WandaVision හයවෙනි කතාංගයටත් ආවා එහෙනම්. හතරවෙනි කතාංගය තනිකරම සැබෑ යථාර්තයට සම්බන්ධ වුණත්, අපිට ආපහු පස්වෙනි කොටසින් වොන්ඩාගේ යථාර්තයේ සිට්කොම් කතාව දකින්න ලැබුණා වගේම සැබෑ යථාර්තයේ සිදු වීමුත් දකින්න ලැබුණා. පහුගිය කතාවෙ සිට්කොම් සිදුවීම් 1980 ගණන්වල කාලයේ දුවන කතාවක් විදිහට තමයි සකස් වෙලා තිබුණ…

WandaVision හයවෙනි කතාංගයටත් ආවා එහෙනම්. හතරවෙනි කතාංගය තනිකරම සැබෑ යථාර්තයට සම්බන්ධ වුණත්, අපිට ආපහු පස්වෙනි කොටසින් වොන්ඩාගේ යථාර්තයේ සිට්කොම් කතාව දකින්න ලැබුණා වගේම සැබෑ යථාර්තයේ සිදු වීමුත් දකින්න ලැබුණා. පහුගිය කතාවෙ සිට්කොම් සිදුවීම් 1980 ගණන්වල කාලයේ දුවන කතාවක් විදිහට තමයි සකස් වෙලා තිබුණේ. තුන්වෙනි කොටසින් පස්සේ ඔන්න නැවතත් අපිට වෙනස් විදිහක වෙළඳ දැන්වීමක් දකින්න ලැබුණා. ලාගෝස් කඩදහි තුවා දැන්වීමක් තමයි ඒ.
එහෙනම් අපි පසුගිය කොටස කතාව ගැන කෙටියෙන් මතක් කරගමු.
වොන්ඩා-විෂන් ජෝඩුව අලුත උපන් බබාලා දෙන්නා ටොමීගෙයි බිලීගෙයි ඇඬිල්ල නවත්තලා නළවගන්න දරන උත්සහයෙන් තමයි කතාව පටන්ගන්නේ. මේ වෙලාවෙ ඇග්නස් ඇවිල්ලා බබාලව නළවන්න උදව් කරන්න උත්සහ කරනවා, හැබැයි ඒ වෙලාවෙ ඇග්නස්ගේ අමුතු හැසිරීම සහ දෙබස් විෂන්ට ප්‍රශ්ණයක් වෙනවා. අපි දන්නවානෙ ඇයි මෙච්චර හිනා යන දේවල් සිද්ධ වෙන්නෙ කියලා. මොකද මේක සිට්කොම් එකක්. ඉතින් ඒ පිටපතට අනුව තමයි දේවල් සිද්ධ වෙන්නේ. හැබැයි විෂන්ට මේකේ ගැටළුවක් තියෙන බව තේරෙනවා. හැබැයි ඉතින් වැඩි වෙලාවක් බබාලාව නළවන්න ඕණ වෙන්නෙ නෑ ටොමීයි බිලීයි එක පාරට අවුරුදු 5ක ළමයි බවට වයසින් වැඩෙනවා.
ඔන්න ඊට පස්සේ බල්ලෙක්වත් හදාගන්න තමයි මේ කොල්ලො දෙන්නා හදන්නේ, ඇග්නස් බලු පැටියාට කූඩුවක් එහෙමත් ගෙනත් දීලා ඌට ස්පාකි කියන නම දාන්න උදව් කරනවා. හැබැයි වොන්ඩායි විෂනුයි කියනවා එයාලට වයස මදි කියලා බල්ලො බලාගන්න, ඒකට එයාලා අවුරුදු 10ක්වත් වෙන්න ඕණ කියලා. එතකොට මේ නිවුන්නු දෙන්නා තව අවුරුදු 5කින් වයසට යනවා. ඊට පස්සෙ ඉතින් අවසර දෙනවා ඇරෙන්න මොනා කරන්නද? 😀
ඉතින් ඊට පස්සේ විෂන් වැඩපළට ගියාම දකිනවා ස්වෝඩ් එකෙන් ඊමේල් එකක් ඇවිල්ලා කියලා වෙස්ට්වීව්වල තත්වය ගැන කියලා. මේක දැක්කාම විෂන් ගොඩක් අවුල් යනවා. එයා නෝම්ව වොන්ඩාගේ පාලනයෙන් මුදවලා එයා එක්ක කතා කරලා බලනවා. එයා දැනගන්නවා ඒ පුද්ගලයා කොච්චර බයෙන් සහ වේදනාවෙන්ද ඉන්නෙ කියලා. විෂන් තේරුම්ගන්නවා වොන්ඩා මේ නගරයම පාලනය කරනවා කියලා.
ඒ අල්ලපනැල්ලේ සැබෑ යථාර්තයේ, හේවර්ඩ් පොඩි රැස්වීමක් කැඳවලා කියනවා වොන්ඩා කියන්නේ මුලු නගරයකම මිනිස්සුන්ව ප්‍රාණ ඇපයට තියාගෙන ඉන්න ත්‍රස්තවාදියෙක් කියලා. නමුත් මොනිකා නම් මේකට එකඟ වෙන්නේ නෑ. ඇය කියන්නේ එහෙම වුණානම් වොන්ඩාට සීමා කරගත්තු කලාපයක් තියෙන්නෙ නෑ කියලා. ඒ වගේම වොන්ඩා ඇගේ යථාර්තයෙන් තමාව නෙරපුව වෙලාවෙ තමන්ගේ ජීවිතේ බේරුනෙත් වොන්ඩා තමන්ට අනතුරක් නොකරන්න තීරණය කරපු නිසා කියලා මොනිකා කියනවා. ඒ නිසා වොන්ඩා හිතාමතා කලබලයක් ඇති කරන වුවමනාවෙන් මෙහෙම කරන්නෙ නෑ කියලා ඒත්තු ගන්වන්න මොනිකා උත්සහ කරනවා. හැබැයි මේ වෙලාවේ තමයි හේවර්ඩ් පෙන්නන්නේ වොන්ඩා විසින් ඊට දින නමයකට කලින් ස්වෝඩ් එකට කඩං පැනලා අතිශය රහසිගතව ස්ථානගත කරලා තිබුණු විෂන්ගේ සිරුර හොරකම් කරපු දර්ශන පෙළ. මේක සොකෝවියා සම්මුතිය ඍජුවම කඩ කිරීමක් වගේම විෂන්ගේ කැමැත්ත උල්ලංඝනයක්. මේ රැස්වීමෙදි කතා වුණ, නයිජීරියාවේ ලාගෝස් නුවරේ සිදු වීමෙන් ඔයාලාට Captain America: Civil War මතක් වෙන්න ඇති. වොන්ඩාගේ අතින් ලොකු විනාශයක් වෙනවා ලාගෝස් නුවරදි. මේ කතාංගයේ ඇතුළත් වුණු ව්‍යාජ වෙළඳ දැන්වීමත් නම් වුණේ ලාගෝස් නමින්. ඔයාලා යම් සම්බන්ධයක් දකියි ඒ දැන්වීමේ අවසන් වචන පේළියෙයි, ඒ සිවිල් වෝ සිදු වීමෙයි.
හේවර්ඩ්, පියෙත්‍රෝ සහ වොන්ඩා ගැන කතා වෙද්දි හයිඩ්‍රා එක ඔවුන්ව ස්වෙච්ඡා සේවයට අරගෙන විප්ලවවාදීන් කරපු එක බොහොම ඉක්මනින් ලිස්සලා යවන්න හැදුවා කියලා මට හිතෙනවා. තාමත් මට තියෙන සැකය මිනිහා හයිඩ්‍රා එකට සම්බන්ධ කෙනෙක්ද කියන එකයි. හැබැයි ඉතින් ජිමී තොරතුරු ටික කියනවා මෙතනදි. හයිඩ්‍රා එකෙන් කිසිම පැහැදිලිකිරිමක් නොකර කරපු අත්හදාබැලීම් නිසා ඔවුන්ට බලයන් ලැබුණා කියලා කියනවා. හැබැයි ඔහු උත්සහ කරනවා වොන්ඩා ගැන වැරැද්දක් නොකියා ඉන්න වගබලාගන්න. මේ ගැන ජිමී ඩාසිට කීවම මම කියන්නම්කො ඔයාට බැරිනම් කියලා ජිමී එක්ක හේවර්ඩ්කාරයාට ඩාසි හොඳවයින් දෙයක් කියනවා. 😛 ඩාසි “හේවර්ඩ් කියන්නේ ප…” කියද්දිම හේවර්ඩ් කියනවා “….ත්‍රස්තවාදීන්.” ඔන්න ඔය දෙබස් දෙකේ මට මොකක්දෝ සම්බන්ධයක් පෙණුනාදෝ කියලා හිතෙනවා. හේවර්ඩ් ත්‍රස්තවාදී? අනේ මන්දා ඉතින් නේද ඕවා කතාව බලලම ලිහාගමු පුද්ගලික මත විමසුම් නැතුව. 🙂
මේ අතරේ අපේ සැබෑ යථාර්තයේ, ආචාර්ය ඩාසි ලුවිස් වොන්ඩාගේ යථාර්තයේ ඇති හැඩය ෂඩාශ්‍රයක්, ඉංග්‍රීසියෙන් හෙක්සාගන් එකක් වගේ නිසා ඒකට හෙක්ස් කියන නම පාවිච්චි කළා. මොනිකා හොයාගන්නවා වොන්ඩා විසින් යථාර්තය නැවත ලියනු ලබන බව, ඒ වගේම හෙක්ස් එකට යවන දේවල් වෙනස් වෙන්නේ කාලයට නොගැළපෙන නිසා බව. ඉතින් මොනිකාගේ අදහස මත ස්වෝඩ් එක විසින් 80 ගණන්වල තාක්ෂණය සහිත ඩ්‍රෝනයක් එවනවා වෙස්ට්වීව් නගරෙට. හැබැයි හේවර්ඩ් මොනිකාව ගොනාට අන්දලා වොන්ඩාව මරන්නයි හැදුවේ. වොන්ඩා හෙක්ස් එකෙන් එළියට ඇවිල්ලා හේවර්ඩ්ට අනතුරු අඟවනවා එයාට පාඩුවේ ඉන්න දෙන්න කියලා. ඒ ඩ්‍රෝන් එකට බය වෙලා ස්පාකි ගෙදරින් පැනලා යනවා. පස්සේ ඌ විෂ ශාකයක් කාලා මිය ගිහින් කියලා අපිට දකින්න පුලුවන් වුණා. ඒක දැකලා අපේ ටොමී, බිලී නිවුන්නු දෙන්නා ආපහු වයසින් වැඩෙන්න හදනවා. එතකොට වොන්ඩා කියන්නේ ඔය හැඟීමෙන් පැනලා යන්න එපා කියලයි. (කකුළුවා පැටවුන්ට කෙලින් යන්න කියලා දෙනවාවත්ද කියලයි හිතුණෙ මට 😛 ) ස්පාකිට පණ දෙන්න කියලා නිවුන්නු, වොන්ඩාගෙන් ඉල්ලුවත් ජීවිතයට යම් නීති ඇති බව වොන්ඩා ඔවුන්ට කියලා දෙනවා. මේකෙන් මට හිතෙන්නෙනම් වොන්ඩාට මැරුණු කෙනෙක්ට පණ දෙන්න හැකියාවක් නැතුව ඇති කියලයි. විෂන් කියන්නේ සින්තොසොයිඩ් කෙනෙක් නිසාත්, ඒ කෘතිම බුද්ධිය මිය නොයන නිසාත් වොන්ඩාට ඔහුට පණ දෙන්න පුලුවන් වෙන්න ඇත්තේ.
විෂන් ගෙදර ඇවිල්ලා වොන්ඩාගෙන් අහනවා ඇත්තටම එයා මොනවද කරන්නේ කියලා. හැබැයි වොන්ඩා ඒ කිසි දෙයක් පිළිගන්නෙ නෑ. මේ කතාබහට බාධා කරමින් ගෙදරට කවුරුහරි තට්ටු කරනවා. විෂන් හිතන්නේ ඒකත් වොන්ඩාගේම වැඩක් කියල. කවුරුත් නොහිතපු විදිහට ඇවිත් තිබුණේ පියෙත්‍රෝ. හැබැයි අපි Avengers: Age of Ultron තුළින් දැකපු පියෙත්‍රෝ (Aaron Taylor-Johnson) නෙමෙයි. මේ කෙනා තමයි Foxලාගේ X-Men විශ්වයේ හිටපු කෙනා. (Evan Peters) අපි දන්නෙ නෑ මේක වොන්ඩා-විෂන් කතාවට කොහොම සම්බන්ධ වෙනවද කියලා, ඒ කිව්වේ මේ එක්ස් මෙන් විශ්වයේ පීටර් මැක්සිමොෆ්මද කියලා හරියටම ෂුවර් කරන්න බෑ කියන එකයි. ඒක හරියටම තහවුරු වෙනකල් අපිට නිගමනයකට එන්න බෑ ඒ ගැන. හැබැයි ඔයාලා දන්නව ඇතිනේ Fox චරිතවල අයිතිය දැන් Disney එකට තියෙන බව. ඒ නිසා MCU එකෙන් මේ චරිත මතු වෙන්න පුලුවන්.
මෙතනදි ක්වික්සිල්වර්ගේ නැවත පැමිණිම නොදන්නවා වගෙයි වොන්ඩාගේ හැසිරීම අනුවනම්. හැබැයි වොන්ඩා මේ කතාංගය තුළ එයාගේ පුතාලට කියනවා, එයාට සහෝදරයෙක් හිටිය බවත් එයා ඉතා ඈතක ඉන්න බවත්. ඉතින් වොන්ඩාගේ මේ සහෝදර කැක්කුම, තමන්ගෙ සහෝදරයා දකින්න තියෙන වුවමනාව ඇය නිර්මාණය කළ යථාර්තයට බලපෑවද? ඇගේ ඒ තදබල වුවමනාව නිසා මේ බහුවිශ්වයන් තුළින්, ඒ කියන්නේ මල්ටිවර්ස් එකේ වෙනත් තැනකින් ක්වික්සිල්වර් කෙනෙක්ව නොදැනුවත්ව හෝ හිතාමතා ඇය ගෙන්නුවද? පිළිතුරු ඉදිරි කොටස්වලින් ලැබේවි කියලා හිතමු.
කොහොමවුණත් මේ කතාවට මල්ටිවර්ස් එක සම්බන්ධයක් වුණොත් පුදුමයක් නෙමෙයි. ඔයාලා දන්නව ඇතිනේ දැනටමත් Doctor Strange in the Multiverse of Madness (2022) එක මේකට සම්බන්ධ වෙයි කියලා Kevin Feige ලොක්කා කියලා තියෙනවා කියලා.
කතාව ඉදිරියට යද්දි මොනවා වෙයිද කියලා බලන්න එහෙනම් හයවෙනි කොටසත් බලන්නකෝ. 🙂
එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
12,745 downloadsDownload WandaVision-E06.zip20 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි
Subtitles by
එල්. සී. දමැල්
Subtitles
35 comments
kalana Dhananjaya
Shaggy
බොහොම ස්තූතියි
Ravindra
Thanks
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Naveen Ranasinghe
උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Anonymous
Ammoo mechchra ikmanata deiyo dunna wage thanks sahoo❤️
Kasun
Thanks for the Subtitle ♥️♥️♥️
Janitha pramudika
අම්මො thanks brother මේ තරම් ඉක්මනට.!! site එකට පැයෙන් පැයෙ වගේ ආව මේක දාලද බලන්න..
Lakmal Thilakarathna
ටැන්ස් මචං❤
geeganagamage
බොහොම ස්තුතියි මේක මම බලපු ගොඩාක් ලස්සන කොරියන් ටිවී සිරියස් එකක් ඉතිරි කොටසත් ඉක්මනින් සබ් දෙන්න .
ezio auditore
මරු
Ayesh
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Waruna Kamalawansha
නියමයි.... බොහෝම ස්තූතියි
Anonymous
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
විමා
වෙඩි වගේ වෙලා :)
ලිපියනම් පට්ට
තවම එක එපියයි බැලුවේ
හෙට ඉතුරු සේරම බලනවා.
සබට තුති මලේ.Dulaj
Thanks bn sub ekata
Tharindu Mathangadeera
Thank You
Malaka prasad
thank you saho..,,,
Anonymous
Anna 7 awilla
Anonymous
Ow eke subtitles ne ne
Anonymous
Episode 7 subtitles ikmanata දෙන්නෝ
Miyura Sithara
දානකම් ඉදියෙ ....ස්තූතියි බයිස්කෝප්
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!Pramukmili
Thanx bro............
Sasanka sathyajith
Thanks for the sub
Ishan Madusha
බොහොම ස්තූතියි
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
Dewadithya
Thanks for sub!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. 🤪
Amila Mudalige
උපසිරසියට බොහෝම ස්තූතියි
Bimbisha Adithya
උපසිරැසියට බොහොම ස්තූතියි ♥️
Tharusha Malaka
thanks so much for subtitle
keep it up broChandimal Kariyapperuma
Thanks for the subtitles. Keep up the good work.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



thank you so much bro