නෙට්ෆ්ලික්ස් වෙතින් මුදාහැරිය අලුත්ම ඉන්දියන් කතාමාලාව Tooth Pari එක්කයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. අපි වෙනදට දකින ඉන්දියන් කතාමාලා වලට වඩා ගොඩක් වෙනස් සංකල්පයකින් තමා Tooth Pari නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙනස් කතාමාලාව වෙනුවෙන් ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.2ක අගයක් ලැබිලා තියෙනවා. කොටස් 8කින්…

නෙට්ෆ්ලික්ස් වෙතින් මුදාහැරිය අලුත්ම ඉන්දියන් කතාමාලාව Tooth Pari එක්කයි ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ. අපි වෙනදට දකින ඉන්දියන් කතාමාලා වලට වඩා ගොඩක් වෙනස් සංකල්පයකින් තමා Tooth Pari නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ වෙනස් කතාමාලාව වෙනුවෙන් ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.2ක අගයක් ලැබිලා තියෙනවා. කොටස් 8කින් සමන්විත මේ පලමු කතාසමයේ දැන් අපි එකතු වෙලා ඉන්නේ අවසානම කොටසත් එක්කයි. වැඩි කතා පස්සට දාලා කලින් කොටස මතක් කරගෙන ඉමු.
කාර්තික් රස්සාව නැතිවෙච්ච දුකටත් එක්ක බීගෙන විකාර කළා මතක ඇති. ඒත් තාත්තා කියපු එක දෙයකින් එයාගේ වෙරිගතියත් නැතිවුණා. මෙච්චරකල් වෙච්ච හැමදේම පැහැදිලි වෙන්න ගත්තා. එතකොට තමන් ආරක්ෂා කරන්න හදපු රූමිම තමයි මේ ලේ උරා බිබී මිනීමැරුම් කරන කෙනා. හැමදේම කල්පනා කරද්දි තමන්ගේ කකුලේ තිබ්බ මාරාන්තික තුවාලේ හොඳ වෙච්ච හැටිත් කාර්තික්ට හිතාගන්න පුළුවන් වෙනවා. ඔය අතරේ රෝයිගේ ගෙදර ඈයන්ව මුණගැහෙන්න රූමිගේ ගෙදර ඈයෝ එනවා. ඒ කිව්වේ මීරා සහ ඩේවිඩ් තමා රූමිගේ අම්මා සහ තාත්තා විදිහට ආවේ. මතක ඇතිනේ මහ ජෝඩු දෙක හරිම ලස්සනට මිත්‍රශීලීව හොඳ කාලයක් ගත කරා කියලා. ඔය අතර රූමි සහ රෝයි දෙන්නත් ගොඩක් සමීප වුණා. ඔය අතර කාර්තික් තමන් හොයාගත්ත අලුත් දේවල් එක්ක විමර්ශනය කරගෙන ගියා. රෝයිගේ ක්ලිනික් එකේ සීසීටීවී දර්ශන බලන්න ගිය එයා දැක්කා ඒ කිසිම දර්ශනයක රූමි නෑ කියලා. හැමදේම විශ්ලේෂණය කරලා කාර්තික් කෙලින්ම හිතාගත්තා ලූනාට සහය දෙනවයි කියලා. ඒත් එක්කම රූමි මෙච්චර කල් උඩහ කරපු දේවල් පල්ලෙහා ලෝකේට එලිවෙනවා. ඒ අමර්ගේ ප්‍රමුඛත්වයෙන්. ඒ වෙනුවෙන් රූමිට සිද්ධ වෙනවා ලොකු දඬුවමකට මූණ දෙන්න. ඇඟට කිසිම ආහාරයක් නැතුව රූමි හිටියේ දුර්වල වෙලා. දවස් ගානක් යනකම් රූමිගේ සලකුණක්වත් නැති තැන රෝයි පල්ලෙහා ලෝකෙට එනවා රූමිව හොයාගෙන. එතනින් එහාට රෝයිට මොකද වුණේ? රූමිව හොයාගන්න පුළුවන් වුණාද?
පහුගිය කොටසේ ඔය සිද්ධි ටිකත් එක්ක අපි අද අටවෙනි කොටස එහෙමත් නැත්තම් මේ කතාසමයේ අවසාන කතාංගයට මේ විදිහට පය තියනවා. බලලම දැනගන්න මේ කොටසේ මොනවද සිද්ධ වෙන්නේ මොනාද නොවෙන්නේ, පැහැදිලි අවසානයක් තියෙනවද නැද්ද කියලා. එහෙනම් අදින් මේ Tooth Pari මෙහෙයුමත් අවසාන වෙනවා. මේ කතාමාලාව පුරාවටම උපසිරසි ගන්වන්න සහය දක්වපු දහරා අක්කා, රවිඳු මල්ලි, සිසිත ඇතුළු හැමෝටම ගොඩක් ස්තූතිවන්ත වෙනවා. Tooth Pari දෙවැනි කතාසමයක් ගැන නම් තවම කිසි ආරංචියක් නැහැ. ඉදිරියේදී ඒ ගැන දැනගන්න ලැබෙයි. තවත් කතාසමයක් ආවොත් අනිවාර්යෙන් අපි උපසිරැසි අරන් එනවා. ඒ වගේම පහුගිය දවසකදී Netflix විසින් නිවේදනය කළා මීට කලින් අපි උපසිරැසි ගෙනාපු Aranyak (2021) සහ The Fame Game (2022) කියන කතාමාලාවන් අවලංගු කර දැමූ බවට. ඒත් එක්කම Yeh Kaali Kaali Ankhein (2022) සහ Mai (2022) කතාමාලාවන් සඳහා නව කතාසමයන් නිකුත් වෙන බවත් ප්‍රකාශ කරා. Tooth Pari වෙනුවෙන් මොන විදිහේ ඉරණමක් අත්වෙයිද දන්නේ නැහැ. අපි කාලයට ඉඩ දීලා බලන් ඉමු. මේ වෙනකම් අපි එක්ක එකතු වුණු අපිට සහයෝගය දුන්නු හැමෝටම ස්තූති කරමින් අපි සමුගන්නවා. ජයවේවා…

Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
842 downloadsDownload Tooth.pari_.when_.love_.bites_.S01E08.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
PHOENIX
Subtitles
- #Adil Hussain
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #PHOENIX
- #Revathi
- #Sikandar Kher
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sushmita Sen
- #Tanya Maniktala
- #Tillotama Shome
- #Tooth Pari S01 Sinhala subtitles
- #Tooth Pari Season 1 Sinhala sub
- #Tooth Pari Sinhala sub
- #Tooth Pari Sinhala subtitles
- #Tooth Pari: When Love Bites Sinhala sub
- #Tooth Pari: When Love Bites Sinhala subtitles
- #Vikas Kumar
- #Zach Gilford
- #උපසිරැසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
4 comments
Naveen Mbr
Heli
Thank you!!
Buddhika Lakmal (laKMal)
♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Tooth Pari: When Love Bites [S01 : E08] Sinhala Subtitles | අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/05/Tooth-Paari-2023-Cover-021969.jpg)

ජයි ෆීනික්ස්!