The Family Man, Mirzapur, Paatal Lok වගේ සුපිරි ඉන්දියන් කතාමාලා රැසක් දායාද කරපු ඇමසෝන් ප්‍රයිම් වෙතින් එලි දක්වපු තවත් සුපිරි කතාමාලාවක් තමා අපි මේ අරන් එන්නේ. Crime|Drama|Mystery ගණයට අයිති වෙන මේ Dahaad කතාමාලාවට IMDb අගය 7.3ක් ලෙසත් සටහන් වෙලා තියෙනවා. මේ කතාමාලාව පුරා එක හුස්මට කුතුහලයෙන් බලා…

The Family Man, Mirzapur, Paatal Lok වගේ සුපිරි ඉන්දියන් කතාමාලා රැසක් දායාද කරපු ඇමසෝන් ප්‍රයිම් වෙතින් එලි දක්වපු තවත් සුපිරි කතාමාලාවක් තමා අපි මේ අරන් එන්නේ. Crime|Drama|Mystery ගණයට අයිති වෙන මේ Dahaad කතාමාලාවට IMDb අගය 7.3ක් ලෙසත් සටහන් වෙලා තියෙනවා. මේ කතාමාලාව පුරා එක හුස්මට කුතුහලයෙන් බලාගෙන යන්න පුළුවන් කොටස් 8ක් අඩංගු වෙලා තියෙනවා. රංගනයෙන් Sonakshi Sinha, Vijay Verma, Gulshan Devaiah, Sohum Shah ඇතුළු පිරිසක් එක්කහු වෙනවා. අධ්‍යක්ෂණයෙන් එකතු වෙන්නේ Reema Kagti, Zoya Akhtar, Farhan Akhtar වගේ සුපිරිම සෙට් එකක්. ඒ නිසා Dahaad මගහැරගන්න හිතන්නවත් එපා. ඉතින් කුතුහලයෙන් ඉතිරුණු කොටස් තුනක් බලාගෙන එන්න ඇති මේ වෙනකම්. දැන් අරන් එන්නේ හතරවෙනි කොටස. මේ වෙනකම් මොනවද සිද්ධ වුණේ කියලා බලමු.

ඒ රාජස්ථානයේ මන්ඩාවා කියන ප්‍රදේශය. ගැටුම් වලින් අඩුවක් නොතිබ්බ මේ ප්‍රදේශය එක පාරටම අලුතින්  ඇවිලිලා යන්නේ එක තරුණියකගේ අතුරුදහන් වීමකින්. තරුණියක් අතුරුදහන් වෙන එක මේ පැත්තට මහ දෙයක් නොවුනට මේක මහ දෙයක් වෙන්න ගන්නේ එක තරුණියකගේ අතුරුදහන් වීම තවත් තරුණියකගේ අතුරුදහන් වීමකට සම්බන්ධ වුණු නිසයි. මේ සිද්ධිය පොලිස් ස්ථානාධිපති දේවි සිංගේ මූලිකත්වයෙන් විසඳන්න බාර වෙන්නේ උප පරීක්ෂක අංජලී භාටි සහ කෛලාෂ් පර්ඝීටයි. විමර්ශනයේ වැඩි දුර යන්න යන්න එයාලා අනාවරණය කරගන්නවා මෙතන තරුණියෝ දෙතුන් දෙනෙක් නෙමේ 28 දෙනෙක්ම එකම රටාවේ සිද්ධීන්ට සහ ඊටත් පස්සේ එකම වගේ මරණයන්ට ගොදුරු වෙලා තියන විත්තිය.

හැමෝගෙම මළසිරුරු හම්බවෙන්නේ පොදු වැසිකිලි ඇතුලේ තිබිලා. ඔවුන් වස කාලා මැරිලා තියෙන්නේ වගේම වැසිකිලියේ දොරත් ඇතුලින් අගුලු දාගෙන. ඒ මදිවට ඒ හැම කෙනාම සැරසිලා ඉන්නෙත් මගුල් ඇඳුම් වලින්. විමර්ශනයන් ඉදිරියට යන අතරේ ආනන්ද්ගේ දඩයම් කිරීමත් ඉදිරියටම ගියා. අසරණ තරුණියන් තමන් දඩයම් වෙන බවවත් දැනගෙන නෙමේ හිටියේ. ඔය අතරේ අංජලී ඇතුළු පිරිසට වැඩ නොකරන නොම්බර අතරේ තිබිලා වැඩ කරන නොම්බරයක් හම්බවෙනවා. තමන්ගේ මේ විමර්ශනයට සහය වෙන්න පුළුවන් ප්‍රබලම සජීවී සාක්ෂිය, සින්ධූරා. ඒත් තමන්ගේ අමිහිරි අතීතය නිසා තමන්ගේ වර්තමාන ජීවිතය කැපකරන්න සින්ධූරා සූදානම් වෙන්නේ නැහැ. එයාගෙන් සහයක් ලැබුණේම නැති තරම්. වන්දනා එක්ක ප්‍රේම සම්බන්ධයක් තියන් ඉන්න ජයි එදා තමන්ගේ පිහිනුම් සැසිය ඉවර වෙලා ඇඳුම් මාරු කරගන්න කාමරේට ගියා. තමන්ගේ කොන්ඩේ වේලගන්න හිතාගෙන එයා හෙයාඩ්‍රයර් එක අතට ගත්තා.

දැන් එතැන් සිට…

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,378 downloadsDownload Dahaad.S01E04.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Next BT1

Subtitles by

PHOENIX

Subtitles

2,378 downloadsDownload Subtitles23 KB

6 comments

  1. Sanjeewa Malith

    Thank u subtitles akata ❤❤

  2. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  3. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි PHOENIX ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  4. nishshanka

    waiting for ep05

  5. Isitha Prasad

    sub ekata thanks

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P