බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ 2023 වසරේ අප්‍රේල් 20 වන දින තිරගත වූ Romantic Thriller Fantasy ගණයට අයත් වෙබ් කතා මාලාවක දෙවෙනි උපසිරැසිය රැගෙනයි. සරලව කිව්වොත් මේක ඉන්දියන් වැම්පයර් කතාවක්. වැම්පයර් කතා මොන වගේද ඔයාල දන්නවා ඇති. මේ කතාවේ කේන්ද්‍රය වෙන්…

බයිස්කෝප්වාසි සියළු දෙනාටම සුභ දවසක් ප්‍රාර්ථනා කරමින් අද මං ඔයාලට අරගෙන ආවෙ 2023 වසරේ අප්‍රේල් 20 වන දින තිරගත වූ Romantic Thriller Fantasy ගණයට අයත් වෙබ් කතා මාලාවක දෙවෙනි උපසිරැසිය රැගෙනයි.
සරලව කිව්වොත් මේක ඉන්දියන් වැම්පයර් කතාවක්. වැම්පයර් කතා මොන වගේද ඔයාල දන්නවා ඇති. මේ කතාවේ කේන්ද්‍රය වෙන්නේ කොල්කටා නගරය. දැන් හරි සාමකාමි සන්සුන් නගරයක් වුණාට, නගරවැසියෝ සතුටින් කාලය ගෙව්වට කාලයකට කලින් නම් මේ නගරයේ හැමතැනම තිබ්බේ භීෂණය විතරමයි. සාමාන්‍ය භීෂණයක් නෙමේ අමනුෂ්‍ය භීෂණයක්, මිනිස් ලේ පිපාසාවෙන් ඉන්න වැම්පයර් භීෂණයක්. කොහොමහරි එක මනුස්ස කොට්ඨාසයක් නිසා ඒ පිළිලය නගරයෙන් සදහටම සමු අරන් තිබ්බා.
සදහටම කියද්දි කලින් කොටස බලපු අයට ප්‍රශ්නාර්ථයක් එන්න ඇති. ඔව් කවුරුත් නොදන්නවා වුණාට ඒ වැම්පයර් භීෂණය කොල්කටා නගරයේ ආයෙ දළු දාන්න අරගෙනයි තිබ්බේ. මේ වෙද්දි ජීවිතේ බේරන් ඉන්න වැම්පයර් කණ්ඩායම පොලොව යට රහසිගත තැනක හැංගිලා ඉද්දි එක්කෙනෙක් විතරක් තමන්ගෙ නිදහස හොයාගෙන පොලවෙන් උඩ මනුෂ්‍ය ලෝකෙට ආවා ගියා, මිනිස්සු අතරම හැසිරුණා. කඩවසම් තරුණයන්ව වසඟයට අරගෙන හිතේ හැටියට ලේ උරා බිව්වා. හැබැයි ඇය මේ හැමදේම කළේ හරි පරිස්සමට. ලේ උරාබොන කෙනාට සිද්ධ වෙන්න පුලුවන් හානිය පොඩි තුවාලයකට විතරක් සීමාවෙන්න වග බලාගෙනයි ඇය මේ කටයුත්ත කළේ. තවත් භිෂණයක් ඇති කරන්න එයාගෙ හිතේ කිසි බලාපොරොත්තුවක් තිබ්බේ නෑ.
ඉතින් බලපු අය දන්නවා කවුරු ගැනද මේ කියන්නේ කියලා. රූමි.. දැක්ක තැන තරුණයන්ව පිස්සු වට්ටන්න පුලුවන් ලස්සනක් හිමි රූමි. කොල්කටා නගරයේ රාත්‍රියට කොහෙහරි සාදයක් තිබ්බොත් රූමි එතන ඇති, කවුරුහරි කොල්ලෙක්ව වසඟයට අරගෙන එයාගෙන් තමන්ගෙ පිපාසය සංසිදවගන්න අර අදින ගමන්. ඉතින් එදා දවස ටිකක් වෙනස් වුනේ රූමිට අමතරව ඒ වැඩේට තව කෙනෙක් එකතු වුනු නිසා. ඒ ශ්‍රීලා. රූමි තරම්ම වැඩේට අත්දැකීම් නැති නිසා රූමි හරි පරිස්සමට ශ්‍රීලාව මෙහෙයවනවා ඔයාලා දකින්න ඇති.

පල්ලෙහා ලෝකේ කාටත් හොරා රූමි සහ එයාගෙ යාලුවා උඩහ ලෝකෙට එන හැටිත් මේ ගැන දන්න ඩේවිඩ් සහ මීරා ගැනත්, පහල ලෝකේ ස්වභාවය මොන වගේද ඒක පාලනය කරන ඕරා සහ ඒඩි ගැනත් පළමු කොටසින් ඔයාලට අවබෝධයක් එන්න ඇති.
එතකොට අපේ අනිත් ප්‍රධාන චරිතය උඩහ ලෝකේ ඉන්න රෝයි. සාමාන්‍ය මනුෂ්‍යයෙක්. දත් දොස්තර කෙනෙක්. තරුණයෙක් වුණත් තවමත් තමන්ගෙ දොස්තර තාත්තගෙ අණ පණත් වලට යටවෙලා ජීවත්වෙන ලැජ්ජාශීලි කොල්ලෙක්. කොල්කටා නගරය මැද්දේ මෙයා දන්ත සායනයක් පවත්වගෙන ගියා. තාත්තගෙ බලකිරීමට දොස්තර කෙනෙක් වුණාට රෝයිගෙ හිත තිබ්බෙම ඉවුම් පිහුම් වැඩ වලට. මේ නිසා සායනයෙ වැඩ ඉවර වුණාම හැමදාම මෙයා කාටත් හොරා එයාගෙ අලුත්ම කෑම වට්ටෝරු වීඩියෝ කරලා යූටියුබ් දානවා. මේවා කරන්නේ මෙයාගෙ මූණ නොපෙන්වා. ඉතින් මතක ඇති දොස්තර රෝයිගේ පවුලෙ අය මෙයාට මනමාලියෙක් මුණගැහෙන්න කටයුතු කරලා තිබ්බා. සුපුරුදු විදිහටම කෙල්ල රෝයිව දැක්ක ගමන අකමැතිවෙනවා, මෙයාගෙ තියෙන මේ බයාදු ගතියට.
පලමු කොටසේදි ප්‍රධාන චරිත දෙක සම්බන්ධව සිද්ධ වුනු හැඳින්වීම තමා ඔය කෙටියෙන් කිව්වේ. ගොඩක් දේවල් සිද්ධ වුණු නිසා ඒ හැමදේම කිව්වොත් නොබලපු අයට කරන අසාධාරණයක්. හැබැයි කාගෙත් විහිළුවට ලක්වෙලා ඉන්න පොලිස් නිලධාරී කාර්තික්, රූමිගෙ වැරදුනු දඩයම, රෝයි-රූමි පලමු හමුවීම වගේ විශේෂ සිදුවීම් අමතක නොකරත් බැහැ. ඒ කොටස බලලලම සම්පූර්ණ රසය විඳගන්න ආරාධනා කරනවා.
එහෙනම්, තවත් මෙවැනිම උපසිරැසියකින් නැවත හමුවන තෙක් ඔබට තෙරුවන් සරණයි!

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,502 downloadsDownload Tooth-Pari-When-Love-Bites-2023-S01E02-720p.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු හේෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2020-05-05
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු හේෂාන්
Subtitles
- #Adil Hussain
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #Revathi
- #Sikandar Kher
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sushmita Sen
- #Tanya Maniktala
- #Tillotama Shome
- #Tooth Pari S01 Sinhala subtitles
- #Tooth Pari Season 1 Sinhala sub
- #Tooth Pari Sinhala sub
- #Tooth Pari Sinhala subtitles
- #Tooth Pari: When Love Bites Sinhala sub
- #Tooth Pari: When Love Bites Sinhala subtitles
- #Vikas Kumar
- #Zach Gilford
- #උපසිරැසි
- #රවිඳු හේෂාන්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
යුරාන් ධනුක (දනුවා)
Naveen Mbr
බොහෝම ස්තූතියි අයියේ!
Buddhika Lakmal (laKMal)
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥මයුර
සබට බොහොම තුති මචෝ...
Ravindra
Thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Tooth Pari: When Love Bites [S01 : E02] Sinhala Subtitles | සතුරාට ඉව වැටේ [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/05/Tooth-Paari-2023-Cover-021969.jpg)

උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ