Watch Trailer

WandaVision [E05] Sinhala Subtitles | සුවිශේෂී කතාංගයක් [සිංහල උපසිරසි]

WandaVision පස්වෙනි කොටස සමඟ තමයි මේ මුණගැහෙන්නේ. ඔන්න පළවෙනි කොටස් දෙකටම වෙනස් විදිහට, හතරෙනි කතාංගය ඍජුවම සහ තනිකරම සම්බන්ධ වුණේ MCU එකට. අපි දකින්නේ 2023 වර්ෂය නොහොත් MCU එකේ වර්ථමාන අවධිය. මොකද කිව්වොත් ඔයාලට මතක ඇති මම කලින් කොටසෙදිත් කිව්වා මේ සීරිස් එකේ සිදු වීම් වෙන්නේ Endgame සිදු වීම්වලින…

WandaVision පස්වෙනි කොටස සමඟ තමයි මේ මුණගැහෙන්නේ. ඔන්න පළවෙනි කොටස් දෙකටම වෙනස් විදිහට, හතරෙනි කතාංගය ඍජුවම සහ තනිකරම සම්බන්ධ වුණේ MCU එකට. අපි දකින්නේ 2023 වර්ෂය නොහොත් MCU එකේ වර්ථමාන අවධිය. මොකද කිව්වොත් ඔයාලට මතක ඇති මම කලින් කොටසෙදිත් කිව්වා මේ සීරිස් එකේ සිදු වීම් වෙන්නේ Endgame සිදු වීම්වලින් පසුව බව. 

අපි හතරවෙනි කොටස සහ ඒකේ විශේෂ දේවල් ගැන පොඩ්ඩක් බලමු.

මොනිකා රැම්බෝ

ජෙරල්ඩීන් කවුද කියන කාරණාව ගැන අපි පහුගිය කොටසින් දැනගත්තා. ඒ තමයි මොනිකා රැම්බෝ. කැප්ටන් මාවල්ගේ යාලුවා මාරියා රැම්බෝගේ දියණිය. Captain Marvel චිත්‍රපටයෙදීනම් අපි දැක්කේ මොනිකාව පොඩි ළමයෙක් විදිහට. අර කැප්ටන් මාවල්ගේ ඇඳුමේ ඩිසයින් එක විවිධ විදිහට වෙනස් කරන පුංචි කෙල්ල. හැබැයි Teyonah Parris විසින් රඟ දක්වන මේ වැඩිහිටි මොනිකාව අපිට පළමු වතාවට දකින්න ලැබෙන්නේ වොන්ඩා-විෂන් සීරිස් එකේදියි. ඉදිරියේදී නිකුත් වෙන්න නියමිත Captain Marvel 2 චිත්‍රපටයෙනුත් දකින්න ලැබෙයි අපිට මේ වැඩිහිටි මොනිකාව.

ඉතින් කතාව පටන්ගද්දිම මයිල් කෙලින් වෙන්න ඇති ඔයාලගේ. 😀 රෝලහේ හිටිය මොනිකා රැම්බෝ, ප්‍රොෆෙසර් හල්‍ක්‍ කරපු ස්නැප් එක එහෙමත් නැත්නම් ‘බ්ලිප්’ එක තුළින් නැවත ජීවිතය ලබනවා. ඒ අතරතුරේ මොනිකා‍ට මතක් වෙන දේවල් ඇහෙන්න ගන්නවා. ඒ හඬවල් අතරින් ඔයාලට “ලුතිනන් ට්‍රබල්” කියලා කියනවා ඇහෙන්න ඇති. ඒ කටහඬ අයිති කැරොල් ඩැන්වර්ස් නොහොත් අපි කවුරුත් දන්න කැප්ටන් මාවල්ට. මොනිකා පුංචි කාලෙදි කැරොල් ඇයට ආදරේට කියපු නමක් තමයි ලුතිනන් කරදරකාරී වැනි අදහසක් තියෙන ඒ නම. මේ සිද්ධියෙන් පැහැදිලි වෙනවා මොනිකාත් තානොස්ගේ ස්නැප් එක නොහොත් ‘ඩෙසිමේෂන්’ එකට අහු වෙලා මේ ලෝකේ පැවැත්මෙන් ඉවත් වෙලා ගිය ජීවින් අඩට අයිති වුණු කෙනෙක් බව. කොහොමහරි මොනිකාට පණ ලැබුණු ගමන් කලබල වෙලා ඇයගේ අම්මාව, ඒ කිව්වේ, මරීයා රැම්බෝව හොයන්න ගන්නවා. මරීයා රැම්බෝ මේ රෝහලේ සාර්ථකව පිළිකා සැත්කමක් කරගෙන තිබුණා. මොනිකා කලබලෙන් එයාගේ අම්මාව හොයනවා. බ්ලිප් එක නිසා රෝහලේ ධාරිතාවටවත් දරාගන්නත් බැරි තරමට මිනිස්සු මතු වෙමින් පවතින නිසා රෝහල එකම ව්‍යාකූලත්වයක් බවට පත් වෙලා. ඒ වෙලාවෙ තමයි ඩොක්ටර් හාලිව මොනිකාට හම්බ වෙන්නේ. දන්න කියන ඩොක්ටර් හාලිව දැක්කාම මොනිකාට පුදුම සතුටක්! ඒත් ඇයට ඒ සතුට මොහොතකින් නැති වෙලා යන්නේ ඩොක්ටර් හාලි ඊළඟට කියන දේ නිසයි. මොනිකා අතුරුදහන් වී වසර දෙකකට පසු මරීයා මිය ගිය බව මොනිකාට අදහන්නත් බෑ. 

අමාරු වුණත් අවසානයේ ඇත්ත තේරුම්ගෙන මොනිකා ස්වෝඩ් මූලස්ථානය වෙත සේවය‍ට වාර්ථා කරනවා. හරි ස්වෝඩ් ගැන කතා කරද්දි, කොමික් තුළ සහ MCU තුළ පැහැදිලි වෙනසක් තියෙනවා. කොමික් තුළ S.W.O.R.D. හඳුන්වන්නේ Sentient World Observation and Response Department අතර MCU තුළ එය හඳුන්වන්නේ Sentient Weapon Observation and Response Department. කොහොම නමුත් ස්වෝඩ් එකේ වැඩ බලන අධ්‍යයක්ෂක ටයිලර් හේවර්ඩ් කියන දෙයින් අපිට මේ වෙලාවෙදී හරියටම දැනගන්න ලැබුණා මොනිකා ඇත්තටම කවුද කියලා. ඇය ස්වෝඩ් එකේ කැප්ටන් ඒජන්ට් කෙනෙක්. හේවර්ඩ් කියනවා ඩෙසිමේෂන් එකෙන් පස්සේ ලෝකය තර්ජනවලින් පිරිලා නිසා ඔවුන් මිනිසුන් ‍යොදා කරන මෙහෙයුම් පැත්තකින් තියලා රොබෝ, නැනෝ සහ කෘතිම බුද්ධි පිළිබඳ තාක්ෂණයන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන බව. අපිට දකිනවා ස්වෝඩ් එක මුලින් අභ්‍යාවකාශට යවන ගගනගාමීන් පුහුණු කරලා තවත් ලෝක පිළිබඳ හොයන එක කළත් දැන් ඔවුන් ජීවී අවි නිර්මාණය කරන වැඩට අවධානය දීලා බව. මොනිකා නම් ඒ ගැන වැඩි කැමැත්තක් නෑ වගෙයි පෙනුනේ.

ටයිලර් හේවර්ඩ්

සමහරවිට ටයිලර් හේවර්ඩ්ගේ මොකක්හරි හොරයක් තියෙන්නත් පුලුවන්. ඔයාලා Agents of S.H.I.E.L.D. බලලා තියෙනවනම් “හේවර්ඩ්” කියන නම ඒකෙන් අහල ඇති. බ්‍රයන් හේවර්ඩ් කියන්නේ සෙන්ටිපේඩ් ව්‍යාපෘතියෙන් හදපු සුපර් සෝල්ජර් කෙනෙක්. හයිඩ්‍රා එකේ මුදලින් දුවපු ඒ ව්‍යාපෘතියෙන් කරන්න බැලුවේ කැප්ටන් ඇමෙරිකා වගේ සුපිරි සොල්දාදුවන්ව නිමවන්නයි. S.H.I.E.L.D. එකේදි, අපිට දැනගන්න ලැබුණා බ්‍රයන්ට, ලෝරා කියලා සහෝදරියක් ඉන්න බව, ඒත් සහෝදරයෙක් ගැන අහන්න ලැබුණෙ නෑ, මෙයා බ්‍රයන්ගේ සහෝදරයෙක්වත්ද? වෙන්නත් පුලුවන්, නොවෙන්නත් පුලුවන්. ඒක ඉදිරි එපිසෝඩ්ස්වලින් අපිට දැනගන්න පුලුවන්. හැබැයි ඒක ඇත්තක් වුණොත්, ඒ කියන්නේ ට‍යිලර් කියන්නේ හයිඩ්‍රා එකට සම්බන්ධ කෙනෙක්නම්, දැන් ජීවී අවි සාදමින් පවතින S.W.O.R.D. සංවිධානය යන්නේ මොන වගේ අඳුරු පැත්තකට කියලා හිතාගන්න පුලුවන්.

මරීයා “ෆෝටොන්” රැම්බෝ

මොනිකා ස්වෝඩ් එකට ආවාම දකිනවා බිත්තියෙ ගහලා තියෙන එයාගේ අම්මා මරීයා “ෆෝටොන්” රැම්බෝගේ ඵලකයක්. ස්වෝඩ් අත්තිවාරමේ ඉඳලාම ගොඩනැගුවේ මරීයා කියලා අපිට මේ කොටසින් අහන්න ලැබුණා.  කොමික්වලදී මොනිකා රැම්බෝට සුපිරි වීර නමක් විදිහටත්  “ෆෝටොන්” කියන නම පාවිච්චි කරල තියෙනවා‍.

The Cosmic Microwave Background Radiation  (CMBR)

මේ කොටසේ අහන්න ලැබුණා CMBR කියලා විශේෂ විකිරණ වර්ගයක් ගැන. මහා පිපුරුම්වාදය ගැන අහලා තියෙනවද? Infinity War එකේදිත් අපිට ඒ ගැන අහන්න ලැබුණා. ඒ පිපිරුමෙන් තමයි ඉන්ෆිනි‍ටි ස්ටෝන්ස් නිර්මාණය වුණේ. ඉතින් අන්න ඒ මහා පිපුරුම මඟින් ඉතිරි වුණා කියලා කියන විකිරණ වර්ගයක් තමයි Cosmic Microwave Background Radiation කියන්නේ. සිංහලෙන් විශ්වීය ක්ෂුද්‍ර තරංග පසුබිම් විකිරණ කියලා හඳුන්වනවා.

අස්වාභාවික විදිහට CMBR අධික ප්‍රමාණයක් තියෙනව කියලා ආචාර්ය ඩාසි ලුවිස් පෙන්නුම් කරනවා එක අවස්ථාවක. අපිට තාම පැහැදිලි නැහැ කොහොමද මේක වොන්ඩා-විෂන් කතාවට බලපාන්නේ කියලා. සමහරවිට වොන්ඩා මේ විකිරණ වර්ගය පාවිච්චි කරනව වෙන්න පුලුවන් එයාගේ නව යථාර්තය නිර්මාණය කරන්න. MCU එකේ CMBR හඳුන්වා දීම විශේෂ වෙන්න පුලුවන් හේතුව ගැන හිතන්න පුලුවන් අනුමාන දෙකක් ගැනත් ලිපිය අවසානයේ මම කියන්නම්.

ආචාර්ය ඩාසි ලුවිස්

ආචාර්ය ඩාසි ලුවිස්ව ඔයාලට අමතක නැතුව ඇති කියල හිතනවා. Thor පළවෙනි සහ දෙවෙනි චිත්‍රපටවලින් තමයි අපිට ඩාසිව මුණගැහෙන්නේ. ඔව්, අර ජේන් ෆොස්‍‍ටර් සහ එරික් සෙල්විග් එක්ක වැඩ කරන කටකාර ගෑණු පරානෙ. :p ඔන්න අපිට වොන්ඩා-විෂන් එකෙනුත් අපි‍ට ඩාසිව හම්බ වෙනවා. ‍මේ වෙද්දී ඩාසි එසේ මෙසේ කෙනෙක්නම් නෙමෙයි. PhD එකක් ගහපු තාරකා ‍භෞතික විද්‍යාඥවරියක්. ආචාර්ය ලුවිස් ඇතුළු කීප දෙනෙක්වම ස්වෝඩ් එකෙන් නිව් ජර්සිවල, වෙස්ට්වීව්වලින් පිටත පිහිටුවලා තියෙන බේස් එකකට ගෙන්වන්නේ වෙස්ට්වීව්වල සිදු වෙන අභිරහස මොකක්ද කියලා හොයන්නයි. ඩ‍ාසි කියනවා ව‍ගේම වැඩ්ඩියක් කියලත් අපි දැක්කා. ඇය හොයාගන්නවා එතන අධික CMBR ප්‍රමාණයක් පවතින බවත්, ඒ සමඟ කිසියම් සිට්කොම් වැඩසටහනක ගුවන් විකාශන තරංග සම්මිශ්‍රණය වී ඇති බවත්. ඒක සම්මිෂ්‍රණය කොහොම සිද්ධ වුණාද කියලා අපි තාම දන්නෙ නෑ. හැබැයි ඉතින් ආයෙ මම පැහැදිලි කොරන්ඩ අවශ්‍ය නෑනෙ ඒ සිට්කොම් වැඩසටහන ගැන? වොන්ඩා-විෂන් නාඩගම තමයි. 😀

නියෝජිත. ජේම්ස්. ඊ. වූ

FBI Agent කෙනෙක් වන ජිමී වූව නම් Ant-Man and the Wasp බලපු කට්ටියට අමතක වෙන්න විදිහක් නෑ. ස්කොට් නිවාස අඩස්සියේ ඉන්න කාලෙ එයා ගැන අධීක්ෂනය කළේ නියෝජිත ජිමී. මතකද ස්කොට්ගෙන් එයා අහනවා ක්ලෝස් අප් මැජික් කරන විදිහ?

ක්ලෝස් අප් මැජික් කියන්නේ, සාමාන්‍යයෙන් මීටර් තුනකට වඩා නොවැඩි දුරකින් සෙල්ලම් කාඩ් පාවිච්චි කරලා කරන මැජික් ජාතියක්. ඊට පස්සේ ජිමී ඕක ඉගෙනගන්න ලොකු කට්ටක් කනවා. කොහොමින් කොහොම හරි ස්වෝඩ් එකත් එක්ක ‍එකතු වෙලා මේ වෙස්ට්වීව් කේස් එක ගැන බලන්නත් ජිමී සම්බන්ධ වෙලා තියෙනවා. ඊට පස්සේ මොනිකාවත් මුණගැහෙනවා ජිමී‍ට. ඒ වෙලාවේ ඔහු තමන් FBI නියෝජිතයෙක් කියලා මොනිකාට හඳුන්වන්නේ ක්ලෝස් අප් මැජික් එකක් පාවිච්චි කරලා කියලා මීටර් වුණාද? පොර මහන්සි වෙලා ඒ වැඩේ උනන්දුවෙන් ඉගෙනගෙන තියෙනව කියලා අපිට පෙන්නනවා ඒකෙන්.

ජිමී, මොනිකාට කියනවා වෙස්ට්වීව් ගැන දන්න අය කිසි කෙනෙක් නෑ කියලාත්, ඒ ගැන දන්න එකම සාක්කිකරුවත් අතුරුදහන් වුණා කියලත්, වෙස්ට්වීව් නගරය ඇතුළට එනවට ඒ නගරයත් කැමති නෑ කියලත් කියනවා. වෙස්‍ට්වීව් නගරේ වැඩ කරන පොලිස් නිලධාරීන්ගෙන් ඇහුවම ඔවුන් කියන්නෙත් එහෙම නගරයක් නැති බවයි. මේකනම් හරි අමුත්තක් බව ඔවුන්ට තේරෙනවා. ඉතින් මෙතනදි අපිට සැකයක් එනවා වොන්ඩා එයාගේ යථාර්තයෙන් පිට ඉන්න අයවත් යම් තරමකට පාලනය කරනවාද කියලා. කොහොමහරි, එයාලා යවන ඩ්‍රෝනයකුත් ටික දුරක් ගිහින් අතුරුදහන් වෙලා යනවා. මොනිකා මේක ළඟ‍ට ගිහින් බලද්දි දකිනවා යම් බලශක්ති ක්ෂේත්‍රයක් තිබෙන බව. වැඩි වෙලාවක් යන්න කලින් මොනිකාව ඒක ඇතුළට ඒ කිව්වේ වොන්ඩාගේ සිට්කොම් යථාර්තය තුළට ඇදිලා යනවා.

අභිරහස් මී මැසි පාලකයා

දෙවෙනි කතාංගයේ කාණුවක පියනක් ඇරගෙන එන මී මැසි පාලක මනුස්සයා ගැන අභිරහස අපිට විසඳගන්න ලැබුණා. මොනිකාගේ අතුරුදන් වීම නිසා මොනිකා ගැන තොරතුරක් හොයන්න වෙස්ට්වීව් නගරයට කාණු පද්ධතිය ඔස්සේ ෆ්‍රෑන්ක්ලීන් කියන ස්වෝඩ් ඒජන්ට්ව යවනවා. එයා නව යථාර්තයේ සීමාව පහු කරද්දීම මී මැසි පාලකයෙක් බවට හැරෙනවා. ඔහුව සැබෑ යථාර්තය එක්ක සම්බන්ධ වෙලා තිබුණ පටිය පරණ තාලේ ජම්ප් රෝප් එකක් බවට හැරිලා ස්වෝඩ් මධ්‍යස්ථානය එක්ක තිබුණු සම්බන්ධතාවය කැ‍ඩෙනවා. ඒ යථාර්තය තුළට යන ඕණම කෙනෙක් හෝ දෙයක් කාලයට සුදුසු අනුවාදයක් බවට හැරෙනවා. අපි දන්නවනේ වොන්ඩා මේ සිදු වීම වෙනස් කරනවා කියලා, ඒකෙන් නියෝජිත ෆ්‍රෑන්ක්ට මොනව වුණාද කියලා අපි දන්නෙ නෑ. බලමු අපි ඉදිරියට.

කොහොමහරි මොනිකාව සිට්කොම් වැඩසටහනේ ඉන්නවා ඩාසි හොයාගන්නවා. ඉතින් මතක ඇති පළවෙනි කොටසෙ අවසානයේ අපි දැක්කා ස්වෝඩ් එකේ ඒජන්ට් කෙනෙක් වොන්ඩා-විෂන් නිරීක්ෂණය කරනවා. ඒ ඩාසිව තමයි පෙන්නලා තිබුණේ. 

තුන්වෙනි කො‍ටසේ අන්තිමේ පෙන්නුවා මොනිකා කට වරද්දගෙන වොන්ඩාගේ සහෝදරයා පියෙත්‍රෝව මැරුවෙ අල්ට්‍රෝන් බව කිව්වා එක්ක වොන්ඩා මොනිකාව ඇයගේ යථාර්තයෙන් නෙරපලා දානවා. ඉතින් එතන හරියටම මොනවද වුණේ කියලාත් පහුගිය කො‍ටසෙ පෙන්නුවා. වොන්ඩා ඇයගේ බලය ශක්තිය ගොඩක් යෙදෙව්ව නිසා ඒක කරන්න වොන්ඩාගේ පාලනය මදකට ගිලිහෙනවා කියලා අපිට හිතන්න පුලුවන්. මොකද එතනට විෂන් ආවම ඇය ඔහුව දකින්නේ තානොස් මරලා දාපු විෂන්ව. වොන්ඩා ඇයගේ බලය පාවිච්චි කරලා විෂන්ව වෙනස් කරනව වෙන්න පුලුවන්. කොහොම නමුත් සැබෑ යථාර්තයට එන මොනිකා කියන්නේ ඒ හැමදේම කරන්නේ වොන්ඩා කියලයි.

වෙස්ට්වීව්වල වැසියො ගැන මේ වෙද්දි හොයාගෙන යනවා ස්වෝඩ් එකෙන්. හැබැයි තාම ඇග්නස් සහ ඩොටී ගැන විස්තර මුකුත් හොයාගෙන නැති එකනම් අමුත්තක්. නියෝජිත වූ, අපි Captain Marvel තුළදි දැක්ක ස්ක්‍රල් කියන වෙස් මාරු කළ හැකි පිටසක්වළ ජීවී කො‍ට්ඨාෂයව සැක කරනවා වගෙයි. පහළ තියෙන වයි‍ට් බෝඩ් එකේ ලියලා තියෙන එකෙන් පැහැදිලියි ඒක.

හැබැයි ස්ක්‍රල්ලා හොඳයි කියලා අපි Captain Marvel එකේදි දැක්කා. ඒ වගේම Spider-Man: Far from Home එකේ පෝස්ට් ක්‍රෙඩි‍ට් දර්ශනයකින් අභ්‍යාවකාශයේ තියෙන ස්වෝඩ් මධ්‍යස්ථානයක් කියලා හිතන්න පුලුවන් තැනක නික් ෆියුරි, ස්ක්‍රල්වරු එක්ක ඉන්නවා අපි දැක්කා. ඉතින් අපි තාම දන්නෙ නෑ ඇයි එහෙම හිතන්න හේතුව කියලා. ඒකත් අපි ඉදිරියෙදි බලමු. ඒ වගේම ඔවුන් දේවල් කිහිපයක් ගැන තාම දන්නෙ නෑ. ඇයි ෂඩාස්‍ර හැඩ මේකට සම්බන්ධ? ඇයි සිට්කොම් යථාර්තයක්? මේ සාමාන්‍ය කාලය සහ අවකාශයමද? විෂන් තවමත් ජීවතුන් අතරද? බලමු අපි මේවාට ඔවුන් උත්තර හොයාගන්න විදිහ ඉදිරි කොටස්වලදි.

අපි කලින් අනුමාන කරපු දේ ඇත්තක් කියලා තහවුරු කරමින් ඩාසිගේ අදහසකින් තමයි නියෝජික වූ වොන්ඩාට රේඩියෝව හරහා දෙවෙනි එපියෙදි කතා කරන්නේ. හැබැයි ඒක සාර්ථක වෙන්නෙ නැත්තේ වොන්ඩා එතනදිත් යථාර්තය නැමුව නිසා වෙන්න ඇති. ඒ වගේම ස්වෝඩ් එකෙන් යවපු ඩ්‍රෝන පරණ අනුවාදයකට හැරිලා තමයි අපි වොන්ඩාගේ ගෙවත්තෙ තිබුණු රතු පාට සෙල්ලම් හෙලිකොප්‍ටරය දැක්කේ.

වොන්ඩා‍ට ඇත්තටම මොකක්ද වුණේ?

ඉතින් කොහොමද වොන්ඩාට මෙහෙම දෙයක් වුණේ? වොන්ඩාත් මොනිකා වගේම ඩෙසිමේ‍ට් වුණා කියලා මතකනෙ. ඒක සිදු වුණේ මහා අවාසනාවන්ත විදිහට, තමන් ඉදිරිපිටම මිනී මැරුමකට ලක් වූ තම මළ සැමියා ඉදිරියෙම. මොනිකාට ආපහු ජීවිතේ ලැබුණාම එයාගේ අම්මාව කලබලෙන් හෙව්වා වගේම වොන්ඩාටත් මොනව කරන්නද කියලා හිතාගන්න බැරි වෙන්න ඇති. ඒ නිසා විෂන්ගේ මළසිරුරත් අරගෙන ගිහින් නගරයක් අත්පත් කරගෙන, එහි වැසියන්ව තම අණසකට ගෙන, මේ වගේ නව යථාර්තයක් ඇය නිර්මාණය කරන්න ඇති. හැමදාම හිනා වෙලා තමන්ට අහිමි වුණ සන්තෝෂවත් ජීවතේ බලෙන් හෝ ලබාගන්න ඒ බලවත් හැඟීම ඇයට උත්ප්‍රේරණයක් වන්නට ඇති. 

අවසාන වශයෙන් කලින් කිව්ව CMBR හඳුන්වා දීම විශේෂ වෙන්න පුලුවන් හේතුව ගැන හිතන්න පුලුවන් අනුමාන දෙක ගැන කියන්නම්. ආචාර්ය ලුවිස් CMBR පිළිබඳව අධ්‍යයක්ෂක හේවර්ඩ්‍ට කිව්වාම ඔහු ඒ ගැන ලොකු උනන්දුවක් දක්වනවා කියලත් ඔයාලා දකින්න ඇතිනේ. ඉතින් මේ දේවලට හේතුව කියල හිතන්න පුලුවන් තියරියකුත් තියෙනවා. ඔයාලා දන්නව ඇතිනේ ඉදිරියේදි Fantastic Four චිත්‍රපටයක් එන එක ගැන Kevin Feige කියලා තියෙනව කියලා. එක අවස්ථාවක ටයිලර් විසින් මොනිකාට කියනවා, “අභ්‍යාවකාෂ ගගනගාමී පුහුණු වැඩසටහනේ තත්වෙ නම් බලාපොරොත්තු රහිතයි. අතුරුදන් වුණු ගගනගාමියෝ පිරිසක් බ්ලිප් එකෙන් පස්සෙත් ආපහු ආවෙ නෑ” කියලා. මේ කියන්නේ ෆැන්ටැස්ටික් ෆෝ ටීම් එක ගැන වෙන්න පුලුවන් කියලාත් තියරියකුත් යනවා මේ දවස්වල. 😀 කොමික් කියවන අය දන්නවා ඇතිනේ මේ හතරදෙනාට බලය ලැබෙන්නේ අභ්‍යාවකාෂයෙදී කොස්මික් විකිරණ ධාරාවකට අසු වුණ නිසා. හරි තව දෙයක් තමයි ඉදිරියේ නිකුත් වීමට නියමිත Eternals චිත්‍රපටිය. ඉටර්නල්ස් කියන්නේත් කොස්මික් විකිරණවලටම සම්බන්ධ කට්ටියක් තමයි.  ඉතින් අපිට CMBR ගැන හඳුන්වලා දුන්නෙත් මේ දේවල් සඳහා පාර කපන්න වෙන්න පුලුවන්. MCU’s got plans…  😀

කොහොමහරි මේ ටිකත් ඔළුවෙ තියාගෙන කොහොම කතාව ඉදිරියට යයිද කියලා බලන්න එහෙනම් පස්වෙනි කතාංගයත් බලමු. 🙂

එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

12,758 downloadsDownload WandaVision-E05.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි

Previous BT1All BT1Next BT1

Subtitles

12,758 downloadsDownload Subtitles25 KB

38 comments

  1. චරිත් හේෂාන්

    Thank you...!
    Sub ektai
    Vistharayati...

  2. kalana Dhananjaya

    patta bn,thanks lipiyatai sub ekatai.

  3. මල්ෂා සිල්වා

    හවස ඉදන් සැරින් සැරේ ඇවිත් බලලා ගියා කෝ සබ් දාලා ද කියලා. ගොඩක් ස්තූතියි පින් ඉක්මනින් සබ් දෙනවට

    1. Gayana Thathsara

      ඔව්ව්ව් බන්

  4. Gayana Thathsara

    අම්නේ..... දානකම් බලාන හිටියෙ.. ස්පොයිල් කාරයන්ගෙන් ගැලවුනේ බොහොම අමාරුවෙන් :-)))

  5. Gayana Thathsara

    Thank Uuuu බ්‍රෝ..... පුලුවන් නම් Sabrina Season 4 එකට ස්බ් දෙන්නකො

    1. එල්.සී. දමැල්

      ස්තුතියි. නමුත් මම ඒක බලන්නෙ නැති කතාවක් :(

  6. Naveen Ranasinghe

    Spoil miss කර කර හිටියේ සබ් එක දානකම්මයි. මෙච්චර ඉක්මනට දායි කියලා හිතුවේ නෑ. බොහොම ස්තූතියි උපසිරැසිය ලබා දුන්නට.

  7. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  9. MNUP_d3ds3c

    Thanx. Sub ekt wgema thibba wistharetath. Ekath loku udwwk una.

  10. Kasun

    ගොඩාක් ස්තූතියි :D :D :D

  11. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
    පැහැදිලි කිරීමත් සුපිරි

  12. Anonymous

    Thanks

  13. AKASH AK

    nice bn.Thank you.

  14. දිල්හානී

    වන්ඩා ගැක නම ගොඩක් දුකයි. මේකේ අන්තිමට වන්ඩ විලන් කෙනෙක් වෙනව්ලුනේ. එයාගේ රියැලිටි එක බේරගන්න වන්ඩයි, වන්ඩගේ රියැලිටි එක ඇතුලේ හිරවෙලා ඉන්න කට්ටිය බේරගන්න ස්වොර්ඩ් එකේ කට්ටියයි කරන සටනක් තියෙයිද දන්නේ නෑ. නැත්තන් ව්න්ඩයි එයාගේ රියැලිටි එකයි වෙන විලන් කෙනෙකුගෙන් බේරගන්න සටනක් තියෙයිද? කෝක උනත් විෂන් ආයෙත් මැරෙයි කියල හිතෙනවා.

  15. Gatta

    Subtile aka ikmanata dunnata thank bro

  16. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට... හරියට සීරීස් එක බලන් කෙනෙක්ටනම් සබ් එකත් එක්ක වැටෙන මේ ලිපි ටික රත්තරං වගේ.. ජය වේවා.. බුදුසරණයි..!

  17. Anonymous

    Thanks bro

  18. Waruna Kamalawansha

    නියම විස්තරයක්.. බොහෝම ස්තූතියි

  19. Anonymous

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

  20. Isuru Upendra

    සුපිරි ලිපියක්. සබට තෑන්ක්ස්.

  21. අනුත්තරා

    විෂන්ට ආපහු ඇත්තටම පණ දුන්නොත් හොඳයි

  22. Ruchira

    Thanks for the sub and info !!!!

  23. tharangani

    thanx

  24. Shaggy

    Thank you very much

  25. Dushan

    nice

  26. Anonymous

    Thanx bro. ඉක්මනටම ep6 එකෙත් සබ් එක දාන්න..;-)

  27. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  28. Pramukmili

    Thanxx bro.................

  29. Ishan Madusha

    ස්තූතියි

  30. sasanka sathyajith

    Thanks for the sub

  31. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  32. Dewadithya

    Thanks for sub!

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ 🤪

  35. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  36. Bimbisha Adithya

    උපසිරැසියට බොහොම ස්තූතියි ♥️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.