Uzumaki: Spiral Into Horror [S01 : E01] Sinhala Subtitles ඇනිමේ රසිකයෝ හැමෝවම සාදරයෙන් පිළිගන්නවා! සතියක් පරක්කු වෙලා (සමාවෙන සේක්වා!) මේ අරගෙන එන්නේ Adult Swim හරහා විකාශය වන, Junji Ito කියන සාහිත්‍යකරුවාගේ රසිකයෙක් විදියට පෞද්ගලිකව මම සෑහෙන කාලයක් එනකල් මඟ බලාගෙන ඉඳපු Uzumaki නමින් සතිපතා විකාශය…

Uzumaki: Spiral Into Horror Sinhala Subtitles
ඇනිමේ රසිකයෝ හැමෝවම සාදරයෙන් පිළිගන්නවා! සතියක් පරක්කු වෙලා (සමාවෙන සේක්වා!) මේ අරගෙන එන්නේ Adult Swim හරහා විකාශය වන, Junji Ito කියන සාහිත්‍යකරුවාගේ රසිකයෙක් විදියට පෞද්ගලිකව මම සෑහෙන කාලයක් එනකල් මඟ බලාගෙන ඉඳපු Uzumaki නමින් සතිපතා විකාශය වන කතා මාලාවේ පළවෙනි කතාංගයේ සිංහල උපසිරසි. එහෙනම්, පරක්කුත් වෙලා තියෙන එකේ කෙලින්ම ගිහින් සබ් එක බාගන්න පුළුවන්. ඒත් සිරිත නිසා කතාව ගැන විස්තර ටිකකුත් කියලා හිටින්නම්.
ජපාන බසික් Uzumaki (උසුමකි) කියන වචනයේ තේරුම “සුළිය” නැත්නම් “සර්පිලය” කියන එකයි. ඉතින් මේක අධිස්වභාවික සුළියක් විසින් හෙමින් හෙමින්, තමන්ගේ අඬු විහිදුවලා මිනිස්සුන්ව ග්‍රහණයට හසුකරගන්න රාක්ෂයෙක් වගේ සම්පූර්ණ නගරයක් ගිලගන්න විදිය ගැන තියෙන, අමුතුම ආකාරයේ කතාවක්. මේකට පාදක වෙන මන්ගාව රචනා කරලා තියෙන්නේ ජපානයේ Horror ශානරය ගැන කතා කරනකොට අනිවාරෙන්යයෙන්ම පළවෙනියටම කියවෙන Junji Ito නම් ගත්කතුවරයා විසිනුයි.
ඇනිමේ එක නිෂ්පාදනය කරලා තියෙන්නේ Adult Swim සහ Production I.G. සමාගම් දෙකේ එකමුතුවෙනුයි. ඉතින් Production I.G. කිව්වම මට නම් පළවෙනියටම මතක් වෙන්නේ මෑතකදී රිලීස් වුණු සුපිරිම ඇනිමේ එකක් වන Kaiju No. 8 කතා මාලාව. ඒත් මේක නම් කොහෙත්ම ඒ වගේ නෑ. මේ ඇනිමේ එකේ විශේෂත්වයක් තමයි වර්ණ භාවිතා නොකිරීම. හැමෝම දන්නවා ඇති නේ හුඟක් මන්ගා ලියන්නේ කළු සුදු කියන වර්ණ දෙක විතරක් පාවිච්චි කරලා බව. ඉතින් මන්ගා පිටු කෙලින්ම ජීවතුන් අතරට එනවා වගේ හැඟීමක් තමයි මේක බලනකොට එන්නේ. දැනට රිලීස් වෙලා තියෙන්නේ එක එපිසෝඩ් එකක් විතරක් වුණාට මේකත් සුපිරියක් වෙන බව දැනටම කියන්න පුළුවන් වගේ.
එහෙනම්, අද දවසේම මේකේ දෙවෙනි එපිසෝඩ් එක එන්න නියමිතයි. හැකි ඉක්මනින් ඒකට උපසිරසි ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒකෙන් ආයෙ හමුවෙනකන් හැමෝටම සුබ දවසක්! පීස් ✌️.
Uzumaki, Uzumaki , Uzumaki [S01: E01] Sinhala Subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
913 downloadsDownload Uzumaki-S01-E01-Sinhala-Subtitles.zip13 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සනුප රන්මෙත්
Subtitles
- #Adult Swim
- #Anime
- #Editor's Pick
- #Junji Ito
- #MaxxA
- #Offbeat
- #Production I. G.
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #Uzumaki
- #Uzumaki [S01 : E01] Sinhala Subtitles
- #Uzumaki [S01: E01]
- #Uzumaki: Spiral into Horror
- #උපසිරැසි
- #සනුප රන්මෙත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
3 comments
Das
Ishan Madusha
බොහොම ස්තූතියි.
chathura
thanks .... Suicide Squad eke ituru tika denne nadda bro ?
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


සනුපගෙ අලුත් එකක් එනකන් බලාගෙන හිටියේ..පලවෙනි එපිසොඩ් එක සුපිරියක්