එහෙනම් අද අරගෙන එන්නේ Under the Banner of Heaven කතා මාලාවේ හතර වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. මේ එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ Church and the State කියලා. සමාජය සහ ආගම අතර තියෙන ඝට්ටනය මේ එපිසෝඩ් එකෙන් පැහැදිලි වෙනවා. ඉතින් කලින් එපිසෝඩ් එකේ වෙච්ච දේවල් මතක ඇතිනේ. ටාබා සහ පයිරි කන්දේ තිබුණු කැබින්…

එහෙනම් අද අරගෙන එන්නේ Under the Banner of Heaven කතා මාලාවේ හතර වෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. මේ එපිසෝඩ් එක නම් කරලා තියෙන්නේ Church and the State කියලා. සමාජය සහ ආගම අතර තියෙන ඝට්ටනය මේ එපිසෝඩ් එකෙන් පැහැදිලි වෙනවා.

ඉතින් කලින් එපිසෝඩ් එකේ වෙච්ච දේවල් මතක ඇතිනේ. ටාබා සහ පයිරි කන්දේ තිබුණු කැබින් එක වටලලා ඒකෙ හිටිය සෑම්ව අල්ලගන්නවා. එයාගේ තොරතුරු අනුව අපට පැහැදිලි වෙනවා මෙයාලා, මෙයාලා දෙවියන් වහන්සේ විසින් පත් කරපු සොල්දාදුවන් බව විශ්වාස කරනවා කියලා. ඒවගේම බ්‍රෙන්ඩා තම ස්වාමියාගේ අණට අකීකරු වීම නිසා මරා දාපු බවත්, එයාගේ ළමයාවත් මරා දාපු බවත් සෑම් පිළිගන්නවා. එයාලා මේකට කියන්නේ Blood Atonement හෙවත් ‘ලේ වැගිරවීම’ කියලා. එයාලා හිතන විදියට සමහර පවුවලට සමාව දෙන්න තියෙන එකම ක්‍රමය තමයි ඒ පවුකම් කරපු කෙනාගේ ලේ හලන එක. වෙනත් විදියටකට කියනවා නම් මරා දාන එක. ඒවගේම මේ සිද්ධ වෙන දේවල් එක්ක බැතිමත් අනුගාමිකයෙක් වුණු ජෙබ්ටත් තමන්ගේ ආගම ගැන සැකසංකා ඇති වෙන බව අපි දැක්කනේ. මේක ගැන එයා, එයාගේ බිෂොප්ගෙන් අහන්න ගියාම එයා කියන්නේ ජෙබ්ගේ ප්‍රශ්න ‘රාක්කය මත තියන්න’ කියලයි. එහෙමත් නැත්නම් ආගමේ පරස්පර විරෝධී බව ගැන තමන්ට තියෙන සැකයන් ගැන නොහිතා අන්ධයෙක් වගේ ආගම අදහන්න කියලයි. ඉතින් මේක තමයි ආගම හා වර්තමානය අතර තියෙන ඝට්ටනය. එපිසෝඩ් එක අවසානයේදී අපි දැක්කා සෑම් ගාව මේ ‘ලේ වගුරුවන්න’ තියෙන අයගේ ලැයිස්තුවක් තියෙන බවත්, ඒකේ ඉන්න පුළුවන් අය වෙන්නේ ලෝ පවුලේ අය සහ ස්ටේක් ප්‍රසිඩන්ට් බවත්. ඉතින් එපිසෝඩ් එක ඉවර වුණේ ජෙබ්ලා ලෝ පවුලේ අයව හොයාගන්න යන එකෙන්නේ.

ඉතින් මේ එපිසෝඩ් එක පටන් ගන්නේ එතනිනුයි. ඒවගේම මේ එපිසෝඩ් එකේදී කතාවට තවත් වැදගත් අංගයක් වන FLDS එහෙමත් නැත්නම් ‘මූලික මෝමොන්වාදය’ යන්න හඳුන්වා දෙනවා. ඒක ගැන සරල පැහැදිලි කිරීමක් දෙනවා නම්, LDS ආගමේ නායකයින් කාලයත් සමඟ නීතිවලට හරියන්න ආගම වෙනස් කළා. ඒ, එයාලගෙ ආගමේ චිරස්ථිතිය සඳහා. උදාහරණයක් විදියට කළු ජාතිකයන්ටත් ආගමේ බිෂොප්ලා වීමට ඉඩ දෙන්න, නැත්නම් පොලිගමි හෙවත් බහුභාර්යා ක්‍රම අවලංගු කරනවා වගේ දේවල්. නමුත් මේ අතරේ කට්ටියක් බිහි වුණා මුල්ම මෝමොන් ප්‍රතිපත්ති මතම එල්බගෙන ඒවා අනුව ක්‍රියා කරන. ඉතින් මෙන්න මෙයාලටයි FLDS අය නැත්නම් මූලිකවාදීන් කියන්නෙ. මෙයාලා කතාවේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් වෙනවා. ඒ කොහොමද කියලා ඉතින් එපිසෝඩ් එක බලලම හොයාගන්නකෝ. එහෙනම් 5 වෙනි කතාංගයෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.

පීස් ✌️

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත සඳහා වලංගු වේ.

1,182 downloadsDownload Under.the_.Banner.of_.Heaven.S01E04.zip43 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2021-08-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1Next BT1

Subtitles

1,182 downloadsDownload Subtitles43 KB

6 comments

  1. Imesh

    tnx sub ekta

  2. ishan

    sub ekta thx machn

  3. Mahesh

    Sub ekata thanks carnival row ekth sub eka dennko

  4. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. mano

    Godak sthuthi..Jaya wewa!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.