Watch Trailer

The Worst of Evil [S01 : E12] Sinhala Subtitles | අවසන් සටන! [සිංහල උපසිරසි]

The Worst of Evil [S01 : E12] ඔන්න එහෙනම් මේ අති උදේගකර කතා මාලාවේ අන්තිම කොටස තමයි මේ අරගෙන ආවේ. දැං ඉතිං මේක බලපු අය නම් බලන් ඇත්තේ මේ හොරා පොලිස් සෙල්ලමේ අන්තිමේට මොකකින් මොකක් වෙයිද කියලනේ. ඒක සතුටුදායක අවසානයක් වෙයිද දුක්කිත අවසානයක් වෙයිද? එහෙනම් අපි කතාව මතක් කරන් ඉමුකෝ. මතක ඇතිනේ ජුන්මෝ ඇතු…

The Worst of Evil

ඔන්න එහෙනම් මේ අති උදේගකර කතා මාලාවේ අන්තිම කොටස තමයි මේ අරගෙන ආවේ. දැං ඉතිං මේක බලපු අය නම් බලන් ඇත්තේ මේ හොරා පොලිස් සෙල්ලමේ අන්තිමේට මොකකින් මොකක් වෙයිද කියලනේ. ඒක සතුටුදායක අවසානයක් වෙයිද දුක්කිත අවසානයක් වෙයිද?

එහෙනම් අපි කතාව මතක් කරන් ඉමුකෝ. මතක ඇතිනේ ජුන්මෝ ඇතුලු පිරිස මේ මත්ද්‍රව්‍ය ජාවාරම වටලන්න කරපු කිසිම දෙයක් හරි ගියේ නෑ. මොකද බඩුටික අරන් ගනුදෙනුව කරන්න යන්න ඔන්න මෙන්න ඉද්දි ජොන්බේගෙ කට්ටිය ඇවිත් බඩු ටික කොල්ල කන නිසා. පස්සෙ ගීචොල් මේ බව දැනගෙන ජොන්බේව හමුවෙන්න ආව වෙලේදි වෙන්නෙ වෙනස්ම සිදුවීමක්. ඒ තමයි මුලු ගන්නම් සංවිධානෙම ගීචොල්ට විරුද්ධ වෙලා, ඒකට හේතුව වෙන්නේ ගීචොල්ගේ දෙවෙනි සැලසුම නැතිනම් ඔහු මේ නීති විරෝදී ව්‍යාපාරය නවත්තලා නීත්‍යානුකූල ව්‍යාපාරිකයෙක් විදිහට ඉඩම් සංවර්ධන ක්ෂේස්ත්‍රයට එන්න හදපු සැලසුම ඔහුගේ සංවිධානෙ අය දකින නිසා. ඒ සැලසුමේ තියෙන්නේ තනිකරම ගීචොල්ගෙ සිහින සැබෑ වීමක් විතරයි ඔහුගේ යාළුවො ගැන ඒ සැලසුමේ නෑ ඉතිං මුළු සංවිධානෙම ඔහුට විරුධ වෙලා ගීචොල් ගැන පොලීසියටත් ඔත්තු දෙනවා. 

මේ නිසා ජුන්මෝ ඇතුලු රහස් පරීක්ෂක පිරිසට මේ ගොල්ලොන්ගෙ මෙහෙයුම තවත් අමාරු වෙනවා. මොකද දැං ගීචොල්ව ගන්නම් සංවිධානෙන් අයින් කරලා ජොන්බේ ඇතුලු පිරිස තමයි පාලනය ගෙනියන්නේ, ඒ විතරක් නෙවේ ගන්නම් පොලීසියත් දැං ඔවුන්ගෙ පැත්තටයි වැඩ කරන්නේ. මේ සඳහා ජුන්මෝ මොකක් කරයිද? මෙච්චර දුර ආ මෙහෙයුම කොහොම ඉවර වෙයිද? ඒ වගේම මෙහි අවසානයත් කෙසේ සිදුවෙයිද කියලා බලාගන්න මේ කොටස බලන්නම වෙනවා.

මගේ මතයට අනුව නම් මේකෙ අවසානය අපි හිතුවට වඩා ගොඩක් දේවල් සිද්ධ වුනත් ඒකෙ අඩුපාඩුවක් කියන්න බැහැ මොකද වෙන්න තිබුන දෙයක් තමා අවසානෙට සිද්ධ වෙන්නේ, ඒ නිසා මට නම් අවසානය ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්. ඒ වගේම මුළු සීරිස් එක ගැනම කිව්වොත් මට නම් කාලෙකට පස්සෙ එක හුස්මට බලලා දාන්න පුළුවන් වුණ කතා මාලාවක් තමයි මේක. ඒ විතරක් නෙවේ IMDb දර්ශකයෙත් මේ වෙනකොට 8.5 ඉහල අගයක් ගන්නත් සමත් වෙලා තියෙනවා වගේම මේ එපිසෝඩ් එකටත් IMDb 9.3 ඉතාම ඉහල අගයක් ගන්නත් හැකිවෙලා තියෙනවා. 

ඒ වගේම විශේශයෙන් මතක් කරන්න ඕනෙ මේ කතා මාලාවට උපසිරැසි කරන්න එකතු වුණ කනිෂ්කා පෙරේරා / රේණුකා සුභාෂිණී / ලහිරු මදුෂාන් / යුරාන් ධනුක / දුලක්ෂ සම්පත් / ඉෂාන් මදුෂංක / දිනිදු සම්පත් යන සහෝදර සහෝදරියන්ව සහ මේ වැඩේට ලොකු සහයෝගයක් දුන්න විමා අයියවයි හිරාන් සහෝවයි. එහෙනම් අපි මේ කුතුහලය ත්‍රාසය පිරුණු සුපිරිම කතා මාලාවෙන් සමුගන්නවා ආයෙ දවසක මෙවැනි කතා මාලාවකින් හමුවෙන බලාපොරොත්තුවෙන්. ජයවේවා!   

The Worst of Evil, The Worst of Evil Sinhala Subtitles, The Worst of Evil Sinhala subtitles, The Worst of Evil sinhala sub

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,802 downloadsDownload The-Worst-of-Evil-S01-E12.zip22 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2020-01-04

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

All BT1

Subtitles by

Bimsara Yashan (ඔලිව)

Subtitles

1,802 downloadsDownload Subtitles22 KB

5 comments

  1. Buddhika Lakmal

    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺

  2. යුරාන් ධනුක (දනුවා)

    අසනීප වෙලාවේ දුන්න සප් එකටත්, උපසිරසියටත් බොහෝම ස්තූතියි සහෝ!

  3. baiscopelk ishu

    නැවත හමුවෙමු.. උපසිරසි ලබා දුන් සියළුම දෙනාට බොහොම පිං

  4. විමා

    උපසිරසි ලබාදුන්නු හැමෝටම ගොඩක් ස්තුතියි.
    පිරියක් ඇතුව කතාවක් බලන්න පුළුවන් සබ් ටිකක් දුන්නට.

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P