Watch Trailer

Twelve [S01 : E04] Sinhala Subtitles | හෙළිදරව්ව [සිංහල උපසිරසි]

ඔන්න එහෙනම් 04 වෙනි කොටසත් අරගෙන ඔයාල හමුවෙන්න ආවා.. අපි බලමු 03 වෙනි කොටසෙදි මොකක්ද වුනේ කියලා.. දෙවන කොටසේදී මීර්ට එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව, ඒන්ජල්ස්ලා අතර දැඩි කම්පනයක් නිර්මාණය වෙනවා. ටේ-සන්, තම කණ්ඩායම ආරක්ෂා කරගැනීමේ අරමුණින්, කිසිවෙකුත් නිවසින් පිටතට නොයා යුතු බවට නියෝගයක් පනවනවා. තමන් නි…

ඔන්න එහෙනම් 04 වෙනි කොටසත් අරගෙන ඔයාල හමුවෙන්න ආවා.. අපි බලමු 03 වෙනි කොටසෙදි මොකක්ද වුනේ කියලා..

දෙවන කොටසේදී මීර්ට එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව, ඒන්ජල්ස්ලා අතර දැඩි කම්පනයක් නිර්මාණය වෙනවා. ටේ-සන්, තම කණ්ඩායම ආරක්ෂා කරගැනීමේ අරමුණින්, කිසිවෙකුත් නිවසින් පිටතට නොයා යුතු බවට නියෝගයක් පනවනවා. තමන් නිසා අන් අයට හානියක් වේ යැයි සිතන මීර්, මෙම තීරණය ගැන කනස්සල්ලට පත් වෙනවා.

මේ අතර, ප්‍රධාන පූජක සා-මින් සහ ඔහුගේ අනුගාමිකයන්, හේ-ටේව නැවත නැගිටුවීමට අවශ්‍ය
ඉතිරි “ආත්මීය පාශන” සොයා ගැනීමේ මෙහෙයුම තීව්‍ර කරනවා..

ඒන්ජල්ස්ලා තුළ නොසන්සුන්තාවයක් හටගන්නවා. විශේෂයෙන්ම කන්ග්ජි, මිනිසුන්ව ආරක්ෂා කිරීම ඔවුන්ගේ වගකීම බව පවසමින් ටේ-සන්ගේ තීරණයට විරුද්ධ වෙනවා. අතීතයේදී තම පවුලේ සාමාජිකයන් මිනිසුන් නිසා අහිමි වීමේ වේදනාවෙන් පෙළෙන ටේ-සන්, නැවත වරක් එවැනි දෙයක් සිදුවීමට ඉඩ නොදෙන බවට දැඩිව කියා සිටිනවා..

අද කොටසින්,

04 වෙනි කොටසෙන් හේ-ටේගෙ අතීතය පිළිබදව යම් ඉඟියක් ලබා දෙනවා බලාගන්න පුලුවන්.. ඒ වගේම දැන් දැන් අපේ එන්ජල්ස්ලා සෙට් එක සටනට සූදානම් වෙනවා
දකින්නත් පුලුවන්.. මරොක්ගෙ අණ පරිදි පිටවෙන වොන්සොන්ග් සා-මින් ඇතුළු පිරිස සිටින තැන සොයාගනියිද ? සා-මින් කල්ලියේ දැඩි බලපෑමට ලක්වෙන ඒන්ජල්ස් කණ්ඩායමට කුමක් වෙයිද ?

පස්වන කොටසෙන් ඉක්මනින්ම හමුවන තෙක්  ඔයාල හැමෝම පරිස්සමෙන් සතුටෙන් ඉන්න ඕනෙ..

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

619 downloadsDownload Twelve-S01E04.zip17 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

 

All BT1

Next BT1

Subtitles

619 downloadsDownload Subtitles17 KB

2 comments

  1. Arawinda Sunimal

    ස්තූතියි උපසිරැසියට ජයවේවා තෙරැවන් සරණයි

  2. Buddhika laKMal

    ස්තූතියි ඉෂාන් සහෝ සබ් එක ඉක්මනටම දුන්නට

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.