“ කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හයවන කතාමාලාවේ 18 වෙනි කොටස. මේ කොටස විකාශය වුණේ 1999 අප්‍රේල් 18 වෙනිදා. මේ කොටසට IMDB දර්ශක අගය 8 ක් ලැබිලා තියෙනවා .” “ ෆිලිප් පැජෙට් – මැදි වයසේ තරුණයෙක්, තමන් ලියපු කිසිම කතාවක් සාර්ථක නොවොනු නිසා කනස්සල්ලෙන් සිටින කෙනෙක්, තමාගේ කතාව සම්පූර්ණ කරගන්න…

“ කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හයවන කතාමාලාවේ 18 වෙනි කොටස. මේ කොටස විකාශය වුණේ 1999 අප්‍රේල් 18 වෙනිදා. මේ කොටසට IMDB දර්ශක අගය 8 ක් ලැබිලා තියෙනවා .”
“ ෆිලිප් පැජෙට් – මැදි වයසේ තරුණයෙක්, තමන් ලියපු කිසිම කතාවක් සාර්ථක නොවොනු නිසා කනස්සල්ලෙන් සිටින කෙනෙක්, තමාගේ කතාව සම්පූර්ණ කරගන්න ඕනෑම දෙයක් කරන කෙනෙක්. ”
“මේ ෆිලිප් පැජෙට් කියන කෙනා නැවතිලා ඉන්නේ මෝල්ඩර් නැවතිලා ඉන්න ගොඩනැගිල්ලෙමයි. මේ කෙනා කිසි කෙනෙක් එක්ක වැඩි කතාබහක් නැති නිසා කවුරුවත් අඳුරන්නේවත් නැහැ. ස්කලී එනවා මෝල්ඩර් හොයාගෙන එයාලා මිනීමැරුම් ගැන කරපු වාර්තා අරගෙන, මෙයාලා විමර්ශනය කරන සිද්ධියේ තියෙන්නේ කවුරුහරි කෙනෙක් මේ මිනිස්සුන්ගේ හදවත් කිසිම පලුද්දක්, කැපුමක් නොකර එයාලගේ සිරුරෙන් ඉවත්කරපු එකක් ගැන.”
“ඉතින් ස්කලීයි මොල්ඩරුයි මේ ගැන කතා කරමින් ඉන්න අතරේ අර රචකයා එයාලා කියන දේවල් හොරෙන් අහන් ඉඳලා, එයාගේ කතාවේ චරිත විදිහට මේ හදවත් ගන්න අත්භූත පුද්ගලයවයි, ස්කලීවයි, මොල්ඩර්වයි, තව අමුත්තෙකුයි අරගන්නවා, මෙයා විවිධ දේවල් කරනවා ස්කලීව නම්මගන්න, මේ අතරේදී අර මිනීමැරුම් වලට සමාන තවත් මිනීමැරුම් කිහිපයක් සිද්දවෙනවා.”
“ ඇත්තටම කිව්වොත් මේ රචකයා ස්කලීට කැමැත්තක් දක්වනවා, ඒ වගේම ස්කලීත් මේ කෙනා ගැන ගොඩක් කුතුහලයෙන් ඉන්නේ, මොකද මෙයා විවෘතව කතාකරනවා සහ මෙයා ස්කලී ගැන ගොඩක් දේවල් දන්නා නිසා. මේ අතරේ කවුරු හරි කෙනෙක් මොල්ඩර්ගේ ගෙදර ලියුම් කවරයක දාපු පදක්කමක් වගේ එකක් හම්බවෙනවා, මෝල්ඩර් හිතන්නේ මේක අර ඝාතකයාගේ වැඩක් කියලා, හැබැයි මේකෙන් කිසි දෙයක් හොයාගන්න ලැබෙන්නේ නැහැ, හැබැයි ස්කලී අර පැජෙට් එක්ක කතා කරමින් ඉන්න අතරේ දැනගන්නවා ඒ පදක්කම එවලා තියෙන්නේ ඒ පැජෙට් කියන කෙනා කියලා.”
“ඒත් මොල්ඩර්ට මේ රචකයා ගැන සැක නිසා එයා ගැන හොයන්න පටන්ගන්නවා, මේ අතරේ ස්කලීයි මේ පැජෙට් කියන කෙනයි කතා කරමින් ඉන්න අතරේ මෝල්ඩර් මෙයාව අත්අඩංගුවට ගන්නවා, මොකද මෙයා ලියන කතාවේ තියෙන්නේ ඇත්තටම දැන් සිද්දවෙන දේවල් නිසා, ඒ සිදුවෙච්ච හැම සිදුවීමක්ම විස්තර ඇතුව තියෙන නිසා, මෝල්ඩර් කියන්නේ මේ පැජෙට් කියන කෙනාට ඝාතකයාත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා……”
“ඇත්තටම මේ පැජෙට් කියන කෙනා නිකන්ම එයා මවාගෙන කතාව ලිව්වද ?….. නැත්නම් එයා වෙන කාවහරි මේ දේවල් සිද්දකරන්න සම්බන්ධ කරගත්තද….? ”
“ඒ ටික දැනගන්නනම් අනිවාර්යයෙන් සම්පුර්ණ කොටසම බලන්න වෙනවා.”
෴∞ අද කොටස ∞෴
කතාවේ නම : “Milagro”
පිටපත් රචනය : ක්‍රිස් කාටර්,වින්ස් ගිලිගන්, ජෝන් ශිබන්
අධ්‍යක්ෂණය : කිම් මැනර්ස්
නිෂ්පාදනය : ක්‍රිස් කාටර්
කතාව : ක්‍රිස් කාටර්
෴ප්‍රධාන නළු නිලියන්෴
ෆොක්ස් මෝල්ඩර් – ඩේවිඩ් ඩච්නොව්
ඩේනා ස්කලී – ගිලියන් ඇන්ඩර්සන්
ෆිලිප් පැජෙට් – ජෝන් හොව්ක්ස්
“ ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය……….. ”
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HD/ Web පිටපත් සඳහා අදාළ වේ.
3,046 downloadsDownload The.X-Files.S06E18.Baiscopelk.com_.zip67 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ විනෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2018-05-28
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
වරුණ විනෝද්
Subtitles
12 comments
supundissanayake
madhu bhagya
Tnz sub ekt
Navanjanaishan
Sub akata thanks anith season tikath demu!!!
kavini99
සිංහල උපසිරැසියට ස්තූතියි
Pramukmili
thanxx bro.........
Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...
මර වේගෙන් සබ් ටික අරන් ඇවිත්....
ඉතුරු ටිකත් මේ වගේම දෙමු....තව එපි 4යි....podda
thanks saho!!!!
බොබී
නියමයි සහෝ. දිගටම වැඩේ අරන් යමු. ජයවේවා.
denidu
බොහොම ස්තූතියි .
suranuwan
thank you..
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gihan
Thanks For subtitles............Good Luck
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Sub ekata thanks