Watch Trailer

Under the Dome [S03 : E13] |අවසානය මෙසේද…? [සිංහල උපසිරැසි සමඟ]

පොඩි වැඩ වගයක් වැටිලා උපසිරැසිය දෙන්න තරමක් ප්‍රමාද වුනා. කොහොම නමුත් මම උපසිරැසිය ගෙනාවා. ගොඩක් අය මේ වෙනකොට උපසිරැසිය නැතුවම කතාව බලලා ඇති කියලා හිතනවා. කොහොම වුනත් අදින් පස්සේ මේ කතා මාලාවට කාටවත්ම උපසිරැසි දෙන්න වෙන එකක් නෑ. මොකද කිව්වොත් මේක තමයි මේ කතා මාලාවේ අවසාන කොටස. මේ කොටස නිර්මාණය කලේ…

Under the Dome S3

පොඩි වැඩ වගයක් වැටිලා උපසිරැසිය දෙන්න තරමක් ප්‍රමාද වුනා. කොහොම නමුත් මම උපසිරැසිය ගෙනාවා. ගොඩක් අය මේ වෙනකොට උපසිරැසිය නැතුවම කතාව බලලා ඇති කියලා හිතනවා. කොහොම වුනත් අදින් පස්සේ මේ කතා මාලාවට කාටවත්ම උපසිරැසි දෙන්න වෙන එකක් නෑ. මොකද කිව්වොත් මේක තමයි මේ කතා මාලාවේ අවසාන කොටස. මේ කොටස නිර්මාණය කලේ ඉදිරියට සිව්වෙනි සමයක් ආරම්භ කරන්න හිතාගෙන වුනත්, මේ සමය තුල කතාවේ තිබුණූ ජනප්‍රියත්වය අඩුවුනු නිසාවෙන් කතාව ඉදිරියට ගෙනියන්න තිබුණූ අදහස අත්හැරලා දාලා තියෙනවා. මේක නිසා අද කතාව බලලා කාටත් ඉස්සරහට මොනවායින් මොනවා වෙන්න පුළුවන්ද කියලා පැත්තකට වෙලා කල්පනා කර කර තමයි ඉන්න වෙන්නේ. 🙂

Under the Dome උපසිරැසි ගමන්මග…
==============================

පුරුදු විදියට කතාවක් අවසාන කරද්ද මම සාමාන්‍යයෙන් අද කතාවේ මොනවද වෙන්නේ කියලා කියන්න යන්නේ නෑ. ඒ සම්පූර්ණ කුතුහලයේ වටිනාකම ඔයාලට දීලා තමයි මම ලිපිය ලියන්නේ. 2013 ජූනි 17 වෙනිදා පුබුදු සුපුන් සහෝදරයා උපසිරැසි දෙන්න ආරම්භ කරපු කතාව එයාගේ යටතේ දෙවනි සමයේ 10 වෙනි කතාංගය දක්වා උපසිරැසි ලබා දුන්නා. එයාගේ කාර්යබහුලත්වයත් එක්ක දෙවනි සමයේ 11 වෙනි කතාංගයට රොයිලි සහෝදරයා වගේම ශෙරින් සහෝදරිය දෙන්නම උපසිරැසි ලබාදුන්නා. කොහොම වුනත් ඒ ඇක්සිඩන්ට් එකෙන් දෙන්නාම එකම එපියට සබ් හදපු එකෙන් පස්සේ රොයිලි අයියා ශෙරින් අක්කට වැඩේ බාරදීලා පැත්තකට වුනාද කොහේදෝ, එතැන් පටන් ශෙරින් අක්කා තමයි තෙවනි සමයේ 8 වෙනි කතාංගය දක්වා උපසිරැසි ලබා දුන්නේ. ඊට පස්සේ එයාගේ ඉගෙනුම් කටයුතු වැඩ නිසා කාර්යබහුලත්වය නිසාවෙන් සමීර අයිය වගේම ශෙරින් අක්කා මගෙන් කතාවට උපසිරැසි දාන්න පුළුවන්ද කියලා ඇහුවා. ඒ විදියට තමා මම මේ කතාවේ අවසානයට සම්බන්ධ වුනේ.

දැන් මට නිකමට වගේ දැනීගෙන යනවා මම TV Series වල අන්ඩර්ටේකර් වගේ. 😛 :3 මොකද කිව්වොත් මගේ අතින් දැනට කතා මාලාවන් කිහිපයක්ම අවසන් වුනා. ඒ අතරේ The Mentalist, Nikita, The Messengers කියන කතා මාලාවන් තියෙනවා. ඒ වගේම තමයි අද දවසේ විදියට නම් ඒ අතරට Under the Dome කියන කතා මාලාවේ නමත් ඒ අතරට එකතු කරනවා, මෙහි අවසානයත් මගේ අතින් බයිස්කෝප් වල මේ විදියට සනිටුහන් කරන ගමන්ම.

ඔන්න එහෙනං Under the Dome කතා මාලාවෙන් පුබුදු සුපුන් සහෝදරයා, රොයිලි සහෝදරයා, ශෙරින් සහෝදිරිය වෙනුවෙන් මමත් එකතුව අදින් Under the Dome කතා මාලාවෙන් ඔබගෙන් සමුගන්නවා.

ආයු -බෝ -වේවා !!!

Under the Dome (2013) on IMDb

 

 

214 MB කොපිය මෙතනින් බාගන්න

86B715B5BDA384D8419EE11EC924D5DBDD241EE8

340 MB කොපිය මෙතනින් බාගන්න

CBD1F9651E597A18A648EB17EE18C47FC4C735C3 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

5,703 downloadsDownload Under-the-Dome-S03E13-baiscopelk.zip103 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode>>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

5,703 downloadsDownload Subtitles103 KB

50 comments

  1. තරිඳු ලක්ෂ්මන්

    එනකන් හිටියේ තැන්ක්ස් !

  2. lakshan

    thanks machn...

  3. අමා

    තව තවත් සුපිරි කතා මාලාවන් දෙන්න ධෛර්ය ශක්තිය ලැබේවා!!

    මෙච්චර කාලයක් මේක දුන්නට බොහොම තුති..

  4. Lakshyan

    Thanx bro!! Hope to See u soon with new TV series :)

  5. udara

    මේක දුන්නට බොහොම තුති..ප්‍රණිත් රණසිංහ

  6. waruna

    i like it's.....

  7. Yasz

    දුකේ බෑ

  8. sanath

    thx sahoo

  9. tiron

    මං මේ කතා මාලාවේ පලවෙනි හා දෙවැනි කතා සමයන් නැරඹුවේ හිතාගන්න බැරි තරං ආසාවකින් හා කුතුහලයකින්.මං පුදුම විදිහට මේ කතාවට ආදරය කළා.ඒත් තුන් වෙනි සමයෙ කතාව වෙනම පැත්තක ගිය නිසාදෝ පළමු හා දෙවන කතා සමයන් තරං ආකර්ශණිය නොවුණු බවයි මගේ හැඟීම.ඒ කොහොම වෙතත් ජුලියා,බාර්බී,ජෝ,නෝරි,රෙබෙකා,බිග් ජිම්,මෙලනි වගේම ක්‍රිස්ටීන් උනත් හැමදාම මගෙ මතකයේ ඉඳීවී.ෂෙරින් සහෝදරියට වගේම ප්‍රණීත් සහෝ ඔබටත් බොහොම ස්තුතියි මෙය අප වෙත නොකඩවා රැගෙන ආවාට.ජයෙන් ජය!!!!!

  10. chandana

    thanks praneeth.aiuth ekakata sub denna.

  11. pramuk

    ඔබ සැමට තුති ...........................

  12. prasa

    thnks

  13. Ruwan

    Thanks yaluwa

  14. බුවා

    උබලට මේ site එක කරගන්න බැරි නම් මම කියන්නද වැඩක්. උබල මේකේ subtitle file දාන්න එපා.. subtitle කරන උන් උබලටම කියල wordpress , බ්ලොග් හදාගෙන ඒවගේ දාපල්ලා.. මේකේ ඒ ඒ series එක කරන උන්ගේ නම් list එකයි වෙබ් address එකයි විතරක් දාපන්.. උබලගේ site එක හැමදාම down.. errors.. bugs.. නිකන් කෝටි ගානක සෙනග එනවා වගේ වෙබ් traffic එක.. සල්ලි නැත්තන් දාපන් හොද company වල ad මේකේ.. dialog සම්පත් bank,sllit (උදා කිව්වේ.)වගේ ආයතන වල. දාල සල්ලි ගරපන් හොදට.. නැතුව rs 2500 විතර අරන් තුට්ටු දෙකේ වෙබ් site වල ad නැතුව.. මේකේ ad පුරෝපන්.. කරන්න ම බැරි නම් මන් කිව්ව වැඩේ කරහන්.. එත් බැරි නම් මේක කරන් යන්න ළමයෙකුට දීපන්.. u කරයි මිට වඩා හොදට..

    1. Ashan Kandy

      උබ කියල තියන සමහරක් දේවල් ඇත්ත බන්. මන් මෙකේ සබ් ගත්තේ මසෙකට එකක් දෙන කාලේ ඉදන්. කොමෙන්ට් කරපු අයගෙන් 4 වෙනියට වගේ හිටියා. එතකොට මෙකේ යවජිව සමජිකයො හිටියේ අතලොස්සයි. දවසක් පොඩි අඩුපඩුවක් කියන්න කොමෙන්ට් එකක් දැම්මම මෙකේ එකෙක් මට බිරුවනේ. එදා ඉද්න් එපා උනා මේක. කරන දෙයක් ගුනාත්මක විදිහට කරනවනම් ගොඩක් අගෙයි

  15. Aditha Praween

    නියමයි ප්‍රණීත් අයියා !
    බොහොම ස්තුතියි සබට

  16. Kulanjana Maduranga

    niayamai…Good Work Friend,thanks PRANEETH saho..sub walata..digatama sub demu.jaya wewa……

  17. Scylla

    Elma

  18. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. Amil

    උපසිරැසියට ගොඩාක් ස්තුතියි සහෝ……..

  20. sachin

    thank you v much bro

  21. samraj

    උපසිරැසියට ගොඩාක් ස්තුතියි සහෝ……..
    තව තවත් සුපිරි කතා මාලාවන් දෙන්න ධෛර්ය ශක්තිය ලැබේවා!!

  22. maithree

    Thank you so much

  23. Tharindu

    Thankuuuuuuu

  24. Pasindu Induwara

    Thanks for all subtitles! Bro.

  25. Dinusha

    සබට තුති සහෝ.පුලුවන්නම් එක්ස්ටෙන්ට් එකට සබ් දෙන්නකෝ

  26. chamath225

    Thanks !

  27. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් ප්‍රණීත් සහෝ!
    තුන්වෙනි සීසන් එක ගිය විදියට හිතුනා කැන්සල් වෙයි කියලා.
    මොනාවුනත් සබ් එක නියමට තිබ්බා!
    කතාමාලාව ගෙන ආ හැමකෙනෙක්ටම ජය!

  28. Tharindu

    thank you very much saho...!!!

  29. Keshan Wasala

    බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ :) මටත් මේ කතාවේ සීසන් 1 න් පස්සේ වැඩි කැමැත්තක් තිබ්බේ නෑ කතාව යන විදිය දැක්කම මම හිතුවේ ඒක සීසන් 3 දී හරියයි කියලා ඒත් කතාව කැන්සල් කරලම නැවතුනා එහෙනං :D ITN එකේ පොරක්ද මන්ද ස්ක්‍රිප්ට් එක ලිවේ ;) කතාව පැත්තකින් තියමුකෝ..

    මේ වෙනකන් මේකට සබ් එක දුන්නු පුබුදු සුපුන් සහොටත්,රොයිලි අයියටත් ,ෂෙරින් සහෝදරියටත් ,ඒ වගේම ප්‍රණීත් සහොටත් බොහොම ස්තුතියි !! මහන්සි වෙලා අපිට කතාව ගෙනාවට සියලු දෙනාටම ජය වේවා !!!

  30. R.D

    සබ් එකට බොහෝම ස්තුතියි සහෝ.ඒ වගේම මේ කතා මාලාවට සබ් කරපු හැමෝටමත් ස්තුතියි.මේක නම් 3න් ඉවර වෙන එක හොදයි කියලා මටනම් හිතෙන්නේ ,3 සීසන් එක නිකන් සුරංගනා කතාවක් වගේ උනානේ.

    කොහොමහරි,ප්‍රණීත් සහෝ තව පට්ට සීරීස් එකක් පටන් ගමු.ඊළඟ මාසේ සීරීස් වහින්ඩ ගන්නවනේ............ :-)

  31. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජයවේවා!

  32. Saketha Pulasthi

    මදැයි මේ සීසන් එකෙන්වත් බාධකය අයින් උනා :) .මේකේ 4 වෙනි සීසන් එක එන්නැති එක ගැනනම් මට ගොඩක් දුකයි :( .මොකද මම මේ සයිට් එකෙන් අරන් බලපු මුල්ම ටීවී සීරීස් එක තමා මේකේ S1 එක වගේම මම ටීවී සීරීස් බලන්න ඇබ්බැහි උනෙත් මේ සීරීස් එක නිසා.

    පුබුදු සුපුන් අයියා,රොයිලි අයියා,ශෙරින් අක්කා,ප්‍රණිත් රණසිංහ අයියා හැමෝටම ගොඩක් ස්තූතියි මේ සීරීස් එකට සිංහල උපසිරසි දුන්නට :)

  33. සුපුන් බුද්ධික

    එහෙනම් ඔන්න එකත් ඉවරටේම ඉවරයි..
    ඇත්තටම කතාව නතර කරපු එකත් හොඳයි වගේ..
    මොකද අන්තිමේ කතාව ටිකක් පිලි පැන්නා වැඩි..
    කොහොම උනත් ගොඩක් ස්තූතියි මේ වෙනකම් උපසිරැසි කරපු හැම දෙනටම..
    ඒ වගේම ප්‍රණිත් සහෝ තවත් කතා මලාවක් අරන් ඉක්මණට එමු..

    ජය වේවා !!!

  34. sajeevi

    සීසන් 3 ක් සබ් දීපු හැමෝටම ගොඩක් ස්තූතියි.
    සීසන් 1,2 වගේ සීසන් 3 ගතියක් නැ තමයි.
    ඒත් ආ‍සාවෙන් බලන කතා ඉවරවෙන එක නම් දුකයි.

  35. Nuwan Kanchana

    Sab walata godaak pin,,,

  36. Oshan

    පුබුදු සුපුන් අයියා,රොයිලි අයියා,ශෙරින් අක්කා,ප්‍රණිත් රණසිංහ අයියා හැමෝටම ගොඩක් ස්තූතියි මේ සීරීස් එකට සිංහල උපසිරසි දුන්නට . Aparade ane iwara une....

  37. Udamith Damith (b\k )

    sub eka karapu okkotoooma thanks...

  38. tharidu

    4 kathawath haduwanam thamai hoda.

  39. LAKSHAN

    බොහොම ස්තූතියි

  40. මනෝජ් තාරක

    තැන්කූ වේවා

  41. Buddhi Prasad

    elA

  42. ashan lankanath

    thanks

  43. Pasindu ukwatta

    thnks for the all subs

  44. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  45. Bruce___Wayne

    බොහෝම ස්තූති season 3 එකටම

  46. Nipuna lakshan

    Thanks sub walata

    1. Wajira

      ගොඩාක් ස්තූති මම Season ඔක්කොම Download කරගත්ත.ගොඩාක් tv series,film වල හොදම සිංහල උපසිරස ලබා ගන්නනම් මම එන්නෙ බයිස්කෝප් එකටම තමයි.❤️❤️❤️❤️❤️

  47. nilanka_baiscop

    thanks

  48. malin

    olloma episodes wala sub eka para dowload kara ganna puluwan wennath danna, ekineka dowload karanwata wada ek lesi, Hama tv sereas ekakama wag