Unnaipol Oruvan (2009) with Sinhala Subtitles | සාමාන්‍ය මිනිසා. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න ඉතින් තවත් චිත්‍රපටයකින් ඔයාලව හමුවෙන්න ඉක්මනින්ම ආවා. මේ පාරත් ඉතින් දෙමළ චිත්‍රපටයකට තමයි උපසිරැසි අරගෙන ආවේ. ටිකක් විතර පරණ ෆිල්ම් එකක් තමයි ඉතින්. නමුත් සුපිරි නළුවෙක්ගේ සුපිරි කතාවක් තියන ෆිලුමක්. මුලින්ම විකී අයියගෙන් සමාව අයදිනවා මේ ෆිල්ම් එකට උපසිරැසි දෙන්න මෙච්චර ප්‍රමාද වුනාට. ඇත්තටම දැන් විකී අයියටත් මතකද දන්නෙ නැහැ එයා මට මේක කරන්න දුන්නා කියලා. මොකද මේක ගොඩක් කලින් මට දීපු එකක් නිසා.
එහෙනම් ඉතින් ෆිල්ම් එකේ තොරතුරු පොඩ්ඩක් කියන්නම්. චිත්‍රපටයේ නම තමයි “උන්නෙයි පෝල් ඔරුවන්” එහි සිංහල තේරුම තමයි “නුඹ වගේ කෙනෙක්” කියන එක. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Chakri Toleti විසින් තමයි. මේක ඔහුගේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණය. මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිත දෙකට පණ පොවන්නේ දෙමළ සිනමාවේ සුපිරි නළුවෙකු වන “කමල් හාසන්” හා මලයාලම් සිනමාවේ සුපිරි නළුවෙකු වන “මෝහන් ලාල්” විසින් තමයි. ආහ්… මේක ආදර කතාවක් නම් නෙමෙයි ඉතින් ඒ වගේම මෙහි එකම එක පුංචි ගීතයක් විතරයි ඇතුලත් වෙන්නේ. ඒ වගේම මෙහි සංගීත අධ්‍යක්ෂණය කරලා ප්‍රථම වතාවට “ශෘති හාසන්” එකතු වෙන්නේ මේ චිත්‍රපටයෙන් තමයි.
කතාව ගැනත් ඉතින් පොඩ්ඩක් කියන්න එපැයි නේ.. පොලිස් කොමසාරිස් වරයෙකු වශයෙන් කටයුතු කරන මාරාර් (මෝහන් ලාල්) ට දවසක දුරකතන ඇමතුමක් ලැබෙණවා නන්නාදුනන (කමල් හාසන්) කෙනෙක්ගෙන් ඔහු කියා සිටින්නේ චෙන්නායි නගරයේ තැන් පහක බෝම්බ තියා ඇති බවත් ඒ තැන් දැනගැනීමට නම් ඔහුගේ ඉල්ලීම පරිදි ත්‍රස්තවාදීන් 04 දෙනෙකු නිදහස් කිරීමට අවශ්‍ය බවත්ය. ඉතින් මේ පුවත පොලිස් කොමසාරිස් වරයා කෙසේ විශ්වාස කරයිද? එය විශ්වාස කිරීමට තරම් ඔහුට හේතුවක් ලැබෙයිද? ඇයි මේ ත්‍රස්තවාදීන් දෙදෙනාව නිදහස් කරන්න කියන්නේ? ඊට හේතුව මොකක්ද? මේවට ඉතින් උත්තර දැනගනන්න නම් ඉතින් කට්ටියට මේ ෆිලුම බලන්නම වෙනවා..
ඒ වගේම කියන්න ඕනි මේ චිත්‍රපටය අවසාන වෙන්න අාසන්න වෙනකොට බලන අය ඉතා අවධානයෙන් බලන්න. අපේ ජීවිතයට මේ සමාජයෙන් ගතහැකි දෙයක් සහ අප කළයුතු දේවල් සාමාන්‍ය වැසියෙකුගේ තරහා මොනවගේද, ආගමේ නාමයෙන් ත්‍රස්තවාදය කරගෙන යන්න හේතුව, එයින් සිදුවන ඵල විපාක, මේ වගේ තැන් ගැන ඉතා සියුම්ව කතා කරලා යම් පණිවිඩයක් සමාජයට ලබාදෙනවා.
එහෙනම් වෙනදා වගේම වරුණ රංගජිත් අයියාට ස්තූතිවන්ත වෙනවා ලිපියේ සංස්කරණ වැඩකටයුතු වෙනුවෙන්. එහෙනම් මම ගිහින් එන්නම් ඔයාලට ජයෙන් ජයම වේවා…!!!
[button link=”https://goo.gl/9Bz7Ik” type=”icon” “center” newwindow=”yes”] 700 MB (DVD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2518 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/04/SIRAJ-PRIYANTHA.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සිරාජ් ප්‍රියන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
මේ වගේම හින්දි ෆිල්ම් එකකුත් තිබ්බද කොහෙද. එනිවේ සබට තෑන්ක්ස් කමල් හසන් ඉන්න නිසා අනිවා බලනවා!
siraj tnq …god bless !!!!!
බොහොම ස්තූතියි සිරාජ් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
ඉස්තුති
තැන්ක්ස් මචන් මෙ වගෙ සුපිරි නලුවො ඉන්නවා නම් කොමද අත අරින්නෙ එල එල තව මෙ වගෙ එවා අනිවා දිපන්
ස්තුතියි, සිරාජ් මලේ, ජය වේවා!
niayamai…thanks SIRAJ saho..sub ekata..digatama sub demu.jaya wewa……
තෑන්ක්ස් සහෝ!
ජය!!!!
Wednesday ෆිල්ම් එකේ අනිත් එක නේද? බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට.
patta film akak meyka
එල එල සිරාජ් මලේ…මාත් මේක බලන්න ඉස්සර ඉදන් හොය හොය හිටියෙ..ඒත් සබ්- කොපි තිබ්බෙ නැහැ…දැන් ඉතින් බැලුවැහැකි…ජය වේවා…!