Watch Trailer

Twelve [S01 : E03] Sinhala Subtitles | දඩයමේ ආරම්භය [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් 03 වෙනි කොටසත් අරගෙන ඔයාලව හමුවෙන්න ආවා.. වැඩි විස්තර නැතුව අපි බලමු 02 වෙනි කොටසෙදි මොකද වුනේ කියලා.. දෙවන කොටස, පළමු කොටසට වඩා ක්‍රියාදාම හා කුතුහලය දනවන සිදුවීම් රැසකින් සමන්විත වුනා.. ඔයාල දකින්න ඇතිනෙ ටේ-සන් ඇතුළු දේව දූතයන්ගේ දිව්‍යමය බලය මිනිසුන් විසින් වැරදියට තේරුම් ගැනීම නිසා…

ඔන්න එහෙනම් 03 වෙනි කොටසත් අරගෙන ඔයාලව හමුවෙන්න ආවා.. වැඩි විස්තර නැතුව අපි බලමු 02 වෙනි කොටසෙදි මොකද වුනේ කියලා..

 දෙවන කොටස, පළමු කොටසට වඩා ක්‍රියාදාම හා කුතුහලය දනවන සිදුවීම් රැසකින් සමන්විත වුනා.. ඔයාල දකින්න ඇතිනෙ ටේ-සන් ඇතුළු දේව දූතයන්ගේ දිව්‍යමය බලය මිනිසුන් විසින් වැරදියට තේරුම් ගැනීම නිසා සිද්ධ වුන අලකලංචිය. එම සිදුවීම නිසා ටේ-සන් නැවතත් මිනිසුන්ගේ ප්‍රශ්න වලට මැදිහත් නොවී සිටීමට තීරණය කරනවා.

ඒ වගේම ඔ-ග්වී ව අවදි කරවන ප්‍රධාන පූජක සා-මින් විසින් හේ-ටේගෙ බලය නැවත ලබා ගැනීම සදහා ඔ-ග්වීව මෙහෙයවීම දකින්න ලැබුනා. මතක ඇතිනෙ මෙතනදි
සා-මින් සදහන් කරනවා ආත්මීය පාශාන තුනක් පිළිබදවත්.

මිනිස් ලෝකයෙ සාමාන්‍ය ජීවිත ගතකරමින් සිටින දේව දූතයන්, ඔවුන්ගේ බලය අහිමි වීම නිසා අපහසුතාවයට පත්ව සිටින අයුරුත්, තම අනන්‍යතාවය සඟවාගෙන ජීවත් වීමට උත්සාහ කරන අතරතුර, නැවතත් නපුරු බලවේග ක්‍රියාත්මක වන බවට ඔවුන්ට ඉඟි ලැබෙන අයුරුත් ඔයාලට දෙවෙනි කොටසෙදි දකින්න පුළුවන් වුනා..

කතාවේ අවසානයේදී සා-මින්ගේ අනුගාමිකයන් විසින් මීර්ට පහර දීමට පැමිණෙන ආකාරය හා දේව දූතයන් ඇයව බේරාගැනීමට පැමිණෙන ආකාරයත්, ඔවුන් අතර ඇතිවෙන සටනත් බලාගන්න ලැබුනා.. නමුත් ටේ-සන් මේ කිසිවක් නොදැන වෙනත් ස්ථානයක සිටීම නිසා, කණ්ඩායම දුර්වල තත්ත්වයකට පත්වුනා..

අද කොටසෙන්,

දෙවන කොටසේ සිදු වූ අනපේක්ෂිත සිදුවීමෙන් පසු, දේවදූතයින් අතර නොසන්සුන්කාරී තත්වයක් ඇති වෙනවා.. ඔවුන්ගේ ආරක්ෂාව වගේම මිනිස් ලෝකය තුළ ඔවුන්ගේ අරමුණ පිළිබඳවත් ප්‍රශ්න කෙරෙනවා.. නායක ටේ-සන්, තම කණ්ඩායම ආරක්ෂා කර ගැනීමේ වගකීමත්, අතීතයේ සිදු වූ වේදනාකාරී සිදුවීම් අතරත් සිරවෙනවා..

මේ අතර, නපුරු බලවේග තමන්ගේ සැලැස්ම තවදුරටත් ක්‍රියාත්මක කරමින්, දේව දූතයන්ගේ දුර්වලතා හඳුනා ගැනීමට උත්සාහ කරනවා. ඔවුන්ගේ ඊළඟ ඉලක්කය කුමක් වෙයිද ? ඉදිරියේදී මුහුණ දීමට සිදු වන මහා අභියෝගය සඳහා ටේ-සන් ඇතුළු කණ්ඩායමේ සූදානම් කෙබදුද යන්න අද කොටසෙන් ඔයාලට බලාගන්න පුළුවන්..

එහෙනම් අපි හතරවන කොටසෙන් ඉක්මනින්ම හමුවෙමු.. එතෙක් ඔයාල හැමෝම පරිස්සමෙන් සතුටෙන් ඉන්න ඕනෙ..

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

630 downloadsDownload Twelve-S01E03.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

 

All BT1

Next BT1

Subtitles by

ඉෂාන් මධුෂංක(ඉෂූ)

Subtitles

630 downloadsDownload Subtitles17 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි ඉෂෘන් සහෝ උපසිරැසියට