Watch Trailer

Twisted Metal [S02 : E01] Sinhala Subtitles | රේවන්ගේ නගරයෙන් පැනයාම [සිංහල උපසිරසි]

Twisted Metal [S02 : E01] Sinhala Subtitles පළවෙනි සීසන් එක නිකුත් වෙලා අවුරුදු කීයක් නම් බලාගෙන හිටියද සීසන් 2 එනකන්… හිතුවෙවත් නැති විදියට 2025 2 වෙනි සීසන් එක ගොඩක් පරක්කු වෙලා හරි ආවා. ගොඩක් අයට දැන් මේකේ කතාවත් අමතක වෙලා ඇති. මම බොහොම කෙටියෙන් ඔයාලට සීසන් 1 ගැන කියන්නම්. PlayStation ගේම් එකක්…

Twisted Metal Sinhala Subtitles

පළවෙනි සීසන් එක නිකුත් වෙලා අවුරුදු කීයක් නම් බලාගෙන හිටියද සීසන් 2 එනකන්… හිතුවෙවත් නැති විදියට 2025 2 වෙනි සීසන් එක ගොඩක් පරක්කු වෙලා හරි ආවා. ගොඩක් අයට දැන් මේකේ කතාවත් අමතක වෙලා ඇති. මම බොහොම කෙටියෙන් ඔයාලට සීසන් 1 ගැන කියන්නම්.

PlayStation ගේම් එකක් ඇසුරෙන් හදපු මේ කතාව, පාලනයෙන් ගිලිහුණු ලෝකයක සිද්ධ වෙන මෝටර් රථ ධාවන කතාවක්. කොටස් 10 කින් සමන්විත මේ කතාව හරිම වේගවත්, ඒ වගේම කුතුහලයෙන් පිරුණු එකක්.

ලෝකයේ හැම ඉලෙක්ට්‍රොනික උපකරණයක්ම අක්‍රිය වෙලා අවුරුදු 20 කට පස්සේ තමයි මේ කතාව පටන් ගන්නේ. සල්ලි තියෙන අය ලොකු තාප්ප බැඳගත්තු නගර ඇතුළේ (“Inside”) සැපට ඉන්නවා. අනිත් හැමෝම එළියේ (“Outside”) මරාගන්නවා. අපේ කථානායකයා, ජෝන් ඩෝ (Anthony Mackie), මිනිහගේ 2002 Subaru WRX කාර් එකත් එක්ක පර්සල් බෙදන “Milkman” කෙනෙක්. මිනිහට රේවන්ගෙන් ලැබෙන අභියෝගය ජයගත්තොත් මිනිහටත් නගරය ඇතුළේ ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා.

ඇන්තනි මැකී සහ ස්ටෙෆනි බියට්‍රිස් (ක්වයට්) අතර තියෙන සුසංයෝගය නියමයි. ඒ වගේම ස්වීට් ටූත්, Agent Stone වගේ චරිත කතාවට ලොකු ජීවයක් දෙනවා. වෙඩි තැබීම්, පිපිරීම් සහ කාර් රේස් දර්ශන බලාගෙන ඉන්න ආස හිතෙන තරම් තාත්විකයි. හැම එපිසෝඩ් එකක්ම විනාඩි 30 ක් වගේ නිසා කම්මැලි නැතුව එක දිගට බලන්න පුළුවන්. ගේම් එක ගැන නොදන්න කෙනෙක්ට වුණත් මේක හරිම සරලව තේරුම් ගන්න පුළුවන්. කතාවේ සමහර තැන්වල මොනවා වෙයිද කියලා කලින්ම හිතන්න පුළුවන්. ඒ කියන්නේ ලිවීම පැත්තෙන් තව පොඩ්ඩක් දියුණු වුණා නම් මේක මීට වඩා සුපිරි වෙන්න තිබුණා.

Twisted Metal කියන්නේ නිකම්ම “කාර් රේස්” කතාවක් නෙවෙයි. මේක විනෝදය, කුතුහලය සහ ක්‍රියාදාම පිරුණු සුපිරි නිර්මාණයක්. Season 2 එකක් එනකල් මඟ බලන්න තරම් වටිනාකමක් මේ පළමු සීසන් එකේ තියෙනවා.

පළවෙනි සීසන් එකේ අන්තිම එපිසෝඩ් එකේ වෙච්ච දේවල් අපි බලමු,

මේ කොටසේ අවසාන මහා සටන සිද්ධ වෙන්නේ ස්ටෝන්ගේ කණ්ඩායමයි, ජෝන් සහ මිනිහගේ කට්ටියයි අතරේ. මේ කොටසේදී අපිට ගේම් එකේ දකින විදිහටම සුවිට් ටූත්ගේ ඔළුව ගිනි ගන්න දර්ශනයත් බලාගන්න පුළුවන්.

සටන පටන් ගන්නවත් එක්කම ලොකු වෙඩි තැබීම් සහ පිපිරීම් ගොඩක් සිද්ධ වෙනවා. මේ කලබල අස්සේ **”Jello”** කියන වචනයේ ඇත්ත තේරුම ක්වයට් ජෝන්ට කියලා දෙනවා. ජෝන් මෙච්චර දවසක් හිතාගෙන හිටියේ රේවන්ගේ මිනිහා “Jello” කිව්වේ “සමුගන්නවා” (Goodbye) කියන්න කියලයි. ඒත් ඇත්තටම මිනිහා එදා කිව්වේ කෑමෙන් පස්සේ දෙන “ජෙලෝ” අතුරුපස ගැන.

සුවිට් ටූත් මුලින්ම වොට්ස් සහ ජෝන්ට උදව් කළත්, මූ පිස්සෙක් නිසා එකපාරටම තමන්ගේ පැත්ත මාරු කරනවා. හැමෝවම මරන්න හදන නිසා ස්ටූ සහ මයික් ගොඩක් බය වෙනවා. අන්තිමේදී ස්ටූ තීරණය කරනවා සුවිට් ටූත්ව මරන්න. සුවිට් ටූත්ව කාර් එකකට යට වුණාට පස්සේ පාරේ ඉතුරු වෙන්නේ මිනිහගේ වෙස්මුහුණයි, තමන්ගේ හොඳම යාළුවා වුණ “හැරල්ඩ්” කියන කඩදාසි බෑග් එකයි විතරයි.

ස්ටෝන් සහ ක්වයට් මුහුණට මුහුණ හමු වෙනවා. ස්ටෝන් තමන් කරපු දේවල් සාධාරණීකරණය කරන්න හැදුවත්, ක්වයට් කියන්නේ මිනිහා පාලනය අතට ගන්න දඟලන “අසරණ මිනිහෙක්” විතරයි කියලයි. ජෝන් තමන්ගේ පිහියෙන් ස්ටෝන්ට ඇනලා ක්වයට්ව බේරගන්නවා. ක්වයට් ස්ටෝන්ව මරන්නේ නැතුව මිනිහටම තීරණයක් ගන්න තුවක්කුව මිනිහා ඉස්සරහින් තියලා යනවා. අන්තිමේදී ස්ටෝන් වෙඩි තියාගෙන මැරෙනවා.

ජෝන් සහ ක්වයට් කොහොමහරි New SF වල ගේට්ටුව ගාවට යනවා. රේවන් ඇවිත් පාර්සලය බාරගන්නවා. ජෝන්ට ඇතුළට එන්න අවසර ලැබුණත්, ක්වයට්ට ඇතුළට එන්න දෙන්නේ නෑ. ජෝන් ක්වයට්ව දාලා යන්න අකමැති වුණත්, ක්වයට් බලෙන්ම වගේ ජෝන්ව ඇතුළට යවනවා. ඒකට කෙල්ල කරන්නේ ජෝන්ගේ කකුලට වෙඩි තියන එක. එතකොට අනිත් අයට පුළුවන් ජෝන්ව උස්සගෙන ඇතුළට අරන් යන්න.

ජෝන් තමන්ගේ ජීවිතය පරදුවට තියලා රේවන්ට ගෙනත් දුන්න අභිරහස් පාර්සලයේ තිබුණේ මොනවද කියලා දන්නවද ? අයිස්ක්‍රීම් ! 😉 ඔව්, කැලිප්සෝ කියන කෙනා රේවන්ට එවලා තිබුණේ අයිස්ක්‍රීම් එකක්. හැබැයි ඒකත් රේවන් කැමතිම වර්ගය නෙවෙයි. මේ අතරේ ක්වයට් තමන්ට ලැබුණ අලුත් පාර්සලයක් ගේට්ටුවෙන් පිට ඉන්න අසරණ මිනිස්සුන්ට බෙදලා දෙනවා.

ජෝන් දැන් නගරය ඇතුළේ ජීවත් වුණත් මිනිහා ඉන්නේ ලොකු කණගාටුවකින්. මිනිහට ක්වයට්ව ගොඩක් මතක් වෙනවා. හැබැයි මෙතන ලොකු රහසක් තියෙනවා, ජෝන් වටේ ඉන්න හැමෝම (එයාගේ අලුත් යාළුවෝ, පෙම්වතිය ඩියෑන් පවා) රේවන්ගේ ඔත්තුකාරයෝ. ඒ හැමෝම කරන්නේ ජෝන් ඉන්න විදිහ ගැන රේවන්ට වාර්තා කරන එකයි. ක්වයට් නම් මේ වෙලාවේ එළියේ ඉඳන් “රොබින් හුඩ්” වගේ අසරණ අයට උදව් කරනවා.

රේවන්ට ජෝන්ගෙන් ඕන මොකක්ද ?

ජෝන්ට දැන් මේ ඇතුළේ ඉන්න එක එපා වෙලා. මිනිහට ඕන ආපහු ක්වයට් ගාවට යන්න. රේවන් ජෝන්ගේ පරණ පවුලේ පින්තූර පෙන්නලා මිනිහව නතර කරගන්න හැදුවත් ජෝන් කියනවා “මගේ ගෙදර තියෙන්නේ ක්වයට් ගාව” කියලයි.

අන්තිමේදී රේවන් ඇත්තම හේතුව කියනවා. තමන්ට ඕන ජෝන්ව ලෝකයේ දක්ෂම රියදුරන් සහභාගී වෙන මහා රේස් තරඟයකට දාන්න. මේක නිකම්ම රේස් එකක් නෙවෙයි, ජීවිතය බේරගන්න කරන සටනක්. මේ තරඟයට වෝට්ස්, මේරී සහ ප්‍රීචර් වගේ අයත් එනවා.

ක්වයට්ව පාරේදී කට්ටියක් නවත්තනවා. ඒ අතර ඉන්න එක්කෙනෙක් කියනවා එයා ජෝන්ගේ නංගී කියලා ! එයාට ජෝන්ව හොයාගන්න ඕනලු. කොටසේ අවසානයේ පෙන්වනවා මයිකුයි ස්ටූයි නිදහසේ ඉන්න හැටි. හැබැයි දන්නෙම නැතුව පිටිපස්සෙන් එන සුවිට් ටූත්, මයික්ව මරලා දාලා ස්ටූව ප්‍රාණ ඇපකරුවෙක් විදිහට අරන් යනවා. ඒ කියන්නේ මේ පිස්සු විකටයා තවම ඉවරයක් වෙලා නෑ !

මේ අන්තිම එපිසෝඩ් එක ගැන කතා කරොත්,

Twisted Metal පළමු වන කතා මාලාවේ අවසානය ඇත්තටම ඉතාමත් සාර්ථකයි. මේක දෙවැනි කතා මාලාවකට (Season 2) නියම පදනමක් දානවා වගේම, මේ සීසන් එකේ තිබුණු ප්‍රශ්න ගොඩකට පිළිතුරුත් ලැබෙනවා.

‘වේල්ල’ ගාව සිද්ධ වෙන ආරම්භක සටන මේ කතාවේ එන සුපිරිම දර්ශනයක්. Twisted Metal ගේම් එකට ආදරය කරන අයට ඒක නියම තෑග්ගක් වගේම ගේම් එකේ තියෙන ඒ නියම “ගැම්ම” ඒ විදිහටම එතන තිබුණා.
අන්තිම සටන ගොඩක් දරුණු වුණත්, ඒකට වඩා අවධානය යොමු වුණේ අලුතින් හෙළිදරව් වුණ කරුණු වලටයි.

උදාහරණයක් විදිහට:
● ඉදිරියට එන මහා රේස් තරඟය.
● ජෝන්ගේ අතුරුදහන් වුණ නංගී ගැන ආරංචිය.
● ස්විට් ටූත් තවමත් ජීවත් වෙන එක.

මොනවා වුණත්, Twisted Metal පළමු වන කතා මාලාව පුරාම තිබුණු ඒ පිස්සු, දරුණු ගතිය සාර්ථකව අවසන් කරන්න 10 වන කොටසට පුළුවන් වෙලා තියෙනවා.

එහෙනම් ඉතින් දෙවෙනි සීසන් එකේ පළවෙනි එපිසෝඩ් එක බලන්න. අනිවාර්යෙන් මම දිගටම දාන පෙර කොටස් ඔයාලා කියවන්න. ඒකෙන් ඔයාලට කතාව හොඳට තේරෙයි වගේම හොඳ රසවින්දනයක් ලැබෙයි කිසිම දෙයක් මඟ ඇරෙන්නේ නැතුව.

මට පහළින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ගැළපේ

435 downloadsDownload Twisted-Metal-S02E01.zip21 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-12-05

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Next BT1Next BT1

 

 

Twisted Metal, Twisted Metal S01, Twisted Metal Sinhala, Twisted Metal Sinhala Subtitles, Twisted Metal Sinhala Sub

Subtitles by

UD Shehan

Subtitles

435 downloadsDownload Subtitles21 KB

5 comments

  1. Lahiru Bandara

    ඇති යන්තම් දිලා මෙකට සබ් එක. මම හිතුවෙ දෙන එකක් නෑ කියල. එලම. ඔක්කොම එපි ටිකට දෙන්න බ්‍රො.

  2. Anonymous

    ela ela

  3. Buddhika laKMal

    ස්තුතියි ශෙහාන් සහෝ සබ්එකට

  4. Anonymous

    සුපිරි...,❤️❤️❤️❤️❤️

  5. Sandaru Nimsara

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.