Watch Trailer

The Worst of Evil [S01 : E07] Sinhala Subtitles | බොරුව තමයි ලොකුම ද්‍රෝහිකම [සිංහල උපසිරසි]

සුබ දවසක් බයිස්කෝප් වැසියනි. තවත් සුපිරි සහ නවතම කොරියානු කතාමාලාවක් ඔයාලට දෙන වැඩේ අපි පටන් අරන් තියෙන්නේ. ඉතිං ඒ කාර්යයේ හත්වෙනි කොටස ගේන්න බාර උනේ මටයි. ඒ උනාට උපසිරසිය ගේන්න හිතුවට වඩා පරක්කු උන එකටත් හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕන. ඔයාලා ලහිරු සහෝ දුන්න කලින් කොටස දැනටමත් බලලනේ ඇත්තේ. ඒ නිසා අපි අ…

 

සුබ දවසක් බයිස්කෝප් වැසියනි. තවත් සුපිරි සහ නවතම කොරියානු කතාමාලාවක් ඔයාලට දෙන වැඩේ අපි පටන් අරන් තියෙන්නේ. ඉතිං ඒ කාර්යයේ හත්වෙනි කොටස ගේන්න බාර උනේ මටයි. ඒ උනාට උපසිරසිය ගේන්න හිතුවට වඩා පරක්කු උන එකටත් හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕන. ඔයාලා ලහිරු සහෝ දුන්න කලින් කොටස දැනටමත් බලලනේ ඇත්තේ. ඒ නිසා අපි අද කොටස විතරක් පොඩ්ඩක් මතක් කරගමු.

ජන්ග් චීන සෙට් එකත් එක්ක කරන්න හදපු බිස්නස් එකට හිතපු නැති අකරතැබ්බයකුත් උනානේ. ඒ වගේම දැන් සන්ග්හෝ ඉන්නේ පොලිස් අත්අඩංගුවේ. මිනිහා එතනිනුත් කොහොමහරි බේරිලා ජන්ග්ට සැකයක් නැති වෙන්න කල්ලියට ආපහු එකතු වෙනවා. ඒත් ජුන්ග්බේනම් තාම ඉන්නේ සන්ග්හෝ ගැන සැකයකින්. ඒ වගේම චීන කෙල්ල එක්ක කතා කරලා මේ බිස්නස් එක කොහොමහරි කරන්න කැමති කරවගන්න වැඩේ ජන්ග් විසින් පවරන්නේ සන්ග්හෝටමයි. ඉතිං ඒක කරන්න ගිහින් සන්ග්හෝට තව ප්‍රශ්න ඇති වෙනවා වගේම ජුන්ග්බේගේ සැකය නිසත් එයාට තව කරදර ඇති වෙනවා. ඉතිං සන්ග්හෝ නොහොත් පාර්ක් ජුන්මෝ අද කොහොමද දෙපැත්තම බේරගෙන වැඩ ටික කරගන්නේ කියලා දැනගන්න ඕනනම් අද කොටසත් එක්ක එකතු වෙන්න කියලා ඔයාගෙන් ඉල්ලනවා. මාව මේ කතාමාලාවට සම්බන්ධ කරගත්තට බිම්සර යෂාන් සහෝටත්, හිරාන් සහෝටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා. ඊලඟ කොටස බිම්සර සහෝ අරන් එයි. නැවත දොළොස්වෙනි කොටසින් ඉක්මනට හමුවෙමු. ජයවේවා!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

2,826 downloadsDownload The-Worst-of-Evil-S01-E07.zip26 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ යුරාන් ධනුක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2018-08-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Next BT1

Subtitles by

යුරාන් ධනුක

Subtitles

2,826 downloadsDownload Subtitles26 KB

5 comments

  1. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  2. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  3. baiscopelk ishu

    Thx yuran sub ekata..

  4. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි මචෝ!

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P