Watch Trailer

WandaVision [E07] Sinhala Subtitles | පාපෝච්චාරණය [සිංහල උපසිරසි]

WandaVision හත්වන කතාංගය ගෙන එන්නයි මේ සූදානම. හයවෙනි කොටස සිදු වුණ කාලය 1990 ගණන්වල අවසන් කාලය හෝ 2000 ගණන්වල මුල් කාලය විදිහට සලකන්න පුලුවන්. මීට කලින් අපි මේ කතාව තුළ නොදැකපු විදිහේ වෙළඳ දැන්වීමකුත් දකින්න ලැබුණා. අපි දැක්කේ ක්ලේ ඇනිමේෂන් තාක්ෂණයෙන් නිර්මාණය කරපු “යෝ මැජික්” කියන යෝගට් ඇඩ් එක. එ…

WandaVision හත්වන කතාංගය ගෙන එන්නයි මේ සූදානම. හයවෙනි කොටස සිදු වුණ කාලය 1990 ගණන්වල අවසන් කාලය හෝ 2000 ගණන්වල මුල් කාලය විදිහට සලකන්න පුලුවන්. මීට කලින් අපි මේ කතාව තුළ නොදැකපු විදිහේ වෙළඳ දැන්වීමකුත් දකින්න ලැබුණා. අපි දැක්කේ ක්ලේ ඇනිමේෂන් තාක්ෂණයෙන් නිර්මාණය කරපු “යෝ මැජික්” කියන යෝගට් ඇඩ් එක.

එහෙනම් අපි පසුගිය කො‍ටස ගැන පොඩි මතකාවර්ජනයක් කරගමු.

වොන්ඩා කැමැත්තෙන් පසු වෙනවා පවුලක් විදිහට හැලොවීන් නිවාඩු දවසෙ විනෝද වෙන්න. ඉතින් කට්ටිය එක එක ඇඳුම් ඇඳගෙන විනෝදෙට සැ⁣රසෙනවා. ඇත්තටම මේ ඇඳුම්වල ගොඩක් ලොකු විශේෂත්වයක් තියෙනවා. ඒ ඇයි කියලා කොමික් රසිකයෝනම් මම කියන්න කලින්ම දන්නවා. මේ තමයි වොන්ඩා, විෂන්, ක්වික්සිල්වර් සහ විකාන් කියන කට්ටියගේ කොමික් ඇඳුම්.

මේක ටොමීගේ සහ බිලීගෙ පළමු හැලොවීන් සැමරුම නිසායි වොන්ඩාට මේක තවත් විශේෂ වෙන්නෙ. හැබැයි බලාපොරොත්තු නොවෙන විදිහට විෂන් කියනවා එයාට විනෝද වෙන්න එන්න ලැබෙන්නෙ නෑ, ඒ වෙනුවට එයා ආරක්ෂිත වැඩපිළිවෙලට එක්ක රාජකාරියේ හවුල් වෙනවා කියලා. මේක නිසා වොන්ඩා-විෂන් අතරේ පොඩි මත ගැටුමක් ඇති වෙනවා. මේ වෙද්දි මේ දෙන්නා කොහොමත් සීතල යුද්ධයක තමයි ඉන්නේ. මොකද අපි දන්නවනෙ වොන්ඩාගේ ක්‍රියාකලාපය ගැන දැනගත්තම විෂන් ඉන්නෙ අවුලෙන් බව. කොහොමහරි මේ රණ්ඩුව මැද්දට පැනලා සාමෙන් ⁣ඒක විසඳගන්න පියෙත්‍රෝ හෙවත් පී මාමා උදව් කරනවා. පියෙත්‍රෝ ඉදිරිපත් වෙනවා හැලොවීන් සැමරුමේදි තාත්තා කෙනෙක් වගේ වැඩ කරන්න. හැබැයි පී මාමා ටොමියයි බිලියයි එක්ක එකතු වෙලා එයාගෙ සුපිරි වේගය පාවිච්චි කරලා ජඩ වැඩ ගොඩක් කරනවා. මේ අතරතුරේ මේ සුපිරි වේගය ටොමීටත් උරුම වෙලා තියෙන බව දැනගන්න ලැබෙනවා. ඉතින් අපිට සමහරවිට ඉදිරියෙදි එයාව ස්පීඩ් කියන නමින්ම හඳුන්වනව අහන්න ලැබෙයි. හඅබැයි වොන්ඩා, පියෙත්‍රෝගෙන් විවිධ ප්‍රශ්ණ අහනවා ඔහු වෙනස් නිසා. වොන්ඩාට ඔහු ගැන යම් සැකයක් තියෙනවද?

මේගොල්ලෝ විනෝද වෙන අතරෙ විෂන් වෙස්ට්වීව්වල ඈත කෙළවරටම ඇවිදගෙන යනවා මොකක්ද මේ සිද්ධ වෙන්නේ කියලා හොයන්න. එතකොට විෂන් දකිනවා හරි අමුතු දේවල්. මිනිස්සු එකම දේ නොනවත්වා කරනවා, තව මිනිසසු කිසිම හාවක් හූවක් නෑ ගල් ගැහිලා වගේ ඉන්නවා. ඊට පස්සේ විෂන් දකිනවා කාර් එකක ඉන් ඇග්නස්ව.විෂන් ඇග්නස්ගේ සැබෑ මනස අවදි කරාම එයා කියනවා ඔයා ඇවෙන්ජර්ස්ලාගෙන් කෙනෙක් කියලා. ඒත් විෂන්ට ඒ කිසි දෙයක් මතක නෑ. ඇගනස් එතකොට කියනවා විෂන් මැරුණ බව. විෂන් කියනවා මේ ගැටළුව එයා හරි ගස්සනවා කියලා. ඒත් ඇග්නස් කියනවා ඒකනම් වොන්ඩා එක්ක සිද්ධ වෙන දෙයක්නම් නෙමෙයි කියලා.

වෙස්ට්වීව්වලින් පිටත් මේ සැරේ සිද්ධ වුණේ ගැටුම්. හේවර්ඩ් අණ කරනවා මොනිකා, ඩාසි සහ ජිමීව එළියට දාන්න කියලා එයාලා වොන්ඩා සමඟ යුද්ධයට යන අදහසට දිගින් දිගටම විරුද්ධ වෙන නිසා. ඒත් මේ තුන්කට්ටුව කොහොමහරි ඇතුළට ආයෙ පැනගන්නවා. එයාලා ඩාසි‍ගේ සහයෙන් හේවර්ඩ්කාරයාගේ පරිගණකය හැක් කරලා හොයාගන්නවා විෂන්ගේ වයිබ්‍රේනියම් සංඥා හරහා විෂන් යන එන තැන් හේවර්ඩ් හොයනවා කියලා.

අන්තිමේ විෂන්, වොන්ඩාගේ ව්‍යාජ යථාර්ත සීමාවෙන් එළියට යන්න උත්සහ කරනවා, ඒත් එයාව කෑලිවලට ගැලවෙන්න පටන්ගන්නවා. මේක බිලීට දැනෙනවා. බිලීට තියෙන බලයන් මෙතනින් පෙන්නන්න පටන්ගන්නවා. බිලී මේ ගැන වොන්ඩාට කීවම, මේ ගැන කලබල වෙන්න එපා නගා, මොකෝ ඔයාගේ මැරිච්ච මහත්තයා දෙපාරක මැරෙනවායැ කියල කියපු පියෙත්‍රෝව විසික් වෙන්න එකක් දෙනවා. පියෙත්‍රෝ, විෂන්ගේ මරණය ගැන සහ වොන්ඩා නිර්මාණය කරපු යථාර්තය ගැන ගොඩක් දේවල් ගැන දන්න එක නම් අමුතුයි. වොන්ඩා හෙක්ස් එකේ සීමා මායිම තව තවත් විස්තාරනය කරන්න ගන්න නිසා ඩාසිව ඇතුළුව ස්වෝඩ් නියෝජිතයින් කිහිපදෙ⁣නෙ⁣ක් එක්ක සම්පූර්ණ ස්වෝඩ් මධ්‍යස්ථානයම හෙක්ස් එක‍ට ආවරණය කරගන්නවා. හේවර්ඩ් හෙක්ස් එකේ කටටම යන්න ඔන්න මෙන්න ගිහින් බේරෙනවා.

ඇත්තටම කුතුහලය එන්න එන්නම වැඩි වෙන කතාවක් තමයි මේක. ඒක නිසානෙ ඉතින් වැඩි දෙනෙක් මුල් කොටස් නොබල හිටියත්, 5වෙනි කතාංගයෙ විකාශනයෙන් පස්සෙ ලෝකෙම වැඩිම දෙනෙක් නරඹපු කතා මාලාව වුණේ. 🙂 එහෙනම් තව කතා මොටද? බලන්න එහෙනම් හතත්.

එහෙනම් ඊළඟ කොටසින් හමුවෙමු.

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.

11,989 downloadsDownload WandaVision-E07.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “එල්.සී.දමැල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2015-02-06
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි

Previous BT1

All BT1

Next BT1

Subtitles by

එල්. සී. දමැල්

Subtitles

11,989 downloadsDownload Subtitles19 KB

37 comments

  1. NSW Gunasekara

    Thanks Brother...❤️❤️❤️❤️

  2. Bimsara Kumarasinha

    bbalagena hitiye thank you very much

  3. kalana Dhananjaya

    thanks bro

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Anonymous

    අම්බෝ දෙයියෝ අදර්හ් කලින් තෑන්ක්ස් සහෝ ❤️❤️❤️❤️❤️❤️❤️

  6. Anonymous

    අම්බෝ දෙයියෝ අදත් ආපු ගමන්ම දුන්නා
    තෑන්ක්ස් සහෝ ❤️❤️❤️❤️❤️❤️❤️

  7. Gayana Thathsara

    Thank brother :-):-):-) ♥️♥️

  8. thenuka navod

    tnx sahoo..... patta fast

  9. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  10. Naveen Ranasinghe

    උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි...

  11. Shaggy

    බොහොම ස්තූතියි

  12. ushan

    මේ කරන දේට ගොඩක් ස්තූති මචං

  13. යුරාන් ධනුක (දනුවා)

    බොහෝම ස්තූතියි සහෝ

  14. Janitha pramudika

    තෑන්ක්ස් බ්‍රෝ... මෙච්චර ඉක්මනට සබ් එක ගෙනාවට ❣️

  15. geeganagamage

    බොහොම ස්තුතියි මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ හරිම ලස්සන කථාවක්.

  16. Ravfdo 06

    thank you

  17. Malaka prasad

    thnak you sahooo.....

  18. Anonymous

    සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...

    1. විමා

      ඊයෙ තමා එපි සේරම බැලුවෙ.
      පට්ටයි හොදේ
      ඊලඟ එක එනකම් ඉවසුමක් නෑ.
      විනාඩි 30 මදි.

  19. Ayesh

    උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️

  20. Nuwan

    thanks sub ekata
    podi illimak thiyenawa Nancy Drew tv series ekata sub dennako

  21. Sci-fi Pissa

    The Watch (2020) – Season 1, TRIBES OF EUROPA SEASON 1, Snowpiercer Season 02, Legacies – Season 3, wage Aluth TV Series Karanne neththe ai/

  22. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  23. Anonymous

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට

  24. Anonymous

    බොහොම ස්තූතියි sub එකට

  25. Akash

    අනේ පීස් ඉක්මනට 8 සබ් ඕනෙ

  26. Gayana Thathsara

    කෝ සබ් එක දෙන්නකො. fb ඉන්න හැතිකරේ spoil කරනව

  27. Pramukmili

    Thanx bro..............

  28. Sasanka

    Thanks for the sub

  29. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  30. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!

  31. Dewadithya

    Thanks for sub!

  32. සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි

    අයියෙ. 🤪

  33. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  34. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  35. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

  36. Anonymous

    Elama