Watch Trailer

Twisted Metal [S02 : E02] Sinhala Subtitles | අයියා නගෝ නැවත එකතුව [සිංහල උපසිරසි]

Twisted Metal [S02 : E01] Sinhala Subtitles සීසන් දෙකේ පළවෙනි එපිසෝඩ් එක පටන් ගත්තේ 1998 අවුරුද්දේ කැලිෆෝනියාවේ සැන් ජෝස්වලින්. පාසල් වයසේ රේවන් එයාගේ හොඳම යාළුවා (සහ පෙම්වතිය) වෙච්ච කෙලී එක්ක සාදයකට යනවා. එතැනදී අනිත් ළමයි මේ දෙන්නට විහිළු කරනවා. රේවන් එයාගේ පේන බලන කාඩ් බලබල ඉන්නකොට මේ දෙන්නා පොඩ…

Twisted Metal Sinhala Subtitles

සීසන් දෙකේ පළවෙනි එපිසෝඩ් එක පටන් ගත්තේ 1998 අවුරුද්දේ කැලිෆෝනියාවේ සැන් ජෝස්වලින්. පාසල් වයසේ රේවන් එයාගේ හොඳම යාළුවා (සහ පෙම්වතිය) වෙච්ච කෙලී එක්ක සාදයකට යනවා. එතැනදී අනිත් ළමයි මේ දෙන්නට විහිළු කරනවා. රේවන් එයාගේ පේන බලන කාඩ් බලබල ඉන්නකොට මේ දෙන්නා පොඩි නරක විහිළුවක් කරනවා. හැබැයි ඒක වැරදිලා, කෙලී ලිස්සලා ගිහින් පිහිණුම් තටාකයකට වැටෙනවා. රේවන් දුවගෙන එනකොටත් කෙලී පූල් එකේ ගිලිලා මැරිලා.

දැන් ආයෙත් වර්තමානයට ආවොත්, ජෝන් ඩෝ ඉන්නේ නිව් සැන් ෆ්රැන්සිස්කෝවල හිරවෙලා. මිනිහට බලෙන්ම වගේ වීඩියෝ ගේම් එකක් ගහන්න දීලා රිය පැදවීම පුහුණු කරවනවා. රේවන් ඇවිත් ජෝන්ට කියනවා “දැන්වත් වැඩේ හරියට කරපන්, නැත්නම් උඹට ගැළවීමක් නෑ” කියලා. රේවන්ගේ ඇත්තම ප්ලෑන් එක තමයි මේ තරඟය දිනලා කෝමා තත්ත්වයේ ඉන්න කෙලීව ආයෙත් ජීවත් කරවගන්න එක.

අනිත් පැත්තෙන් ක්වයටුයි ඩෝල්ෆේසුයි ඇතුළු කණ්ඩායම නගරයේ සැපයුම් මාර්ගවලට පහර දෙනවා. මුළු නගරයම විනාශ කරලා, එතන තියෙන සල්ලි හැමෝටම බෙදලා දෙන්නයි මෙයාලගේ ප්ලෑන් එක. ක්වයට් කියනවා මේක කරන්න නම් අර ලොකු තරඟයට ගිහින් ඒක දිනන්නම ඕනේ කියලා.

අපේ පිස්සු මිනීමරු විකටයා ස්වීට් ටූත් සහ එයාගේ ගෝලයා ස්ටූ තාමත් මිනිස්සු මර මර ඇවිදිනවා. මේ ඩබල හොයන්නේ “බිග් බේබි” කියලා දරුණු මිනීමරුවෙක්ව. අන්තිමේදී ඒ මිනිහව හම්බුණත්, ඊටත් වඩා දරුණු “ට්‍රෑෂ් මෑන්” කියලා කෙනෙක් ඉන්නවා කියලා මෙයාලාට දැනගන්න ලැබෙනවා. ඒ හින්දා ස්වීට් ටූත් ප්ලෑන් කරන්නේ ඔය ඔක්කොම මිනීමරුවන්ව එක තැනකට ගෙන්නගන්න.

රේවන්ගේ නගරේ හිරවෙලා ඉන්න ජෝන් ඩෝට අමුතු දිනපොතක් හම්බවෙනවා, ඒකේ රහස් සිතියමක් තියෙනවා. මිනිහා ඒකත් අරගෙන ගාඩ් කෙනෙක්ව රවට්ටලා, ඇඳුම් මාරු කරගෙන එතනින් පැනගන්නවා. එළියට යනකොට මිනිහට හම්බවෙනවා ඇම්බියුලන්ස් එකක්. ඒක ඇතුළේ කෙලී සිහි නැතුව මැෂින්වලින් ජීවත් කරවලා තියෙනවා.

මේ හැමෝම එකතු වෙනනවා “කැලිප්සෝ” කියන කෙනාගේ තරඟයට. මිනිහා ප්‍රසිද්ධියේ කියනවා “මේ තරඟය දිනන කෙනාට කැමතිම ඕනෑම ප්‍රාර්ථනාවක් ලබා දෙනවා” කියලා.

කොටස ඉවර වෙන්නේ ජෝන් ඇම්බියුලන්ස් එකෙන් පැනලා යනකොට ක්වයට් ඇතුළු පිරිස ජෝන්ට පහර දීලා රථය පෙරළන එකෙන්. ක්වයට් ජෝන්ගේ උරහිසට වෙඩි තියනවා. මෙතන වෙන ලොකුම සිද්දිය තමයි, ඩෝල්ෆේස් කියන්නේ ඇත්තටම ජෝන්ගේ නංගී කියලා ඉඟියක් ලැබෙන එක. ජෝන් කෙලීව රේවන් ඉන්න තැනට දාලා පැනලා යනවා, හැබැයි රේවන් දකිනවා ජෝන් අර දිනපොතේ වැදගත් පිටුවක් ඉරාගෙන ගිහින් කියලා.

ඉතින් මේ එපිසෝඩ් එක ගැන බැලුවොත්,

ක්‍රියාදම වලින් පුරවලා කොමඩි පැත්තත් හොඳින් පෙන්නලා, කලින් සීසන් එකේ නතර කරපු තැන ඉඳලම කිසිම පමාවකින් තොරව ආයෙත් පටන්ගෙන තියනවා. පළවෙනි සීසන් එකේ තිබ්බ ඒ හිනා යන විහිළුයි, ලේ හලන මිනීමරු දර්ශනයි මේ සැරෙත් ඒ විදිහටම තියෙනවා. දැන් හැමෝම ලෑස්ති වෙන්නේ අර ලොකු තරඟාවලියටයි.

රේවන්ගේ අතීතය ගැන මේ කොටසින් ටිකක් විස්තර කරන එක ඇත්තටම වටිනවා. ඒ වගේම මේ පාර කතාව ගොඩක් කුතුහලයෙන් පිරිලා තියෙනවා, මොකද මේ මාරාන්තික සෙල්ලමෙන් කවුරු පණ බේරගනියිද කියලා හිතාගන්නවත් බෑ

පළවෙනි සීසන් එකේ තිබ්බ ඒ පිස්සු ගතිය මේ සැරෙත් අනිවාර්යයෙන්ම තියෙයි කියලා හිතන්න පුළුවන්. ඉතින් අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා !

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ගැළපේ

329 downloadsDownload Twisted-Metal-S02E02.zip20 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1

Next BT1

 

 

Twisted Metal, Twisted Metal S02, Twisted Metal Sinhala, Twisted Metal Sinhala Subtitles, Twisted Metal Sinhala Sub

Subtitles by

UD Shehan

Subtitles

329 downloadsDownload Subtitles20 KB

1 comment

  1. Sandaru Nimsara

    Thanks