Watch Trailer

Faith [EP03] | එය දෛවයයි…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන් බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන…

Faith (Good Doctor)-2

ඉතිහාස කතාවකට උපසිරැසි යොදන්න ගොඩක් කල් ඉඳන් මම ආසාවෙන් හිටියේ. ඒ විදිහෙ ලස්සනම කතාවක් තමයි මේ. ඔයාලටත් බලන්න මම ඒකට උපසිරැසි අරන් ආවා. ඔන්න අපේ සහෝදරවරු නම් මේ කතාවට බොහොම කැමති වෙයි. මොකද මේ කතාවෙ බොහොම අලංකාර සටන්  බොහොමයක් අන්තර්ගතයි. අතීතයෙන් එන පුද්ගලයෙක් අනාගතේ සිටින වෛද්‍යවරියක් අතීතයට රැගෙන යනවා. ඒ අතීතයෙදි ඇගේ ජීවිතට වන සිදුවීම් තමයි මේ කතාවෙන් කියවෙන්නේ. එහෙනම් අපි බලමු නේද…..

ඉයුන් සෝ දැනගන්නව තමන් කාලය හරහා අතීතයට පැමිණ ඇති බව. නමුත් ඇත්තටම මෙය ඇයට සිහිනයක් වගෙයි. රජුත් රැජිණත් පිරිවරත් මාලිගාවට ඇතුල් වන විට ඔවුන් බලාපොරොත්තු වූ ලෙස කිසිඳු පිළිගැනීමක් නම් දක්නට ලැබෙන්නේ නෑ. මේ ලාබාල රජතුමාට අපහාස කරන්න වගේම තමන්ගෙ බලය පෙන්වන්න ගි චෝල් නම් සාමිතුමා හිතාමතාම අමාත්‍යවරුන් තමන් වෙත රඳවා ගැනීම තමයි එයට හේතුව. එය රජු හා පිරිස කෝප කරන්නට සමත් හේතුවක් වුවත් ඔවුන් ඉවසීමෙන් කල්පනාවෙන් වැඩකිරීමට ඉටා ගන්නවා. මේ අතර වුදාල්චි චෝයි යන්ග් විසින් රජතුමාට යම් ලියවිල්ලක් ඉදිරිපත් කරනවා. ඒක පෙර සිටි රජතුමා විසින් නිකුත් කල අණක්. එහි කියැවෙන්නේ රජු හා රැජින ගෝරියෝවට කැඳවාගෙන ඒම චුදාල්චි කපිතාන්ගේ අවසන් මෙහෙයුම බවත් ඉන්පසු සාමාන්‍ය ජන ජීවිතයක් ගත කිරීමට මාලිගය හා තනතුරු හැර යාමට ඔහුට අවසර ඇති බවයි. නමුත් වර්තමාන රජතුමා ඔහු තම මිතුරෙක් ලෙස මෙන්ම විශ්වාසවන්තම පුද්ගලයා ලෙස සලකන බැවින් එයට කැමති වන්නේ නැහැ.

ලිපිය-කණිෂ්කා පෙරේරා.

——–

Faith-දෙව් ලොවින් ආ වෛද්‍යවරිය (2012)

3 වන කොටස.

කොරියාවේ SBS නාලිකාවේ 2012 වර්ෂයේදී විකාශය වුණු Sin-ui නැත්නම් Faith ටෙලි නාට්‍ය එම වසරේදී සම්මාන 5ක් දිනා ගත්තා. Boys over flowers නාට්‍යයෙන් ප්‍රසිද්ධ වුණු Lee Min Ho නැත්නම් කවුරුත් දන්න ගු ජුන් පියෝ තමයි මේ කතාවෙත් වීරයා.

කතාව කෙටියෙන් කියනවා නම් මෙහෙමයි. ගොර්යෝව එහෙමත් නැත්නම් කොරියාව කියලා අද හඳුන්වන රටේ වර්ෂ 1300 ගණන්වල ගොන්ග් මින් නමින් රජෙක් රජ වෙනවා. ඔහු සරණපාවා ගන්නේ යුවානයේ එහෙමත් නැත්නම් චීනය කියලා දැන් හඳුන්වන රටේ නො ගුක් කුමරිය. ඒ කාලේ ගොර්යෝව පවතින්නේ යුවානයේ බලපෑමට යටත් වෙලා. යුවානයෙන් විතරක් නෙවෙයි ගොර්යෝව තුළත් ඉන්නවා තමංගේ රටට විරුද්ධව යුවානයට උදව් කරන අය. මේ ගොන්ග් මින් රජුට විශ්වාසවන්තව හැම මොහොතේම ඔහුට සේවය කරන්නේ වූ දල් චී කියන සේනාවේ සෙන්පති චෝයි යන්ග් (Lee Min Ho). ඔහු තමන්ගේ පොරොන්දු අකුරටම රකින රජුට හොඳින්ම පක්ෂපාත කෙනෙක්. ඒ නිසා ඔහු විශාල කරදරයන්ට මුහුණ දෙනවා.

පහු ගිය කොටසේදී දැක්කනේ චෝයි යන්ග් දෙව් ලොවින් කියලා වෛද්‍යවරියක් කැඳවන් එනවා.මේ ආවේ කොහෙටද කියලා ඇය නම් පුදුම වෙලා ඉන්නේ.මොකද රජතුමා ඇතුළු හැමෝම හිතාගෙන හිටියට මෙයා ආවේ දෙව්ලොවින් කියලා එයා ඇත්තටම ආවේ අනාගතයෙන්නේ.රැජිණ බේරාගත්තට පස්සේ ඇයව ආපසු යවන්න චෝයි යන්ග්ට ඕනේ වුණත් රජතුමාගේ නියෝගයට පිටින් යන්න බැරි වෙනවා.ඉතින් තමන් දුන්න පොරොන්දුව රකින්න බැරි වුණ නිසා දෙව්ලොව වෛද්‍ය්වරියගෙන් කඩු පාරක් කාල මැරෙන්න තමයි චෝයි යන්ග් හදන්නේ.එත් වෛද්‍යවරිය තමන් දුර දිග නොසිතා කරන දෙයින් හොඳටම පසු තැවිලා ඔහුව බේරගන්න උත්සාහ කරනවා.අද බලමු එක කරන්න පුලුවන්ද කියලා.ඒත් එක්කම රජුගේ තරහකාරයෝ මොන මොන දේවල් කරයිද කියලත් බලා ගන්න පුළුවන්.

ලිපිය- අනුත්තරා බණ්ඩාර

Faith (2012– ) on IMDb

 

 

700 MB (15.32 GB) කොපිය මෙතනින් බාගන්න

08F21AC76207BD3588CF5D98567C2192791B6498 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

1,712 downloadsDownload Faith-03-baiscopelk.zip55 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” හා “අනුත්තරා බණ්ඩාර” සොයුරියන්ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous  Episodes              All Episodes                Next Episodes>>

Subtitles

1,712 downloadsDownload Subtitles55 KB

7 comments

  1. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks KANISHKA &amp; ANUTHTHARA sis oyala dennatama ..sub ekata..digatama sub demu.jaya wewa……

  2. අනුත්තරා

    අපටත් අවස්තාව දුන්නට බොහොම ස්තුතියි.අදහස් දෙන යාලුවන්ටත් ස්තුතියි

  3. kavinda

    මේ වාගේ තව සුපිරිම පට්ට කොරියන් සුපිරි ටිවි සිරිස් දෙන්න. Size වැඩි වුණාට අවුලක් නෑ මේක පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා.

  4. රොයිලි

    බොහොම ස්තූතියි දෙන්නටම සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. maduka

    කතාව නම් සුපිරි වගෙ සයිස් ටොරන්ට් එකෙ සයිස් එක වැඩි එක තමා අවුල

  6. Dilruk lahiru

    Thanks for the sub

  7. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..