The Worst of Evil [S01 : E11] එදා මම ජන්ග් ගීචෝල් ගාව හිටිය ගෑණු ළමයෙක්ව දැක්කා ඇය කවුද කියලා ඔයා දන්නවද? ඔයා දන්නවනේ, ඔයාගෙ ගැන්සිය අර රණ්ඩුව ඇති කරගත්ත වෙලාවේ, මට අහන්න ලැබුනා ඔහු එක්ක ගෑණු ළමයෙක් හිටියා කියලා. කවුද ඒ? අපේ මිනිස්සු කියන හැටියට, ඇය පොලිස් නිලධාරිණියක්. MPA එක වගේ එකක. ආ! SMPA එක?…

එදා මම ජන්ග් ගීචෝල් ගාව හිටිය ගෑණු ළමයෙක්ව දැක්කා
ඇය කවුද කියලා ඔයා දන්නවද?
ඔයා දන්නවනේ, ඔයාගෙ ගැන්සිය අර රණ්ඩුව ඇති කරගත්ත වෙලාවේ,
මට අහන්න ලැබුනා ඔහු එක්ක ගෑණු ළමයෙක් හිටියා කියලා.
කවුද ඒ?
අපේ මිනිස්සු කියන හැටියට, ඇය පොලිස් නිලධාරිණියක්.
MPA එක වගේ එකක.
ආ!
SMPA එක?
විකාර.
ඇත්තටම ඇය එහෙම තමයි.
SMPA, රෙද්ද තමයි.
ඔයා මාව මෙච්චර දුර මෙහෙට ගෙන්නුවේ ඇයි?
ඔයාට මාව හම්බෙන්න එන්න තිබුනනේ.
මම ඒක කෙටියෙන්ම කියන්නම්.
ඔයාට පුළුවන්ද මේ SMPA එකේ එක්කෙනා ගැන පරීක්ෂා කරන්න?
මම ඇයව දන්නවා.
ඇය අර හාදයා ගෙ දුව.
කාගෙ?
කලින් හිටපු කොමසාරිස් ගෙ නම මොකද්ද?
යූ දොක්හුන් ද?
ඇය ඔහුගෙ දුව.
ඇත්තට?
ඔව්.
ඔවුන් හොඳාකාරවම දන්න පොලිස් නිලධාරීන්.
කොමසාරිස් යූ ගෙ පුත්තු දෙන්නා, ඔහුගෙ දුව, ඔහුගෙ බෑනා පවා හැම කෙනෙක්ම පොලිසියේ.
බෑනා? ඒ කියන්නෙ ඇය කසාද බැඳලද? දැන් ඇය දික්කසාද වෙලා ද?
පොලිස් පවුලක දික්කසාදයක්? කොහෙත්ම නෑ.
මොන මගුලක් ද?
ඉතිං යාළුවනේ Worst of Evil රූපවාහිණි කතා මාලාවේ පළමු කතා සමයේ 11 වෙනි කතාංගයට උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. ඇත්තටම මේ කොටසට උපසිරැසි ගන්වමු කියලා මට මේක බාර දුන්නේ බිම්සර යෂාන් සොයුරා. මේ කතාව මම තාම බලන්න පටන්ගෙන තිබුනෙ නැති නිසා කොරියානු නම් ටික ටිකක් පැටළිලිසහගත උනා. එතනදි මගේ උදව්වට හිටියෙත් බිම්සර සොයුරාම තමයි. ඉතිං ඔහුටත් ස්තූතිවන්ත වෙන ගමන් කතාව ගැනත් පොඩ්ඩක් කියන්නම්.
මේක තමයි අවසාන කොටසට පෙර කොටස. ඒ කියන්නෙ තව එක කොටසකින් ඔයාලට දැනගන්න පුළුවන් වෙනවා මේ කතාව අවසන් වෙන්නෙ කොහොමද කියලා. මේ 11 වෙනි කොටස IMDb දර්ශකයේ 9.1/10 ක අගයක් ගන්න සමත් වෙලා තියෙනවා වගේම Top Rated කාණ්ඩයට ඇතුල් වෙන්නත් සමත් වෙලා තියෙනවා. 2023 ඔත්කෝබර් 25 තමයි මේක දකුණු කොරියාවෙ තිරගත වෙලා තියන්නේ.වැඩි විස්තර කියන්න යන්නෙ නෑ.. උඩ දෙබස් ටික කියෙව්වම තේරෙනව ඇතිනේ කතාව කොයි පැත්තටද හැරිලා තියෙන්නෙ කියලා… එහෙනම් හැමෝටම ජයවේවා!
The Worst of Evil, The Worst of Evil Sinhala Subtitles, The Worst of Evil Sinhala subtitles, The Worst of Evil sinhala sub
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,130 downloadsDownload The-Worst-of-Evil-S01-E11.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #The Worst of Evil
- #The Worst of Evil [S01 : E11] Sinhala Subtitles
- #The Worst of Evil sinhala sub
- #The Worst of Evil sinhala subtitle
- #TV
- #උපසිරැසි
- #දිනිඳු සම්පත්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Bimsara Yashan(ඔලිව)
Buddhika Lakmal
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Worst of Evil [S01 : E11] Sinhala Subtitles | මේ නමින් හඳුන්වන්නෙත් එයාවම තමයි…. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/10/the-worst-of-evill-01.jpg)




සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!