ඔහු හී චව්යෙන් ප්‍රසිද්ධ හී සමූහයේ ප්‍රධාන විධායක නිලධාරියා වගේම චින් නගරයේ ගෑණු ළමයින්ගේ සිහින කුමාරයා. පිලිවෙලට නීතියට මෙන්න නිවැරදි දත්ත අනුව හැම වැඩකම යෙදෙන්න කැමතියි. හී වෙයිෆෙයි නැත්නම් ෂියො බා හරිම හුතරල් පුංචි පුතෙක්. හැබැයි බුද්ධිමත් කමින් නම් පොඩි නැහැ. ඒත් මේ පුංචි පුතාට මානසික රෝගයක් ති…

ඔහු හී චව්යෙන් ප්‍රසිද්ධ හී සමූහයේ ප්‍රධාන විධායක නිලධාරියා වගේම චින් නගරයේ ගෑණු ළමයින්ගේ සිහින කුමාරයා. පිලිවෙලට නීතියට මෙන්න නිවැරදි දත්ත අනුව හැම වැඩකම යෙදෙන්න කැමතියි.

හී වෙයිෆෙයි නැත්නම් ෂියො බා හරිම හුතරල් පුංචි පුතෙක්. හැබැයි බුද්ධිමත් කමින් නම් පොඩි නැහැ. ඒත් මේ පුංචි පුතාට මානසික රෝගයක් තියෙනවා. නාඳුනන අය එක්ක එකතු වෙන්න කැමති නැහැ වගේම ෂියෝ බා ට කතා කිරීමේ අපහසුවකුත් තියෙනවා. ඒවගේම ෂියො බා කියන්නේ හී චව්යෙන්ගේ පුතා.

චින් යියුඑයි ළමා මනෝවෛද්‍යවරියක්. හරිම කරුණාවන්ත ඇය රෝහලේ ඇයගේ රෝගීන් වන පුංචි දරුවන් අතර හරිම ජනප්‍රිය චරිතයක්. පිලිවෙලට වැඩ නොකරන නිතරම විනෝදයෙන් සතුටෙන් ඉන්න කෙනෙක්.

තමන්ගේ පෙම්වතා තමන්ව රවට්ටපු එක ගැන දුකෙන් වගේම ඔහු තමන්ට කරපු වංචාවක් ගැන තරහින් ඉන්න චින් යියුඑයිට අහම්බයකින් ෂියෝ බා වගේම හී චව්යෙන් මුණගැහෙනවා. මේ මුණගැහීම නිසා මේ තුන්දෙනාගෙම ජීවිත වල හරි අපූරු සිදුවීම් ගොඩක් වෙනවා. ඒවා හරිම රසවත් වගේම ආදරණීය දේවල්. වැඩිපුර කිව්වොත් කතාවෙ රසය නැතිවෙන නිසා අපි කතාව බලලම ඒවා ගැන දැනගමු නේද….

නම : Unforgettable Love/ 贺先生的恋恋不忘
ප්‍රභේදය : විකට, ආදර, නාට්‍ය
කතාංග : 24
විකාශන දිනය : ජුලි 10 – අගෝස්තු 02
විකාශන වසර : 2021
විකාශන කාලය : සඳුදා/ සෙනසුරාදා/ ඉරිදා

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,871 downloadsDownload Unforgettable-Love-E24.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-08-23
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

1,871 downloadsDownload Subtitles20 KB

4 comments

  1. Buddhika Lakmal

    මේ කතාව මම ආසාවෙන් බලපු එකක්... මේ වගේ කතාවක් අපේ රසවින්දනය සදහා තමුන්ගෙ කාලය කැපකරල සබ් එක ගේනාවට ඔයාට බොහෝම ස්තූතියි.... කරන කියන සියලුම වැඩකටයුතු සාර්තක වේවා.... ආයෙත් ඉඩක් ලැබෙන වෙලාවට මේ වගේ ලස්සන නිර්මාණයකට සබ් එකක් ගේන්න... බොහෝම ස්තූතියි...

  2. kavinda gamage

    බොහොම ස්තුතියි මේකනම් හරිම ලස්සන කථාවක්

  3. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. Hasanka

    My happy marriage 2023 Movie ekatath sinhala sub dennako