Watch Trailer

True Detective [S04 : E04] Sinhala Subtitle | හිම තලාවේ මරණයක්! [සිංහල උපසිරැසි]

True Detective S04 Sinhala Subtitle මේ පළවෙන්නේ True Detective: Night Country කතාමාලාවේ සිව්වැනි කොටසයි. පසුගිය කොටසේ ඔබ දකින්න ඇති ජූලියා නවාරෝගේ මානසික තත්වය තවත් උග්‍ර අතට හැරෙනවා. ඒ වගේම හිමෙන් දිවි ගලවා ගත් විද්‍යාඥයාද නිසි වැදගත් තොරතුරක් හෙළි කරන්නට පෙර මරණයට පත්වෙනවා. නවාරෝ සහ ලිස් මෙතැනින්…

True Detective S04 Sinhala Subtitle

මේ පළවෙන්නේ True Detective: Night Country කතාමාලාවේ සිව්වැනි කොටසයි. පසුගිය කොටසේ ඔබ දකින්න ඇති ජූලියා නවාරෝගේ මානසික තත්වය තවත් උග්‍ර අතට හැරෙනවා. ඒ වගේම හිමෙන් දිවි ගලවා ගත් විද්‍යාඥයාද නිසි වැදගත් තොරතුරක් හෙළි කරන්නට පෙර මරණයට පත්වෙනවා. නවාරෝ සහ ලිස් මෙතැනින් එහාට පරීක්ෂණය කොහොමද ගෙනියන්නේ? අද කොටසින් බලමු එතැන් සිට…

අද පළ වන කතාංගය ගැන:

අද කතාවේ මොකද වෙන්නේ? ජූලියාගේ මානසික සෞඛ්‍ය අරගල නරක අතට හැරෙන විට, නවාරෝ ඇයව ප්‍රාදේශීය වෛද්‍ය පහසුකමකට ගෙන එන්නේ, මේ කාලය යහපත් වන බවට සහෝදරිය වන ජූලියාට පොරොන්දු වෙමින්. මේ අතර ඩැන්වර්ස් සහ නවාරෝ ඇනීගේ ඝාතනය සිදු වූ ස්ථානය තහවුරු කරගන්නවා. ලිස් ඩැන්වර්ස්ගේ ඉනුපියාක් සුළු දියණිය වන ලියා, ලිස්ගේ අකමැත්ත නොතකා ඇගේ ස්වදේශික උරුමය ගවේෂණය කරන්නට උත්සාහ කරන නිසා ඔවුන් දෙදෙනා අතර ගැටුම් ඇතිවෙනවා. ඇය විතරක් නෙවෙයි, නිතරම පොලිස් සේවයට කැපවී සිටීම නිසා බිරිඳ සහ දරුවා සමඟ ගතකරන කාලය අඩු වීමෙන් පීටර් ප්‍රයර්ගේ විවාහය සම්බන්ධ ප්‍රශ්න උග්‍ර වෙනවා. ඒ ප්‍රශ්නය කොහෙන් කෙළවර වෙයිද? මේ අතර මළවුන්ගේ බියජනක දර්ශනවලින් පීඩා විඳින ජූලියා හදිසියේම වෛද්‍ය ඒකකයෙන් පැන යනවා. ඇයට මොකද වෙන්නේ? නවාරෝට ඇයව හොයාගන්නට හැකි වෙයිද? ඩැන්වර්ස් සහ නවාරෝට ඇනීගේ වීඩියෝවේ සඳහන් හිම ගුහාවට යන්නට මඟ පාදා ගැනීමට ඔටිස් හේස්ගේ උපකාරය ලැබේවිද? අද බලමු මේ සේරම මේ කොටසින්.

සංවේදී දර්ශන නිරුවත් දර්ශන අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට සුදුසු නිර්මාණයක්.

අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි!

  • සිව්වැනි කොටස – “Part 4″ – “හිම තලාවේ මරණයක්!”
  • අධ්‍යක්ෂක – Issa López
  • තිරරචනය – Namsi Khan, Chris Mundy and Issa López
  • මුල්වරට විකාශය කෙරුණු දිනය – 2024 පෙබරවාරි 04
  • IMDb Ratings – 6.2/10


True Detective S04 Sinhala Subtitle


 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

538 downloadsDownload True-Detective-S04-E04.zip25 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

 

True Detective S04 Sinhala Subtitle

Subtitles

538 downloadsDownload Subtitles25 KB

0 comments

No comments yet.