Trese [S01 : E01] Sinhala Subtitles හලෝ යාලුවනේ! අද මම අරගෙන ආවේ Episode 6 කින් යුත් Supernatural Thriller Series එකක්. ඇනිමේ ස්ටයිල් එකට හදපු මේ කතාව ගලාගෙන යන්නේ පිලිපීන ජනප්‍රවාද වල එන අත්භූත සත්තු සහ නූතන අපරාධ විමර්ශනය අපූරුවට එකතු කරලා. Budjette Tan සහ Kajo Baldisimo කියන දෙන්නා ලියපු ජනප්‍රි…

Trese Sinhala Subtitles

හලෝ යාලුවනේ! අද මම අරගෙන ආවේ Episode 6 කින් යුත් Supernatural Thriller Series එකක්. ඇනිමේ ස්ටයිල් එකට හදපු මේ කතාව ගලාගෙන යන්නේ පිලිපීන ජනප්‍රවාද වල එන අත්භූත සත්තු සහ නූතන අපරාධ විමර්ශනය අපූරුවට එකතු කරලා. 

Budjette Tan සහ Kajo Baldisimo කියන දෙන්නා ලියපු ජනප්‍රිය පිලිපීන කොමික් පොත් පෙළක් (පොත් 8) ඇසුරෙන් තමයි මේ කතාව නිර්මාණය වෙන්නේ. ඒවගේම මේක Netflix ආයතනය විසින් නිපදවන ලද ප්‍රථම පිලිපීන සජීවීකරණ කතා මාලාවයි.

මේක TV-MA වර්ගීකරණය යටතට වැටෙන නිර්මාණයක් නිසා අවුරුදු 17 ට අඩු දරුවන්ට බලන්න හොද එකක් නෙවෙයි. 

  • Ratings ගැන කිව්වොත්:

○ IMDb: 7/10

○ Rotten Tomatoes: 100%

 

  • Trese Universe එක ගැන :

 

ප්‍රධාන ලෝක තුනකින් (The Three Realms) සමන්විත වේ. ඒවා එකිනෙකට සමාන්තරව පවතින බව කියැවේ. මෙම ලෝකයන් අතර පවතින සමතුලිතතාවය රැකීම ඇලෙක්සැන්ඩ්‍රා ට්‍රේසේගේ ප්‍රධාන වගකීමයි.

 

​1. Terra Mundo (ටෙරා මුන්ඩෝ): මෙය අප ජීවත් වන සාමාන්‍ය මනුෂ්‍ය ලෝකයයි. මැනිලා නගරය සහ එහි වෙසෙන මිනිසුන් මෙයට අයත් වේ. නමුත් මෙය මිනිසුන්ගේ පමණක් නොව, අද්භූත ලෝකයන් සමඟ දැඩි සබඳතාවක් පවත්වන “සන්ධිස්ථානයක්” බඳු ස්ථානයකි.

මෙම ලෝකයේ ප්‍රධාන ජනගහනය මනුෂ්‍යයන් වන අතර, ඔවුන්ගෙන් බහුතරයක් තමන් වටා සිටින අද්භූත ජීවීන් පිළිබඳව නොදනිති. අතීතයේදී පාතාල ලෝකයෙන් (Underworld) පැමිණි අස්වන්ග් (Aswang), තික්බාලාන්ග් (Tikbalang) සහ නුනෝ වරුන් (Nuno) වැනි ජීවීන්ගේ පරම්පරා මෙහි ජීවත් වෙති. මොවුන්ගෙන් ඇතැමෙක් මිනිස් සමාජයට අනුගත වී සාමකාමීව ජීවත් වන අතර (උදා: මස් කඩ හිමි අස්වන්ග්වරු), තවත් පිරිසක් රහසිගත අපරාධ කල්ලි මෙහෙයවති. 

ටෙරා මුන්ඩෝ යනු අද්භූත බලවේග සහ නූතන තාක්ෂණය මුසු වූ ස්ථානයකි. මැනිලා නගරයේ නවීන ගොඩනැගිලි අතරම, මෑන්හෝල් තුළ වසන නුනෝවරුන් සහ රහසිගතව පවත්වාගෙන යන අද්භූත බාර් (උදා: The Diabolical) දැකගත හැකිය.

මෙහි සාමය පවත්වා ගැනීම සඳහා විශේෂ “සම්මුතීන් පවතී. Babaylan-Mandirigma වන ඇලෙක්සැන්ඩ්‍රා ට්‍රේසේගේ වගකීම වන්නේ පාතාලයේ ජීවීන් ටෙරා මුන්ඩෝ හි නීති කඩ නොකරන බවට වගබලා ගැනීමයි. බොහෝ අද්භූත ජීවීන් මනුෂ්‍යයන්ට නොපෙනෙන සේ මායාවන් භාවිතා කරමින් ටෙරා මුන්ඩෝ තුළ සැඟවී සිටිති.

  1. Underworld (පාතාල ලෝකය): මෙය පොළොවෙන් පහළ පිහිටි ලෝකය ලෙස සැලකේ. ට්‍රේසේ විශ්වයේ පාතාල ලෝකය යනු හුදෙක් රාක්ෂයන් වසන ස්ථානයක් පමණක් නොව, එය තමන්ගේම නීති පද්ධතියක් සහ ස්වභාවයක් සහිත අතිශය සංකීර්ණ මානයකි.

පාතාල ලෝකය විවිධ භෞතික මට්ටම් හෝ ස්ථරවලින් සමන්විත වේ. මෙහි වසන ජීවීන් හුදෙක් පාතාලයේම පමණක් නොව, මනුෂ්‍ය ලෝකය වන ටෙරා මුන්ඩෝ තුළ ද ජීවත් වෙති. අස්වන්ග්, ටියානක් (Tiyanaks) සහ විවිධ අමනුෂ්‍ය කල්ලි මෙහි ප්‍රධාන වැසියන් වේ. ඔවුන් සාමූහිකව පාතාලයේ “Denizens” ලෙස හඳුන්වනු ලැබේ. 

පාතාල ලෝකයේ වඩාත්ම සුවිශේෂී ලක්ෂණය වන්නේ එහි ඇති “කර්ම යුක්තිය” (Karmic sense of justice) පිළිබඳ හැඟීමයි. යම් දෙයක් පාතාල ලෝකයෙන් ලබා ගන්නේ නම් (උදාහරණයක් ලෙස ජීවිතයක් හෝ බලයක්), ඒ වෙනුවෙන් යමක් නැවත ලබා දිය යුතුය. මෙම ලෝකය සැමවිටම සමතුලිතතාවය අපේක්ෂා කරන අතර, එම සමතුලිතතාවය බිඳී ගියහොත් එය ඉතා දරුණු ප්‍රතිවිපාක ඇති කරයි.

පාතාල ලෝකයටම ආවේණික වූ බලවේග සහ මූලද්‍රව්‍ය පවතී. Eldritch Fire කියන්නේ පාතාල ලෝකයෙන් නිපදවන ගින්නයි. මෙය සාමාන්‍ය ගින්නට වඩා වෙනස්ය. මෙම අද්භූත ගින්නෙන් Brimstone/Sulfur සුවඳක් විහිදේ. යම් අපරාධ ස්ථානයක මෙවැනි ගන්ධයක් පවතී නම්, එය පාතාල ජීවියෙකුගේ මැදිහත්වීමක් බව ඇලෙක්සැන්ඩ්‍රා පහසුවෙන් හඳුනා ගනී.

  1. Skyworld (ආකාශ ලෝකය): දෙවිවරුන් සහ අනෙකුත් ඉහළ මට්ටමේ ආත්මයන් වෙසෙන ලෝකයයි. සැන්ටෙල්මෝ (Santelmo) වැනි ගිනි මූලද්‍රව්‍යයන්ගේ ඇතැම් වර්ග මෙහි සිටින බව විශ්වාස කෙරේ. Skyworld යනු ට්‍රේසේ විශ්වයේ පවතින උසස්ම සහ අද්භූතම මානයයි. පාතාල ලෝකය මෙන් නොව, මෙම ලෝකය පිළිබඳව සාමාන්‍ය වැසියන් දන්නේ ඉතා අල්ප වශයෙනි. එය බොහෝ විට විස්තර කෙරෙන්නේ බලවත් මූලද්‍රව්‍යමය ජීවීන්ගේ සහ දේව සදිසි සටන්කරුවන්ගේ නිවහන ලෙසයි. මෙහි අකුණු සහ විදුලිය පාලනය කරන ජීවීන් (Lightning Elementals) සිටියි.

මිට අමතරව Afterworld (හෙවත් මරණින් මතු ලෝකය/පරලොව) යනු ට්‍රේසේ විශ්වයේ ආත්මයන්ගේ අවසාන ගොඩබිමයි. කතා මාලාව තුළ මෙය Progression ලෙසද හඳුන්වනු ලබන්නේ, එය ආත්මයක සංසාරික ගමනේ මීළඟ පියවර වන බැවිනි. මෙන්න මේ අද්භූත ලෝකය සහ එයට පිවිසෙන මාර්ග තමයි, 

​1. ඉබූගේ ගංගාව (Ibu’s River)

 

​මරණයට අධිපති “ඉබූ” (Ibu) දේවතාවියට අයත් මෙම ගංගාව, මියගිය අයගේ ආත්මයන් Afterworld වෙත රැගෙන යන ප්‍රධාන මාර්ගයයි. මෙය හුදෙක් ජලයෙන් පිරුණු ගංගාවක් නොව, මනුෂ්‍ය ලෝකය සහ මරණින් මතු ලෝකය යා කරන ආත්මිය ද්වාරයකි.

 

​2. MRT Line 3 (මැනිලා මෙට්රෝ දුම්රිය මාර්ගය) සහ ආත්මයන්ගේ දුම්රිය

 

​මෙම කතා මාලාවේ එන ඉතාමත් නිර්මාණශීලී සංකල්පයක් වන්නේ නූතන ප්‍රවාහන පද්ධතිය සහ අද්භූත ලෝකය එකිනෙක මුසු කිරීමයි.

මැනිලා නගරයේ MRT Line 3 දුම්රිය මාර්ගය ඉදි කර ඇත්තේ ඉබූගේ ගංගාව ගලා බසිනා මාර්ගයට සමාන්තරවය. ඒ කියන්නේ ආත්මිය ගංගාව ගලා බසින්නේ මැනිලා නගරයේ පොළොවට යටිනි. MRT Line 3 ඉදි කර ඇත්තේ හරියටම මෙම ගංගාව ගලා බසින මාර්ගයට ඉහළිනි. මධ්‍යම රාත්‍රියෙන් පසු (රාත්‍රී 12න් පසු) සාමාන්‍ය මගීන් සඳහා දුම්රිය ධාවනය නතර වූ විට, මෙම මාර්ගය අද්භූත බලවේගයන්ට විවෘත වේ.

Taga-sundo (Emissary/දූතයා) කියන්නේ ඉබූ දේවතාවියගේ සේවකයන් හෙවත් “ආත්මයන් කැඳවන්නන්” වේ. ඔවුන් මධ්‍යම රාත්‍රියෙන් පසු දුම්රිය භාවිතා කරමින් මියගිය අයගේ ආත්මයන් Afterworld වෙත ප්‍රවාහනය කරති.

පිලිපීන ජනප්‍රවාදවල මෙන්ම ට්‍රේසේ කතාවේදී ද බැලේට් වෘක්ෂ (Balete trees) ලෝක දෙකක් යා කරන ස්වභාවික පාලම් ලෙස ක්‍රියා කරයි. ගසේ අතුවලින් ඉහළට ආකාශ ලෝකය සමඟ සම්බන්ධ වේ. ගසේ මුල්වලින් පහළට පාතාල ලෝකය සමඟ සම්බන්ධ වේ. මහා බැලේට් වෘක්ෂය (The Great Balete Tree) මනුෂ්‍ය ලෝකයේ මැද පිහිටි වඩාත්ම බලවත්ම ද්වාරය වන අතර ලෝක තුනම එකිනෙක යා කරන ප්‍රධාන මධ්‍යස්ථානය යි.

 

  • පලවෙනි Episode එක බලන්න කලින් මේ අය ගැන දැනගන්න එක හොඳයි:

ඇලෙක්සැන්ඩ්‍රා ට්‍රේසේ කියන්නේ ඇන්ටන් සහ මිරැන්ඩා ට්‍රේසේගේ හයවන දරුවායි. ඇගේ පියා වූ ඇන්ටන්, මිනිස් ලොව සහ අද්භූත ලෝකය අතර සාමය පවත්වා ගත් “ලාකාන්” (Lakan/ආරක්ෂකයා/නායකයා) වරයා වූ අතර, මව වන මිරැන්ඩා දක්ෂ “Babaylan” (පූජකවරියක්/අනාගතය දකින්නියක්) වරියකි. මෙම දෙපාර්ශවයේම උරුමය ඇලෙක්සැන්ඩ්‍රා සතුය. ඒ නිසා ඇලෙක්සැන්ඩ්‍රා Babaylan-Mandirigma ලෙස හදුන්වනවා. 

බබයිලාන්-මන්දිරිග්මා කියන්නේ හුදෙක් පදවියක් පමණක් නොව, එය ලෝක දෙකක් අතර පවතින සන්ධිස්ථානයකි. මෙම භූමිකාවේ දි Babaylan යනු පුද්ගලයෙකුව අධ්‍යාත්මිකව සුව කිරිමේ ශක්තිය, ආත්මයන් සමඟ සන්නිවේදනය කිරීමේ හැකියාව, අනාවැකි තේරුම් ගැනීමේ හැකියාව, අද්භූත වතාවත් කිරීමේ හැකියාව යනාදිය ඇත. Mandirigma යනු මාරාන්තික සටන්කරුවෙකුගේ දක්ෂතාවය සහ ආයුධ හැසිරවීමේ හැකියාවයි. මේ පදවිය දරන්නා සාමාන්‍යයෙන් යම් නිශ්චිත නගරයකට (උදා: මැනිලා නගරයට) පත් කරනු ලැබෙන අතර ඔවුන්ගේ වගකීම් වන්නේ, 

අද්භූත බලවේග නිසා මිනිසුන්ට හෝ ජීවීන්ට සිදුවන හානි වලින් ඔවුන්ව සුවපත් කිරීම (Healer), මනුෂ්‍ය ලෝකය සහ අද්භූත පාතාල ලෝකය අතර ඇති සමබරතාවය ආරක්ෂා කිරීම (Guardian), නීතියේ රැහැනට හසු නොවන, අද්භූත අපරාධ විමර්ශනය කර ඒවාට දඬුවම් පැමිණවීම (Mediator).

මැනිලා නුවර පිහිටි “The Diabolical” නම් රාත්‍රී සමාජ ශාලාවේ හිමිකාරිණිය වන්නෙත් ඇලෙක්සැන්ඩ්‍රායි. මෙය හුදෙක් බාර් එකක් පමණක් නොව, මිනිසුන් සහ අද්භූත ජීවීන් එකට හමුවන, සාකච්ඡා පවත්වන, තොරතුරු හුවමාරු කරගන්නා මධ්‍යස්ථානයකි. 

ඇලෙක්සැන්ඩ්‍රා ඇගේ 18 වන උපන්දිනය දවසේදී Lakan (ආරක්ෂකයා) පදවිය හිමි කර ගන්නවා. මෙහිදී ඇයගේ ප්‍රධාන කාර්යභාරයන් තුනකි. එක ලෝක අතර ඇති ද්වාරයන් ආරක්ෂා කිරීම සහ අඳුරු බලවේග මෙලොවට පැමිණීම වැළැක්වීම (Realms Guarding). දෙක පොලිසියට විසඳිය නොහැකි අද්භූත අපරාධ විමර්ශනය කිරීම (Supernatural Investigation). තුන මිනිස් ලොව සහ පාතාල ලොව අතර ඇති ගිවිසුම් කඩ නොවීමට වගබලා ගනිමින් බල තුලනය පවත්වා ගැනීම (Maintaining Balance).

ඇගේ ප්‍රධාන හැකියාවන් :

​

  • සටන් හැකියාව [ ඇගේ ප්‍රධාන ආයුධය Sinag (සිනාග්) නම් Kris (ක්‍රිස්) වර්ගයේ කඩුවකි. Kris යනු අග්නිදිග ආසියාවට (විශේෂයෙන් පිලිපීනය, ඉන්දුනීසියාව සහ මැලේසියාව) ආවේණික වූ, ඉතා සුවිශේෂී හැඩයකින් යුත් කඩුවකි. ඇයට මෙය මන්ත්‍ර බලය මෙහෙයවීමට ද උපකාරී වේ.]
  • මන්ත්‍ර බලය [ මායාවන් බිඳ දමා අද්භූත ජීවීන්ගේ සැබෑ ස්වරූපය දැකීමට, පැරණි දුරකථනයෙන් හෝ ගිනි කූරු මඟින් සැන්ටෙල්මෝ කැඳවිම, මියගිය හෝ පන ඇති අයෙකු අවසන් වරට දුටු දර්ශනය දැකීමේ හැකියාව, ලෙඩ රෝග සහ ශාප සුව කිරීමේ හැකියාව, තව තියේ….]

පිලිපීන ජනප්‍රවාදවල එන Nuno (නුනෝ වරුන්) කියන්නේ සොබාදහම සමඟ තදින්ම බැඳී සිටින, තරමක් ඉක්මනින් කෝපයට පත්වන නමුත් ඉතා බුද්ධිමත් ජීවීන් කොට්ඨාසයක්. මෙයාලා Earth Elementals (පෘථිවි හෝ පස් මූලද්‍රව්‍යට අධිපති ජිවින්) ලෙස හඳුන්වනවා. කතා මාලාවේ අපට හමුවන ප්‍රධානතම නුනෝ චරිතය වන්නේ Nuno Sa Manhole ය. ඕනෑම ඝන ද්‍රව්‍යයක් ස්පර්ශ කිරීමෙන් එහි අතීතය, එය පැමිණි තැන සහ එයට සම්බන්ධ වී ඇති මිනිස් හැඟීම් හඳුනා ගැනීමට මෙයාලට පුළුවන්. නගරයේ සිදුවන ඕනෑම රහසක් දන්නා කේලාම් කියන ඔත්තුකාරයින් වැනිය. මේ අය සමඟ හොඳින් කටයුතු කළහොත් ඕනෑම තොරතුරක් ලබා ගැනීමට හැකිය. නුනෝවරුන් පෙනුමෙන් කුරු මිට්ටන්ට (Duwende) සමාන වෙනවා.

අස්වන්ග්වරුන් (Aswang) කියන්නේ හුදෙක් එක් වර්ගයක වැම්පයර්වරුන් පිරිසක් නෙවෙයි. මෙයාලා පාතාල ලෝකයේ සිට පැමිණි, මාංශ භක්ෂක අද්භූත ජීවීන් සමූහයකට පොදුවේ කියන නමක්. මිනිසුන් අතර සැඟවී සිටීම සඳහා තම රූපය වෙනස් කරගැනීමේ (Shapeshift) හැකියාව මෙයාලට තියෙනවා. සාමාන්‍යයෙන් දහවල් කාලයේදී ඉතා නිහඬ, සාමාන්‍ය මිනිසුන් වගේ කටයුතු කරනවා. මෙයාලා රුධිරය හෝ මාංශ ආහාරයට ගන්නවා.

ඒවගේම විවිධ ගෝත්‍ර (Clans) විදිහට බෙදිලා මනුෂ්‍ය ලෝකය තුළ මිනිසුන්ට සැක නොසිතෙන විදිහට ඉතා රහසිගතව තම ව්‍යාපාර හෝ රැකියා කරමින් ජීවත් වෙනවා. ඒවගේම ඇතැම් අස්වන්ග් ගෝත්‍රිකයන් සාමකාමීව ජීවත් වුවද, තවත් පිරිසක් නීති විරෝධී ක්‍රියාවල නිරත වෙනවා.

මේ චරිත යුගලය වන්නේ The Kambal හෙවත් ක්‍රිස්පින් සහ බැසිලියෝ ය. මේ දෙන්නා නිවුන්නු. ක්‍රිස්පින් යනු සහෝදරයන් දෙදෙනාගෙන් වඩාත් බරපතල සහ හික්මුණු චරිතය. සැමවිටම වගකීමෙන් යුතුව කටයුතු කරන අතර, සටන් වලදී සහ රාජකාරි වලදී ඉතා සංවේදීව සහ බුද්ධිමත්ව තීරණ ගන්නවා. බැසිලියෝ යනු වඩාත් විවෘත චරිතයයි. ඕනෑම බැරෑරුම් අවස්ථාවකදී පවා විහිලු තහළු කිරීමට ප්‍රිය කරන කෙනා ඔහුයි. සටනක් මැද වුනත් ඉතා සැහැල්ලුවෙන් හැසිරෙ. කොමික් පැනලයක (Panel) බොහෝ විට ක්‍රිස්පින්ව වම් පසින්ද, බැසිලියෝව දකුණු පසින්ද නිරූපණය කෙරෙනවා. 

මෙයාලා මිනිස් මවකට සහ යුද්ධයේ දෙවියා වූ තලග්බුසාඕට (Talagbusao) දාව උපන් දරුවන්ය. තලග්බුසාඕ විසින් මොවුන්ගේ ගේ මව මරා දමන අතර පසුව ඇති වන සටනකින් ඇන්ටන් ට්‍රේසේ (ඇලෙක්සැන්ඩ්‍රාගේ පියා) විසින් ඔහුව පරාජය කර මායා බලයෙන් සිරකරනවා. එතැන් සිට මේ නිවුන්නු දෙන්නව ඇන්ටන් විසින් දරුකමට හදා ගැනීමට පටන් ගන්නවා. මොවුන් සටනක දි වෙස් මුහුණු පැළඳ සිටින අතර, එම වෙස් මුහුණු හුදෙක් මුහුණ සැඟවීමට පමණක් නෙවෙයි, මෙයාලගේ ස්වභාවය පාලනය කරන්නත් යොදා ගන්නවා. මේ දෙන්නගේ පියා වූ තලග්බුසාඕගෙන් මේ දෙන්නට උරුම වූයේ කිසිදා නිවාගත නොහැකි රුධිර පිපාසයක්. ඉතින් සටන් බිමේදී මෙයාලගේ මේ දරුණු ස්වභාවය පාලනය කරන්නේ මෙයාලට බැඳී තියෙන මේ වෙස් මුහුණු මගින්. ඒවගේම සටන් කරන විට මෙම වෙස් මුහුණු ඉබේම මේ අයගේ මුහුණෙන් මතු වෙනවා. මේ දෙන්නා ඇලෙක්සැන්ඩ්‍රා ට්‍රේසේගේ විශ්වාසවන්තම ආරක්ෂකයන් ලෙස කටයුතු කරනවා.

 

  • මේ දෙන්නගේ සුවිශේෂී හැකියාවන් :

 

ප්‍රධාන වශයෙන් භාවිතා කරන්නේ අද්භූත පිස්තෝල යුගලක්. මෙම ආයුධ සාමාන්‍ය තුවක්කුවලට වඩා බලවත් වන අතර මනුෂ්‍ය නොවන අමනුෂ්‍ය සතුරන්ට පවා මාරාන්තික වෙනවා. ඒවගේම මේ අයගේ පියා වූ තලග්බුසාඕගෙන් උරුම වූ බලයන් අතරින් වඩාත්ම සුවිශේෂි වන්නේ සුව වීමේ හැකියාවයි. මේ දෙන්නගේ සිරුරේ තුවාල ඉතා වේගයෙන් සුව වෙනවා. කොතරම් වේගෙන් ද කිවවොත්, සිරුර මැදින් දෙකට වෙන් වුනොත්, නැවත එම කොටස් එකතු කරගෙන සුව වීමේ මහා බලයක් මේ අය සතුව තියෙනවා. ඒවගේම අහසේ පියාසර කිරීමේ හැකියාවකුත් තියෙනවා.

 

​● දුර්වලතා :

 

​අර්ධ-දේවියන් වුනත් මෙයාලව පරාජය කළ හැකි දුර්වලතා කිහිපයක් තියෙනවා. මේ අය විදුලි බලය සහිත සතුරන් හමුවේ තාවකාලිකව අඩපණ කරන්න පුළුවන්. ඒවගේම මේ අයගේ සිරුර සුව වන වේගයට වඩා වේගයෙන් දහනය වන ගින්නක් මඟින් මේ අයව මරා දැමීමට හෝ දැඩි ලෙස තුවාල කිරීමට පුළුවන්.

පිලිපීන ජනප්‍රවාදවල එන සැන්ටෙල්මෝ වරුන් (Santelmo) කියන්නේ ස්වභාවික ගින්නකට වඩා වෙනස්, සජීවී සහ බුද්ධිමත් ගිනිමය ජීවීන් කොට්ඨාසයක්. සාමාන්‍යයෙන් මෙයාලව දිස්වන්නේ ගිනිගෙන දැවෙන මිනිස් හිසක ස්වරූපයෙන්. ගිනි මූලද්‍රව්‍යයට අධිපති ජීවීන් (Fire elementals) ලෙස සැන්ටෙල්මෝවරුන්ට ගින්න පිළිබඳව ගැඹුරු අවබෝධයක් තියෙනවා.

යම් ස්ථානයක ඇති වූ ගින්නක් දෙස බලා එය හුදෙක් අනතුරක්ද, නැතහොත් හිතාමතා කළ ගිනි තැබීමක්ද යන්න හඳුනා ගන්න මෙයාලට පුළුවන්. ගින්න ඇති කිරීමට භාවිතා කළ ඉන්ධන හෝ මායාව පවා මෙයාලට හඳුනා ගන්න පුළුවන්. ඒවගේම සටන් වලදී ඇලෙක්සැන්ඩ්‍රාට ආරක්ෂාව පවා සපයනවා. සැන්ටෙල්මෝගේ උදව් අවශ්‍ය වෙලාවට ඇලෙක්සැන්ඩ්‍රා ඇය ලඟ තියෙන දුරකතනය ඔස්සේ එයාව කැඳවිම කරනවා.

සැන්ටෙල්මෝවරුන් වසර සිය ගණනක් ජීවත් වෙන අය උනත් වයස සහ හැසිරීම අතර ලොකු වෙනසක් තියෙනවා. වසර සියයකට වඩා පැරණි සැන්ටෙල්මෝවරුන් පවා බොහෝ විට කුඩා ළමුන් මෙන් හැසිරෙනවා.

ඇලෙක්සැන්ඩ්‍රාට සැන්ටෙල්මෝ වරුන් මේ විදියට උදව් කරන්න හේතුව ඇලෙක්සැන්ඩ්‍රා ගේ සීයා වන ඇලෙක්සැන්ඩර් ට්‍රේසේ විසින් සිත් තැවුලට පත් වූ සැන්ටෙල්මෝ කෙනෙකු සිය පාලනයෙන් ගිලිහී ඇති කල විශාල ගින්නක් නිවා දැමීමට සහ තත්ත්වය පාලනය කිරීමට ඔවුන්ට උදව් කරපු නිසයි. කල උපකාරයට පෙරලා උදව් කිරිමට එම ගින්න ඇති කල සැන්ටෙල්මෝ සහ ඔහුගේ පරම්පරාවේ අය ට්‍රේසේ පවුලට ණයගැති වුණා.

 

පලමු කතාංගය – IMDb: 6.9/10

 

දෙවන කතාංගයෙන් හමුවෙමු. ජය වේවා!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

525 downloadsDownload Trese-S01E01.zip18 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිශාන් සමීර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-02-03

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Next BT1

 

 

Trese Sinhala Subtitles

Subtitles by

නිශාන් සමීර

Subtitles

525 downloadsDownload Subtitles18 KB

0 comments

No comments yet.