Watch Trailer

Uzumaki: Spiral Into Horror [S01 : E02] Sinhala Subtitles | අමුතු සිදුවීම් රැසක් [සිංහල උපසිරසි]

Uzumaki: Spiral Into Horror [S01 : E01] Sinhala Subtitles ඇනිමේ රසිකයින් හැමෝවම පුරුදු පරිදි සාදරයෙන් පිළිගන්නවා! මේ අරගෙන ආවේ Uzumaki: Spiral into Horror කතාමාලාවේ දෙවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. ඔව්, මං දන්නවා, එපිසෝඩ් එක ඇවිත් සතියක් විතර පරක්කුයි තමයි, ඒත් විභාග වැඩත් එක්ක මේකේ උපසිරසිය හදලා…

Uzumaki (2024)

Uzumaki: Spiral Into Horror Sinhala Subtitles

ඇනිමේ රසිකයින් හැමෝවම පුරුදු පරිදි සාදරයෙන් පිළිගන්නවා! මේ අරගෙන ආවේ Uzumaki: Spiral into Horror කතාමාලාවේ දෙවෙනි එපිසෝඩ් එකේ සිංහල උපසිරසි. ඔව්, මං දන්නවා, එපිසෝඩ් එක ඇවිත් සතියක් විතර පරක්කුයි තමයි, ඒත් විභාග වැඩත් එක්ක මේකේ උපසිරසිය හදලා ඉවර කරන්න වෙලාවක් සෙට් වුණේ නෑ. විභාගේ ඉවරවුණු හැටියෙම තමයි මේක සම්පූර්ණ කරලා අරගෙන ආවේ. සමාවෙන සේක්වා.

පසුගිය කොටසින්…

ඉතින් පළවෙනි එපිසෝඩ් එකෙන් අපිව “කුරෝසු” නම් අමුතුම නගරයට හඳුන්වා දුන්නා. ඒවගේම කතාවේ ප්‍රධාන චරිත වන කිරියේ සහ සුයිචි කියන දෙන්නවත් අඳුන්වා දුන්නා. කුරෝසු කියන්නේ “උසුමකි” හෙවත් “සුළියක” ශාපයක් නිසා දිනෙන් දින පිරිහෙන නගරයක්. මේ සුළියේ බලපෑම නිසා අමුතු අමුතු සිදුවීම් නගරයේ සිද්ධ වෙනවා.

මේ සුළි සම්බන්ධයෙන් පිස්සු වැටිලා ඉන්න සුයිචිගේ තාත්තා තමන්වම සුළියක් බවට පත් කරගන්නවා. එයාව අදාහනය කරද්දී එයාගේ ආදාහන දුම් අහසේ ලොකු සුළියක් බවට පත් වෙලා එයාගේ රූපය මවාපානවා. ඒවගේම අසාමි කියන කෙල්ලගේ නළලේ තියෙන කැළලක් දිනෙන් දින සුළියක් බවට වර්ධනය වෙලා එයාවම ඒ තුළට ඇදගන්නවා. ඉතින් මේ වගේ එක එක අධිස්වභාවික, බය හිතෙන දේවල් මේ නගරයේ සිද්ධ වෙනවා.

මේ එපිසෝඩ් එකෙනුත් ඔයාලට කුරෝසු නගරයේ සිදුවෙන තව අමුතු සිදුවීම් රැසක් බලාගන්න පුළුවන් වෙයි. ඇත්තටම මේක මහ විකාර කතාවක්. ඒත් ඒකේ අමුතු ගතියක් නැත්තෙමත් නෑ. එහෙනම් මේ එපිසෝඩ් එක බලන්නකෝ. අද රෑ තුන්වෙනි එපිසෝඩ් එකේත් උපසිරසි ගේන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් රෑ 10ට විතර සයිට් එකට ඇවිත් යන්න. පීස් ✌️.

Uzumaki, Uzumaki , Uzumaki [S01: E01] Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

459 downloadsDownload Uzumaki-Spiral-into-Horror-S01-E02-Sinhala-Subtitles.zip14 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සනුප රන්මෙත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගෙ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2021-08-01
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

 

Next BT1

All BT1

Nxt Season BT12

Subtitles by

සනුප රන්මෙත්

Subtitles

459 downloadsDownload Subtitles14 KB

2 comments

  1. chathura

    thanks . true detective season 1 episode 1sub eke awlk tiyenwa . poddak balanna eka

  2. Ishan Madusha

    බොහොම ස්තූතියි උපසිරැසියට.