හැමෝටම සුබ දවසක්! මේ අරගෙන ආවේ මැන්ඩලෝරියන් කතා මාලාවේ තුන්වැනි සීසන් එකේ අන්තිම එපිසෝඩ් එක. කතාවේ පැරණි මතකයන් මේ වෙනකොට මැන්ඩො නොහොත් ඩින්ට ඕනා එයා අදහන ඇදහිල්ල අනුව තමන් විසින් හිස් ආවරණය ගැලවීම මගින් සිදුකරගන්නාලද පව් කමා කරගන්න. මැන්ඩලෝරියාවේ තියෙන පතල්වලට පහලින් තියෙන ලිවින් වෝටර් නමින් හඳුන්…

හැමෝටම සුබ දවසක්!
මේ අරගෙන ආවේ මැන්ඩලෝරියන් කතා මාලාවේ තුන්වැනි සීසන් එකේ අන්තිම එපිසෝඩ් එක.
කතාවේ පැරණි මතකයන්
මේ වෙනකොට මැන්ඩො නොහොත් ඩින්ට ඕනා එයා අදහන ඇදහිල්ල අනුව තමන් විසින් හිස් ආවරණය ගැලවීම මගින් සිදුකරගන්නාලද පව් කමා කරගන්න. මැන්ඩලෝරියාවේ තියෙන පතල්වලට පහලින් තියෙන ලිවින් වෝටර් නමින් හඳුන්වන ජලයෙන් ස්නානය කරන්න ඕනා. හැබැයි එකම ගැටලුව අපි කවුරුත් දන්න විධියට මේ වෙනකොට මැන්ඩලෝරියාවක් නැහැ. ග්‍රහලෝකයම විනාශ කරලා ඉවරයි. ඒ නිසා ඒ පතල් ඉතුරුවෙලා නැහැ. හැබැයි මැන්ඩොට මේ ගැන සැකයක් ඇතිවෙන විධියේ සාධකයක් හමුවෙනවා. ඒ නිසා ඒ සාධකය ඔස්සේ ඉදිරියට යන්න මැන්ඩො තීරණය කරනව. අන්තිමේ මැන්ඩො වැදගත් අනාවරණයක් කරගන්නවා.
පර්ජ් එක වෙන කාලේ මැන්ඩලෝරියාවේ පාලකයා විධියට හිටිය බෝ-කටාන් විසින් මැන්ඩොට මේ ගැන කලින් කිව්වට විස්වාස කලේ නැහැනේ. ඒ නිසා වෙච්ච දේවල් මතකයිනේ ඔයාලට. බෝ-කටාන් ලඟට මැන්ඩො ගිහින් ආයේ මැන්ඩලෝරියාවට යන්න කරපු ආරාධනාව බෝ-කටාන් විසින් ප්‍රතික්ෂේප කරනව. ඇයි කියල මතකයිනේ? අන්තිමේ මැන්ඩොගේ උදව්වට බෝ-කටාන්ව ගෙන්නගන්න සිද්දවෙනවා. ඔහොමයි අලුත් ස්ටොරිය සිද්දවුනේ. ඒ වගේම මැන්ඩලෝරියානුවන්ගේ සංඛේතය වෙන මිතොසෝරස් ගැනත් දෙවැනි එපිසෝඩ් එකේදී කියවුනා මතක ඇති නේද? තෙවැනි එපියේදී අපිට දකින්න ලැබුනා බෝ සහ මැන්ඩො දෙන්නා පුරාණ ඇදහිල්ල අනුව ජිවත් වෙන්න එකඟ වෙනවා. ඒ වගේම ආචාර්‍ය පර්ශියන්ගේ කතාව වෙත අපිව අරගෙන ගියා. ඒ ඇයි කියල ඉදිරියේදී දකින්න ලැබෙයි. ගොඩක් අය ඒ එපිය ගැන මිශ්‍ර අදහස් පලකලා. ඒ වගේම එදා මෙදාතුර අඩුම imbd අගයක් ලැබුනේ ඒ එපියට. සිව්වැනි කතාංගය වැඩි වශයෙන් යොමු වුනේ ග්‍රෝගු දිහාවට. ඒ වගේම බෝ කටාන් විසින් ඉපැරණි විධිය වෙත යොමු වෙන ලකුණු පහල වුණ එපියක්.
දැන් මේ ඉන්නේ මැන්ඩලොරියන්වරු අතරේ තමන්ගේ තැන ලබාගැනීම ඇය විසින් සිදුකර අවසන්. ඇය තමයි දැන් මැන්ඩලෝරියන්වරුන්ගේ අනාගතය. ඇය තමයි දැන් හිස් ආවරණය ඉවත් නොකරන ප්‍රතිපත්තිය රකින, පුරාණ ක්‍රමය අනුව ඉන්න මැන්ඩලෝරියන්වරුන් සහ පුරාණ ක්‍රමයෙන් බැහැර වෙලා ඉන්න මැන්ඩලෝරියන්වරුන් අතර පාලම වෙලා ඉන්නේ. ඒ පාලමට සවිය සපයන ආධාරක වෙලා ඉන්නේ අපේ කතා නායකයා සහ ග්‍රෝගු. තමන්ට මගහැරුණු තමන්ගේ පැරණි කල්ලියේ බලය ලබාගන්න නැවතත් බෝ කටාන් සමත් වෙනවා. ඒකට අවශ්‍යය කරන ඩාක් සේබර් ආයුධය නැවතත් බෝ කටාන්ට හිමිවෙනවා. ඒ අපේ මැන්ඩො නිසා. මේ එකතුවීමත් එක්ක මැන්ඩලෝරියන්වරු යුධමය අතින් සෑහෙන ශක්තිමත් වෙනවා. මොකද සෑහෙන යුධ යානා ප්‍රමාණයක් මොවුන් සතුව තියෙන නිසා.
ඉතිං පහුගිය කොටසින් අපිට දකින්න ලැබෙනවා ඩින් ජාරින් සහ බෝ කටාන් කුඩා කණ්ඩායමක් එක්ක නැවතත් මැන්ඩලෝරියාවට යන විධිය. ඒ යන්නේ එයාලගේ මහා ෆෝජ් එක හොයාගෙන එන්න සහ වැඩිදුර ගවේෂණ සඳහා. ඒ ගමනේදී මැන්ඩලෝරියන්වරුන්ව සෑහෙන පුදුම කරන සිද්දියක් එක්කම සෑහෙන දුක හිතෙන දේකුත් සිද්දවෙනවා අන්තිමටම. හැබැයි ඒකෙන් බෙදිල වගේ ඉන්න මැන්ඩලෝරියන් පාර්ශව දෙක එකතු වෙන්න සෑහෙන ඉඩක් තියෙනව.
අද කතාංගයෙන්
මේ කොටස වෙනද වගේම මැන්ඩලෝරියන් සීසන් එකේ එපික් ෆයිනල් එකක්. ඒ ගැන කතාව මම කියන්නේ නැහැ. එතකොට මැන්ඩලෝරියන් සිරිස් එක මෙතනින් ඉවරද? නැහැ මෙහි රචක Jon Favreau කියල තියෙන විධියට මේක අද හෙටක ඉවර කරන්න අදහසක් නැහැ. මේ වෙනකොටත් සීසන් 4 පිටපත ලියල ඉවරයි. රිලීස් වෙන කාලයක් කියන්න නම් බැහැ. එහෙනම් වෙලාවක් ලැබුනොත් මම සීසන් 4 එක අරගෙන එන්න බලන්නම්. ෂුවර් එකටම අරගෙන එනවාමයි කියන්න නම් බැහැ හැබැයි. මොකද ඉදිරි කාලය සෑහෙන කාර්‍යබහුල වේගෙන එන්නේ. එහෙනම් ජයෙන් ජය!
” දිස් ඊස් ද වේ! “
Chapter 24: The ReturnDirector: Rick Famuyiwa
Writers: Jon Favreau, George Lucas
IMDB Ratings : 8.5
Air Date: 19 April 2023
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් පේජය සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
බයිස්කෝප් සිංහලෙන් නිල ෆේස්බුක් ගෘප් එක සමග එක්වීමට මෙතනින් පිවිසෙන්න.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,109 downloadsDownload The.Mandalorian.S03E08.zip13 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
- #2023
- #Carl Weathers
- #Editor's Pick
- #Emily Swallow
- #Gina Carano
- #MaxxA
- #Must Watch
- #Nick Nolte
- #Offbeat
- #Pedro Pascal
- #Rio Hackford
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #Taika Waititi
- #The Mandalorian [S03 : E06] Sinhala Subtitles
- #The Mandalorian S03 Sinhala Subtitles
- #The Mandalorian Sinhala Subtitles
- #Werner Herzog
- #උපසිරැසි
- #ශාන් විමුක්ති [විමා]
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
12 comments
Ravindra
Asanga kb
thank you...
Gamage
Thank you Very Much for the Sub
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ...!
Tommy
He vima shaho carnival raw eke sub eka demuko
Thilinda Randeera
බොහෝම ස්තූතියි සහෝදරයා ❤ පුලුවන් වෙලාවට දෙන්න
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Dewadithya
Thanks for Sub!
Anuja Lakshitha
thanks ayye sub ekt
Anonymous
ස්තූතියි සහෝ ❤
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Thanks lockwood & co series ekata sub dennako puluwannam