemadamath oyala ekka upasiresa karana hemotama saha biscop ekata jaya wewa!!
Anonymous
බොහොම ස්තූති සහෝලා❤️
Dulara kavinda
බොහොම ස්තූති සහෝලා❤️
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
අශාන්
සීරීස් එකට සබ් කරපු සේරම අයට ගොඩාක් ස්තූතියි .උබල හින්ද තමා ආතල් එකෙ මේව බැලුවෙ. කවුරු කිව්වත් ඕන තරම් සීරීස් උබල ඉවරවෙනකල් දීල තියෙනවා .උබලගෙ වැඩත් අතපසු කරගෙන.ඉස්සරහ ටත් උබලගෙන් මේව බලාපොරොත්තු වෙනව.ජය වේවා බයිස්කෝප් හැමෝටම ආදරෙයි විමා❤
Anonymous
අපි වෙනුවෙන් සබ් කරන්න මහන්සි උන දායක උන හැමදෙනාටම ස්තුතියි. adareyi
Nimsara Dinuja
TWD Series එක පුරාවටම සුපිරියටම Sub එක දීපු හැමෝටම පට්ට Thanks....❤❤❤❤
dilruwan
thanks saho sub tika dunnata....season 11 ma baiscope eken thamai down kale,asawen balapu tv series ekak
dilruwan
thanks saho,maath awrudu 7/8 tisse inna kenek,eth man wadiya comment karala naha,ekata samawenna,
චරිත්
සුපිරි වැඩක් මචන් උබලා කරේ කොරෝනා වලට ලොක්ඩව්න් කරලා තිබ්බ දවස්වල තමා බලන්න පටන් ගත්තේ. සබ් සුපිරිම මට්ටමේ තිබ්බා. කවුරු මොනා කිව්වත් උබලාගේ ජොබ් එක උබලා මරුවටම කරා. ආදරෙයි ♥️♥️
Dill
thankx for the hard work....!
Anonymous
thanks for all
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Pubudu
Thank you sub ekata
Sandaru Nimsara
මුල ඉදන් සබ් දුන්නු හැමෝටම බොහොම ස්තූතියි ❤️
Laksitha
සබ් දීපු ඔක්කොටම ගොඩක් ස්තූතියි .❤️
D.a.dilruwan nilaksha
ehema hithanna epa,kuhakayo kothanath innwa,oyalata waradin na
Isuru Dissanayake
ලබාදුන් සියලුම උපසිරැසි සඳහා බොහොම ස්තුති... ❤️
Nisal Hemantha
Anee PLEASE.... TWD universe eke ithuru evatath SUB dennakooo.... Oyalage kepavima hemadama agaya karanava....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

Mechchara kalekata twd ekta sub dnna wima aethulu hemotama thank you very much.. e wagema smhara unge kalakanni weda walata twd fan kenek widihata samawa illanawa.. baisecop ekata jaya wewa !