Kaiju No. 8 [S02 : E06] Sinhala Subtitles එළඹුනු Summer season එකේ වඩාත් බලාපොරොත්තු සහගත වගේම ජනප්‍රිය ඇනිමෙ කතා මාලාවක් වෙන Kaiju No.8 හි Season 2 හි 6 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. ඉතින් කතාවේ තියෙන රසයේ කිසිම අඩුවක් මේ season 2 එකේ දකින්න ලැබුනේ නැති බව මෙතෙක් කතාව නරඹපු ඔයාට දකින්න ලැබෙන…

Kaiju No. 8 Sinhala Subtitles
එළඹුනු Summer season එකේ වඩාත් බලාපොරොත්තු සහගත වගේම ජනප්‍රිය ඇනිමෙ කතා මාලාවක් වෙන Kaiju No.8 හි Season 2 හි 6 වන කොටස සමගිනුයි ඔබ මේ එකතු වෙන්නෙ. ඉතින් කතාවේ තියෙන රසයේ කිසිම අඩුවක් මේ season 2 එකේ දකින්න ලැබුනේ නැති බව මෙතෙක් කතාව නරඹපු ඔයාට දකින්න ලැබෙන්න ඇති. මේ ගෙවුනු සතිය පෞද්ගලිකව අධිකව වැඩ තිබුනු සතියක් වුනු නිසා උපසිරැසිය අරන් එන්න නම් සතියක්ම ප්‍රමාද වුනා. ඒ ගැන බලවත් කණගාටුව ප්‍ර්‍රකාශ කරන ගමන්, එහෙනම් මේ අලුත් කොටසට යන්න කලින් පෙර කොටසේ සිදුවීම කෙටියෙන් මතක් කර ගනිමු.
කයිජු අංක 9 සහ ආරක්ෂක බලකාය අතර වුනු සටනින් දරුනු තුවාල ලබල කයිජු අංක 9 පැනල යනවා. අධ්‍යක්ෂකතුමාව කයිජු අංක 9 ගිල ගත්තු නිසා රටට දරුණු අහිමි වීමක් සිද්ධ උනා වගේම ඒ වෙනුවෙන් හැමෝම ආරක්ෂක බලකා අධ්‍යක්ෂකතුමාට අවසන් ගෞරවයත් දැක්වුවා. පොඩි කාලේ කයිජු සටනකින් තමන්ගෙ අම්මව අහිමි වුනු කිකොරු ෂිනොමියාට දැන් තමන්ගෙ තාත්තවත් අහිමි වෙලයි තියෙන්නෙ. මේ සටන නිසා මෙතෙක් ආපු දරුණුම සතුරෙක්ට තමයි මුහුණ දෙන්නෙ කියල ආරක්ෂක බලකායට තේරුම් යනවා. ඒ නිසා හැමෝම දැන් ඉන්නවට වඩා ශක්තිමත් වෙන්න සටන් පුහුණු වීම් වල නිරත වෙනවා.
ඒ අතරේ Season 1 හි අවසානයෙදි අපිට දකින්න ලැබුනු, සටනින් නැවත ගොඩනැගෙන්න බැරි විදිහට දරුණු තුවාල ලබපු කයිජු අංක 10 ආරක්ෂක හමුදාවේ සිරභාරයේ ඉන්නවා. කයිජු අංක 10 එහෙම තියන් ඉන්නෙ ඇයි? ඒ අතරේ මෙතෙක් පාවිච්චි නොකරපු බලවත් වගේම අනතුරුදායකම අංකිත කයිජු ආයුධය ගැන කතාබහක් එළියට එනවා. අංකිත ආයුධයක් කියන්නෙ මින් පෙර ආපු, බලකාය අතින් මැරුනු බලවත්ම ඩයිකයිජුලා ඇසුරෙන් නිපදවපු ආයුධ. මොකක්ද ඒ ආයුධය? ඒ වගේම අධ්‍යක්ෂකතුමාගේ මරණය එක්ක හමුදාංශ නායකයින් හැමෝම එකතු වෙලා හමුවක් පවත්වනවා. ඒ හමුවෙදි වෙන්නෙ මොකක්ද? අලුත්ම දේකට තමයි අපි මේ එන්න යන්නෙ. මීළඟට මොකක් වේවිද? නරඹන්න මේ කොටස. රූප රටා වලටම අනූන නාද රටා සමඟින් මේ කතාව ඔබට උපරිම විනෝදාස්වාදයක් ලබා දෙන්නක් වේවි. එහෙනම් හමුවෙමු ඉදිරි කොටස් තුළින්.
ලංකන් weebs වෙනුවෙන් – හසරංග නදීෂ
Episode Name : Compatible User
Released Date : 2025.08.23
IMDB Rating : 7.8
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,659 downloadsDownload Kaiju-No.8-S02E06-Sinhala-Subtitles.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලංකන් Weebs” කණ්ඩායමට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම එම කණ්ඩායමේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2021-02-08
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ලංකන් Weebs
Subtitles
1 comment
Kalana
Advertisement



Thank you brother . ❤️❤️❤️❤️❤️