කුමාරයා කොහොමහරි රාඔන්ට එයාගෙ අම්මව හොයලා දුන්නනේ. ඔන්න ඉතින් ඒ අතරෙ තමයි බ්යොන් යොන් එහෙම නැත්නම් කිම් ආරක්ශක අභ්‍යන්තර කටයුතු ඇමතිගෙ වංචා ගැන දැක්වෙන ලියවිල්ලක් කුමර මැදුරෙ තියලා යන්නෙ. අන්තිමට ඒ නිසා අභ්‍යන්තර කටයුතු ඇමතිගෙ වැඩ තහනම් වෙනවා. එයා පුදුම වෙන්නෙ ධවල වලාව කල්ලිය පහරදීමක් කරපු වෙලාවක න…

කුමාරයා කොහොමහරි රාඔන්ට එයාගෙ අම්මව හොයලා දුන්නනේ. ඔන්න ඉතින් ඒ අතරෙ තමයි බ්යොන් යොන් එහෙම නැත්නම් කිම් ආරක්ශක අභ්‍යන්තර කටයුතු ඇමතිගෙ වංචා ගැන දැක්වෙන ලියවිල්ලක් කුමර මැදුරෙ තියලා යන්නෙ. අන්තිමට ඒ නිසා අභ්‍යන්තර කටයුතු ඇමතිගෙ වැඩ තහනම් වෙනවා. එයා පුදුම වෙන්නෙ ධවල වලාව කල්ලිය පහරදීමක් කරපු වෙලාවක නැතිවුණ ඒ ලියැවිල්ල කුමාරයා අතට පත් වුණේ කොහොමද කියලා. මේ අතර කුමාරයා බ්යොන් යොන්ව හම්බවෙන්ඩ හිතාගෙන පසුතැවීමේ ශාලාවට ගිය වෙලාවක ලේ තැවරුණු රෙදි වගයකුයි වෙස්මුහුණකුයි හමු වෙන්නෙ. ඒත් බ්යොන් යොන් කියන්නෙ පුහුණුවකදි තුවාල වුණා කියලා. නමුත් පස්සෙ කුමාරයා දැනගන්නවා එදා එහෙම පුහුණුවක් තිබුණෙ නැහැ කියලා.

ඉතින් මේ අතරෙ තමයි අභ්‍යන්තර කටයුතු ඇමති කුමාරයව මරලා දාන්ඩ සැළැස්මක් ගහන්නෙ. ධවල වලාව කල්ලිය විදිහට වෙස් ගන්වලා කුලී මිනිමරුවන්ව මැදුරට යවන්ඩයි සැළසුම් කරන්නෙ. ඒ අතරෙ තමයි යූන්සොන්ග් දැනගන්නෙ සැම්නොම්ගෙ නම හොන්ග් රාඔන් බව සහ ඇය කැරළිකාර හොන්ග් ග්යොන්ග්නේගෙ දුව කියන එක.

අන්තිමට සැම්නොම්ව ප්‍රාණ ඇපයට අරගෙන අපරාධකාරයො කුමර මැදුරට ඇතුළු වෙනවා. කුමාරයට මොනවා වේවිද?

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,135 downloadsDownload Moonlight.Drawn_.By_.Clouds.E12.Baiscopelk.com_.rar16 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුධාරා විද්‍යාරත්න” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

සුධාරා විද්‍යාරත්න

Subtitles

1,135 downloadsDownload Subtitles16 KB

0 comments

No comments yet.