නෙට්ෆ්ලික්ස් වෙතින් මුදාහැරිය අලුත්ම ඉන්දියන් කතාමාලාව Tooth Pari එක්කයි ඔයාලා මේ එකතු වෙල ඉන්නේ. අපි වෙනදට දකින ඉන්දියන් කතාමාලා වලට වඩා ගොඩක් වෙනස් සංකල්පයකින් තමා Tooth Pari නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙනස් කතාමාලාව වෙනුවෙන් ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.2ක අගයක් ලැබිලා තියෙනවා. කොටස් 8කින් ස…

නෙට්ෆ්ලික්ස් වෙතින් මුදාහැරිය අලුත්ම ඉන්දියන් කතාමාලාව Tooth Pari එක්කයි ඔයාලා මේ එකතු වෙල ඉන්නේ. අපි වෙනදට දකින ඉන්දියන් කතාමාලා වලට වඩා ගොඩක් වෙනස් සංකල්පයකින් තමා Tooth Pari නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙනස් කතාමාලාව වෙනුවෙන් ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.2ක අගයක් ලැබිලා තියෙනවා. කොටස් 8කින් සමන්විත මේ පලමු කතාසමයේ දැන් අපි එකතු වෙලා ඉන්නේ 3වෙනි කොටසත් එක්කයි. කලින් කොටස මතක් කරගෙන ඉමු.
රූමිගෙ කැඩිච්ච දත කාර්තික්ගේ සපත්තුව පසාරු කරගෙන කකුලත් තුවාල කරගෙන නැවතුනේ. කාර්තික් ගෙදර ගියෙත් ඒ දත එක්ක. දත කාර්තික්ගෙ තාත්තගෙ ඇහැගැටුනා මතක ඇති. ඒ කාලේ තිබ්බ වැම්පයර් භීෂණය මුලිනුපුටා දාන්න මූලික වෙච්ච වගේම ලෝකය ඉදිරියේ පිස්සෙක් ගානට වැටුනු කෙනෙක් තමා කාර්තික්ගෙ තාත්තා කියන්නේ. දැන් නම් එයාට ඇත්තටම පිස්සු වගේම කිසි දෙයක් මතක හිටින්නෙත් නෑ. දත දැක්ක හැටියේ එයාගෙ ඇස් දිප්තිමත් වුනා මතක ඇති. ඉතින් කාර්තික්ගෙ පුස්තකාල ගමනයි එතනින් වැම්පයර්ලව මර්දනය කරන්න ඉන්න කට්මුන්ඩු කණ්ඩායම ආපහු එකතු වුණු හැටි දකින්නත් ඇති. දැන් ඒ හැමෝම ගොඩක් වයස්ගතයි. කට්මුන්ඩු කණ්ඩායමේ නායිකාවත් ඔයාලා දකින්න ඇති, ලූනා. පේන හැටියට නම් එසේ මෙසේ කෙනෙක් නෙමේ වගේ.
ඔය අතර රූමි ඩොක් රෝයිගෙ නොඉඳුල් ලේ ගැන ඩේවිඩ් සහ මීරාට කනේ තිබ්බා. එයාලට නොඉවසුම් නැති වුණා ඒ ලේ රහ බලන්න. ඉතින් රෝයිගෙන් ලේ ටිකක් අරන් එන වැඩේ බාරවෙන්නේ ශ්‍රීලාට. මේ ගැන නම් රූමිගෙ එච්චර කැමැත්තක් තිබ්බෙ නෑ. මොකද ශ්‍රීලාට අත්දැකීම් නෑ වගේම පොඩි හෝ වරදක් වුණොත් රෝයි මැරෙන්නත් තිබ්බා. රෝයි ගැන තමන් හිතනව වැඩිදෝ කියලත් රූමිට හිතුනා.
රූමි එයාගෙ දත හොයන්න ගිය ගමනත්, කාර්තික්-රූමි හමුව වගේම ශ්‍රීලාට කලින් ගිහින් රූමි රෝයිව බේරගත්ත සිදුවිම් ටික ඔයාලා දකින්න ඇති. උද්වේගකර තැනකින් තමා දෙවනි කොටස අවසන් වුණේ. රෝයිව දඩයම් කරන්න ආපු ශ්‍රීලා ලූනාගේ දඩයමක් වෙනවා.
දැන් එතන ඉඳන්…

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
630 downloadsDownload Tooth.pari_.when_.love_.bites_.s01e03.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
- #Adil Hussain
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #PHOENIX
- #Revathi
- #Sikandar Kher
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sushmita Sen
- #Tanya Maniktala
- #Tillotama Shome
- #Tooth Pari S01 Sinhala subtitles
- #Tooth Pari Season 1 Sinhala sub
- #Tooth Pari Sinhala sub
- #Tooth Pari Sinhala subtitles
- #Tooth Pari: When Love Bites Sinhala sub
- #Tooth Pari: When Love Bites Sinhala subtitles
- #Vikas Kumar
- #Zach Gilford
- #උපසිරැසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
යුරාන් ධනුක (දනුවා)
Ravindra
Thanks
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![Tooth Pari: When Love Bites [S01 : E03] Sinhala Subtitles | යෙහෙළිය වෙනුවෙන් පලිගනිමි [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/05/Tooth-Paari-2023-Cover-021969.jpg)

උපසිරසියට බොහෝම ස්තූතියි සහෝ