ඔන්න එහෙනම් මේ අරන් එන්නෙ ඔයාල ගොඩක් දෙනෙක් අපෙන් ඉල්ලපු කතා මාලාවක්. නිකුත් වුණේ 2022 නොවැම්බර් 23 වෙනිදා. මේක නෙට්ෆ්ලික්ස් තුල වාර්ථා අළුත් කරන්න සමත් වුණ කතා මාලාවක්ද වෙනවා. එනම් නෙට්ෆ්ලික්ස් එකේ දැනට සතියක් තුල වැඩිම නැරඹුම් වාර සංඛ්‍යාවක් ලබාගත්ත ටීවී සීරිස් එක වෙනවා. ඒ නැරඹුම් වාර මිලියන 341.…

ඔන්න එහෙනම් මේ අරන් එන්නෙ ඔයාල ගොඩක් දෙනෙක් අපෙන් ඉල්ලපු කතා මාලාවක්. නිකුත් වුණේ 2022 නොවැම්බර් 23 වෙනිදා. මේක නෙට්ෆ්ලික්ස් තුල වාර්ථා අළුත් කරන්න සමත් වුණ කතා මාලාවක්ද වෙනවා. එනම් නෙට්ෆ්ලික්ස් එකේ දැනට සතියක් තුල වැඩිම නැරඹුම් වාර සංඛ්‍යාවක් ලබාගත්ත ටීවී සීරිස් එක වෙනවා. ඒ නැරඹුම් වාර මිලියන 341.2 ලබාගනිමින්. මීට පෙර ඒ ස්ථානය ලබාගෙන තිබුනේ ස්ට්‍රේන්ජර් තින්ග්ස් හතරවෙනි කතා සමයයි. ඒ තරම් ප්‍රේක්ශකයො අතරේ ජනප්‍රිය වුණ මේ සීරිස් එකට මේ වෙනකොට IMDb 8.5 ඉතාම ඉහල අගයකුත් කුණු තක්කාලි 70% ගන්නත් සමත් වෙලා තියෙනවා. මේ කතා මාලාවෙ ජනප්‍රියත්වෙට හේතු වුණ ලොකු සාදකයක් තමයි මෙහි වෙන්ස්ඩේගෙ චරිතය නිරූපනය කරන Jenna Ortega. ඇය ඇගේ රඟපෑම අකුරටම කරා කියන්න මේක බලන කොයිකාටත් බය නැතුව පිලිගන්න පුළුවන් වේවි.
එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු, මේ කතාව පටන් ගන්නේ මේකෙ ප්‍රධාන කතා නායිකාව වෙන වෙන්ස්ඩේව ඇය ගියපු ස්කෝලෙන් අස් කරන තැනින්. එහෙම අස් කරන්න හේතුව වෙන්නේ ඇගේ දරුණු වැඩක් නිසා. කොහොම හරි වෙන්ස්ඩේ කියන්නේ ගොඩක් මුරන්ඩු, අඳුරු චරිතයක්. ඇගේ හැසිරීම් නිසාම ඇයව ස්කෝල කීපෙකින්ම අස්කරගන්න ඇගේ දෙමාපියන්ට සිද්ධ වෙනවා. ඉතින් එයාගෙ දෙමව්පියන් තීරණේ කරනවා එයාලත් ගියපු ස්කෝලෙ වෙන නෙවර්මෝ ඇකඩමියට වෙන්ස්ඩේව දාන්න. ඒක විශේශිත අයට උගන්නන්න හදපු බෝඩින් ස්කෝලයක්. විශේශිත අය කිව්වේ වෙයාවුල්ෆ්ලා, දියකිඳුරියො, වැම්පයර්ස්ලා වගේ අමුතු අයට. ඒත් වෙන්ස්ඩේ නම් මේ ස්කෝලෙ ගැන සුළුවෙන් තකන්නේ මොකද එයා හිතනවා මේකත් අනික් ස්කෝල වගේම සාමාන්‍ය ස්කෝලයක් කියලා. ඒත් ඇත්තටම නෙවර්මෝ සාමාන්‍ය ස්කෝලයක් වෙයිද වෙන්ස්ඩේට?
එහෙනම් එච්චරයි මං කතාව ගැන කියන්න යන්නේ. පලවෙනි කොටස නිසා මේකෙ තියෙන කුතුහලේ, අභිරහස්, ප්‍රශ්න ඔයාලටම දැනගන්න ඉඩහරින්නම්. ඒ වගේම මතක් කරන්න ඕනෙ මේකට උපසිරැසි කරන්න දායක වුණ ලක්ෂාන් / මයුර / චාමිකර / සංජන යන සහෝදරවරුන්ව සහ මේ වැඩේට ගොඩක් සහයෝගය දුන්න විමා අයියවත්. එහෙනම් දෙවෙනි කොටසෙන් හමුවෙමු ජයවේවා!
Due to copyright issues, We no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
35,482 downloadsDownload Wednesday.S01E01.zip2.1 MB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
41 comments
Anonymous
Anonymous
Thanks ! anith tikath ikmanata oni
Anonymous
අකුරු 3 ගොබ්බ සයිට් එකෙන් සබ් දීල තිබුනත් උන්ගේ සබ් මොලෝ රහක් නැතිනිසා බයිස්කෝප් දෙනකන්ම බලන් හිටියා
ජය වේවා බයිස්කෝප් කොල්ලනේAnonymous
#මෙලෝ (යන්නෙ කොහෙද මල්ලේ පොල් සබ් උන් හදන්නේ)
Naveen
උපසිරසියට තුති
Samitha
Ado thanks bn....habai ikmanatama sub tika oone kollo ❤️
Gamage
අයිපෝන් වලට මේ සබ් එක වැඩ කරන්නේ නෑනේ හදා ගන්නේ කොහොමද
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමු වෙමු
ජයමීට කලින් ආපු චිත්‍රපට බලන්න ඕනද මේක බලන්න...
Bimsara Yashan(ඔලිව)
එහෙම ඕන වෙන්නෙ නෑ.
Anonymous
Thankyou
Anonymous
adams family story akada meka
Kushan
Sub akta thanks
Anonymous
බොහොම ස්තුතියි නියම වැඩක්
C.Deshan
Bimsara Yashan wadak kala kiyanne ithin aye ahanna deyak na. TOP
Kaveesha Lasith
Thanks ❤️
Kaveesha Lasith
වටිනවා ❤️
Buddhika laKMal
තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
♥♥☻☻...බොහෝම ස්තූතියි ඔලිවර් සහෝ උපසිරැසියට...☺☺♥♥Anonymous
පුළුවන් srt denna me dx sub ekka fatta awul
Anonymous
සබ් එක දුන්නට බොහොම ස්තුතියි...ජය ❤
සංජන චමෝද්
උපසිරැසියට ස්තූතියි
අයියෙ. &#129322:
Anonymous
Thanks sub ekata
manoj
sub 1 weda nehe saho. km plaayer 1n balanne. sub wenuwata baiscopelk kiyala wetenne
විමා
Media Player Classic එක යූස් කරන්න.
Achi
බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
කරපු වැඩේට, ආදරෙයි..ආ ..
Typing හැකියාව හා English දැනුම
තව තවත් වැඩිවේවා…✌Rukshitha
Dn SRT denne naththe ai bn
Mge SRT nathuwa sub eka wada karanne nane danna kenek kiyapnko ai kiyalaBimsara Yashan(ඔලිව)
Mobile නම් MX Player යූස් කරන්න,
Pc නම් Media Player Classic හරි PotPlayer හරි යූස් කරන්න.
Gamage
අයිපෝන් වලට මේ සබ් එක වැඩ කරන්නේ නෑනේ හදා ගන්නේ කොහොමද
Anonymous
Niyamai
Dewadithya
Thanks For Sub!
Manu
Godak sthuthi..Jaya wewa
madura
Sub wada nane
Bimsara Yashan(ඔලිව)
මොකක්ද අවුල?
sahangayantha
Thanks a lot saho sub ekata
Shawn Stevens
Srt එකෙන් දෙන්න බැරිද?
Dimuthu Dananjaya
Mchn me vidiyata sub danna epa. Srt file ekak vidiyata dannako. Naththan wena website walata kattiya huruwei. Jayawewa
Mr. B
සිංහල උපසිරැසිය ලබාදුන්නාට ස්තූතියි!
ජයෙන් ජය!lakshan
thanks .................
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Chanaka Sangeeth
Thank you
chinthaka chathuranga
thanks machan
Sumindu Maduranga
Brother, මේ IDX/SUB file format එකෙන් උපසිරැසි දෙන්න එපා. Scale එක, position එක වගේ දේවල් predefined කරලා තියෙන නිසා අපිට ඕන විදියට, එක එක screen size එකට ගැලපෙන විදිහට scale, position වෙනස් කරගන්න බැහැ.
උපසිරැසි වැටෙන්නේ අපිට ඕන තැන නෙමේ, scale වෙනස් කරන්න ගියොත් අකුරු පැහැදිලි නැතිව යනවා. ඔය වගේ දේවල් හින්දා series එක බලන එකත් එපා වෙනවා.සමහරවිට ඔයාලා IDX/SUB එකෙන් දෙන්නේ උපසිරැසි හොරු තමන්ගේ නම දාලා උපසිරැසි edit කරන නිසා වෙන්න ඇති.
හැබැයි බය වෙන්න එපා. උපසිරැසි හොරු තමගේ නම් දාලා එක එක site වල උපසිරැසි upload කරාට, අපි එන ads බල බල හරි, මුලින්ම උපසිරැසි හොයන්නේ බයිස්කෝප් එකෙන් විතරයි. මොකද පුංචි හරි support එකක් එකෙන් ඔයාලට ලැබෙනවා කියලා හිතන නිසා.
ඒක නිසා කලින් වගේම SRT file format එකෙන් උපසිරැසි ලබා දෙන්න කියලා ඉල්ලනවා. ස්තූතියි. ❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Wednesday [S01 : E01] Sinhala Subtitles | නෙවමෝ(ර්) වෙත සාදරයෙන් පිළිගන්නව! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2022/12/Wednesday-2022-1.1.jpg)


Thanks