Watch Trailer

Zoo [S03 : E11] with Sinhala Subtitles | නව ජිවිතයක්, අලුත් අපේක්ෂාවක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා එකොලොස්වන කොටසත්. හරි එහෙමනම් අපි බලමු මේ කොටහේ මොනාද සිද්ද වෙන්නේ කියලා. කලින් කොටහේ ඇබිගේල්ට ආපහු පණ ලැබිලා යානේ හිටිය හැම කෙනෙක්ටම පහර දීලා යන්න ගියා. ඉතින් කට්ටිය මැරෙන්න වැටිලා ඉන්න වෙලාවක ඔන්න ක්ලෙම්ට සිහිය ඇවිත් ටැංකියෙන් එළියට එනවා. ඒබ් එන්නත් කළ බෙහෙත නිසා ක්ලෙම් දැන් ප…

ඔන්න එහෙමනම් ගෙනාවා එකොලොස්වන කොටසත්. හරි එහෙමනම් අපි බලමු මේ කොටහේ මොනාද සිද්ද වෙන්නේ කියලා.

කලින් කොටහේ ඇබිගේල්ට ආපහු පණ ලැබිලා යානේ හිටිය හැම කෙනෙක්ටම පහර දීලා යන්න ගියා. ඉතින් කට්ටිය මැරෙන්න වැටිලා ඉන්න වෙලාවක ඔන්න ක්ලෙම්ට සිහිය ඇවිත් ටැංකියෙන් එළියට එනවා. ඒබ් එන්නත් කළ බෙහෙත නිසා ක්ලෙම් දැන් පූර්ණකාලීන ගැබිනියක්. ඉතින් එළියට ඇවිත් බැලින්නම් යානෙ හැමෝම තැන තැන මැරෙන්න වැටිලා ඉන්නවා තමයි ක්ලෙම්ට මුලින්ම දකින්න ලැබෙන්නේ. කොහොමහරි ක්ලෙම් සෑම්වත් කූඩුවෙන් එළියට අරගෙන කට්ටියගෙම ජිවිත බේරගන්න තමයි උත්සහ දරන්නේ.

ඊටත් වඩා ලොකුම අවුල වෙන්නේ බීජාණු වගයක් හුළගට මුසුවීම හින්දා යානයට කොහෙවත් යාගන්න බැරුව සියෝල්වලම හිරවෙන එක. IADG එක ටෝකියෝවල තියෙන සංඥාවක් අක්‍රීය කරලා දාන්න උත්සහ කළත් අන්තිමේ ඒකෙන් සිද්ද උනේ කිසිවෙක් නොසිතු විනාශයක්. ඒ තමයි සමස්ත ටෝකියෝ නගරයම විනාශ වෙලා යන එක. ඉතින් මේ අල්ලපනල්ලේ යානයේ ඉන්න කට්ටියට බීජාණුවලින් ආරක්ෂා වෙන්න ක්‍රමයක්, ක්ලෙම්ගේ දරු ප්‍රසූතිය සාර්ථකව සිද්ද කිරීමේ වගකීම, වගේම ඒබ්ගේ ජිවිතේ බේරගන්න වගේ ගැටළු රාශියකට මුහුණ පාන්න වෙනවා.

කොහොමින් කොහොමහරි ඒ සේරම ප්‍රශ්න ටිකත් විසදගෙන සාර්ථක ලෙස දරු ප්‍රසුතියක් කරන්න ක්ලෙම්ට හැකියාව ලැබෙනවා. හැබැයි අලුත් ජිවිතයක් උපදින අවස්ථාවේම කතාවෙන් කෙනෙක් සමුගන්නවා දැකගන්නත් පුළුවන්. හොදයි එහෙමනම් ඊලග කොටහෙන් හමුවෙන අපේක්ෂාවෙන් මා සමුගන්නවා. ඔබ සැමට ජය.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

1,687 downloadsDownload Zoo-S03-E11.zip31 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

1,687 downloadsDownload Subtitles31 KB

9 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි මදුකප්‍රිය සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

  2. Nuwantha Randika

    6 veni epiya nhene bn

  3. Nuwantha Randika

    6 epiye sub eka denne nhe bro, eka hadanna berida?

  4. Rasindu Perera

    නියමයි,....සබ් එකට තැන්ක්ස්...

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    අවසාන කොටසෙන් නැවත හමුවෙමු...
    ජය

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Dushan Tharuka

    Niyamai...Thanks...Jaya wewa !!!

  9. MAALnath

    Thanks ..............good luck ...............