Twisted Metal [S01 : E06] Sinhala Subtitles කොහොමද ඉතින් හැමෝටම? හොඳින් ඇති කියල හිතනවා. ඔන්න අද ඔයාල එකතු වෙන්නෙ සුපුරුදු පරිදි Twisted Metal (2023) සීරිස් එකේ හයවෙනි එපියත් එක්ක. ඒකටත් උපසිරැසි අරගෙන ආවා ඔන්න. අද කතාංගය බලන්න කලින්, පහුගිය කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. වොට්ස් එක්ක කරපු ගනුදෙනුවෙන්…

කොහොමද ඉතින් හැමෝටම? හොඳින් ඇති කියල හිතනවා. ඔන්න අද ඔයාල එකතු වෙන්නෙ සුපුරුදු පරිදි Twisted Metal (2023) සීරිස් එකේ හයවෙනි එපියත් එක්ක. ඒකටත් උපසිරැසි අරගෙන ආවා ඔන්න. අද කතාංගය බලන්න කලින්, පහුගිය කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉමු.
වොට්ස් එක්ක කරපු ගනුදෙනුවෙන් පස්සෙ ජෝන් සහ ක්වායෙට් විනෝද වෙවී ගමන යන අතරමඟ ක්වායෙට් විසින් ජෝන්ට සිහි නැතිවෙන බෙහෙතක් බීම එහෙකට දාලා දෙනවා. ඒ වෙන මොකටවත් නෙවෙයි. ඇයට ස්ටෝන්ගෙන් පලිගන්න යන්න අවශ්‍ය නිසා. ජෝන්ට කිව්වොත් ජෝනුත් ඒකට අනිවාරෙන්ම එකතුවෙන බව දන්න නිසා ක්වායෙට් තනියම පිටත් වෙනවා.
මේ අතරදි තමන්ගේ නිලධාරියෙක්ව ඝාතන කරපු එකට කෝපයෙන් ඉන්න ස්ටෝන්, දිගින් දිගටම ජෝන් සහ ක්වායෙට් ව හොයනවා. ඒ අතර ස්ටෝන්ගේ වේල්ල හරහා ඇතුළු වෙන්න අමුත්තෙක් එනවා. ඔව්’ ඒ වෙන කවුරුත් නෙවෙයි ස්වීට් ටූත්. ස්වීට් ටූත් එන්නෙ තමන්ටම කියල ප්‍රේක්ෂයකයෝ පිරිසක් හොයාගන්න අරමුණින්. ඒ අතර ස්ටූ ඉන්නෙ රෙඩ් ලයින් එකට නියම වෙලා. ක්වායෙට් නීතිකරුවන් දෙදෙනෙක්ව ඉවරයක් කරල ඔවුන්ගේ වාහනයක් පැහැරගෙන ස්ටෝන්ව හොයාගන්න අරමුණින්. ස්ටෝන්ගේ බල ප්‍රදේශයට ඇතුල් වෙනවා. වේල්ල තුල ඉන්න සියලුම නිලධාරීන්ව සුනුවිසුණු කරල දාලා දැනුවත්ව හෝ නොදැනුවත්ව තමන්ව බේරගත්තු එකට ස්ටූ, ස්වීට් ටූත් එක්ක මිතුරු වෙනවා. ඊටපස්සෙ ස්ටූව තමන්ගේ චාරිකාවට ස්වීට් ටූත් එකතු කරගන්නවා. අවසානයේ ක්වායෙට්, ස්ටෝන්ව ඝාතනය කරන අරමුණින් මුහුණට මුහුණ ගැටෙනවා. ඒත් ඒ කාර්යය නිෂ්ඵල වෙනවා.
එහෙනම් අද එතැන් සිට. වැඩි කතාවක් නැතුව අදට මං මෙතනින් නතර වෙනවා. හත්වෙනි එපිසෝඩ් එකෙන් මුණ ගැහෙමු.
සුභ දවසක්! ජය වේවා! ✌️

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ගැළපේ
3,103 downloadsDownload Twisted-Metal-S01E06.zip32 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Twisted Metal, Twisted Metal S01, Twisted Metal Sinhala, Twisted Metal Sinhala Subtitles, Twisted Metal Sinhala Sub
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #2023
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #Subtitles
- #Twisted Metal
- #Twisted Metal S01
- #Twisted Metal S01 Sinhala Subtitles
- #Twisted Metal Sinhala
- #Twisted Metal Sinhala Sub
- #Twisted Metal Sinhala Subtitles
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
විමා
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි උපසිරැසියට මචෝ...☺☺♥♥
chinthaka.max4
thanks machan
jack
තමන්ගේ වඩාත් පාඩු කරගන මේ වගේ ලස්සනට sub එක කරාට බොහොම ස්තුතියි.
Sahan Gayantha
thanks a lot Ruka saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




උපසිරසියට බොහොම ස්තුතියි රුකා!