MENU

AllBimsara Yashan (ඔලිව)Featured ArticlesSinhala Subtitleඅප‍රාධඅමුතුයිඉංග්‍රීසිචිත්‍රපටිත්‍රාසජනකතීරණය ඔබේබලන්නබියජනකසිංහල උපසිරැසි

X (2022) Sinhala Subtitle | ආශාවන් ඇති වෙන්න වයස බලපාන්නේ නැත! [සිංහල උපසිරැසි]

Rating: 5.8/10. From 285 votes.
Please wait...

ඔන්න එහෙනම් මේ පාර අරගෙන ආවේ A24 අයතනයේ අලුත්ම චිත්‍රපටය. දන්නවනේ A24 කියන්නේ වෙනස්ම විදිහේ කතා තේමාවල් තියෙන Horror ෆිල්ම් හදන ආයතනයක්. ඔයාල Hereditary, Midsommar, Green Room, The Green Knight, The Lighthouse මේ චිත්‍රපටි බලලා තියෙනවා නම් අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ ඒවගේ තියෙන ආවේනිකත්වය. ඒවගේම මේ දිනවල තිරගත වෙන A24 ලගේ, Everything Everywhere All at Once ෆිල්ම් එකටත් ඉතා හොඳ ප්‍රතිචාර මේ වෙනකොට ලැබිල තියෙනවා. එහෙනම් අපි මේ කතාව පැත්තට හැරෙමු,

මේ චිත්‍රපටිය තිරගත වීම ආරම්භ කරන්නේ 2022 මාර්තු 18 වෙනිදා. Horror/Slasher කාන්ඩයට අයත් මේ චිත්‍රපටයට මේ වන විට IMDb 7ක ඉහල අගයකුත්, කුණු තක්කාලි 96%කුත් ලැබිල තියෙනවා. මේක අධ්‍යක්ෂනය කරන්නේ Ti West විසින්. You’re Next, V/H/S, Cabin Fever 2 වැනි Horror ෆිල්ම් අධ්‍යක්ෂනේ කලෙත් මෙයාම තමයි. රංගනයෙන් දායක වන්නේ Jenna Ortega, Mia Goth, Brittany Snow, Kid Cudi, Stephen Ure, Martin Henderson වැනි අයයි.

කතාව ගැන මතක් කළොත්, මේක වෙන්නේ 1979 කාලෙදි. මැක්සීන් කියන්නේ ජනප්‍රිය තරුවක් වෙන්න දැඩි ආශාවක් තියෙන ලස්සන කෙල්ලෙක්. එයාගෙ පෙම්වතා තමයි වේන්. මෙයා වැඩිහිටියන්ට පමණයි චිත්‍රපට හදන කෙනෙක්. මෙයා වෙනස්ම විදිහේ වැඩිහිටි චිත්‍රපටියක් හදන්න හිතන් ඒකෙ රූපගත කිරීමෙ වැඩ වලට ගොවිපලකට යනවා එයාගෙ කන්ඩායමත් එක්ක. ඒ ගොවිපල අයිතිව තිබුනේ ටිකක් අමුතු වයසක ජෝඩුවකට. මෙයාල කොහොම හරි චිත්‍රපටියෙ වැඩ මේ ගොවිපලේ කරනවා. ඒ අතරතුරේදි ගොවිපල බාරව හිටපු වයසක ආච්චි මෙයාලගෙ චිත්‍රපටියෙ රඟපාන ඒව දකිනවා. අමුතුවෙන් කියන්න ඕන්නෑනෙ වැඩිහිටියන්ට පමනයි චිත්‍රපටියක මොනවද තියෙන්නෙ කියලා. ඒව දැකලා මේ ආච්චිට මොනවගේ හැගීමක් ඇති වෙයිද? ආශාවන් සඳහා වයස බලපානවද? මේ ඔක්කොම කොහොම කෙලවර වෙයිද කියලා බලලම දැනගන්න.

තව දෙයක් කියන්න ඕනෙ, මේක 1979 කාලෙ වෙන චිත්‍රපටියක් නිසා කතා කරන විලාශෙ ටිකක් වෙනස්. ඉතින් ඔයාලට තේරුම් ගන්න පහසු වෙන්න කියන එක එහෙම්මම දාන්නැතුව එන අදහස දැම්මෙ. එහෙනම් ෆිල්ම් එක බලලා ගුණ දොස් කියන එක ඔයාලට බාරයි. මට අනුවනම් කාලෙකින් බලපු වෙනස් තේමාවක් තියෙන ෆිල්ම් එකක්. එහෙනම් තව උපසිරැසියකින් හමුවෙනකල් මම සමුගන්නවා. ජයවේවා!

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB සහ BR පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 16694 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2020-01-04
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

28 thoughts on “X (2022) Sinhala Subtitle | ආශාවන් ඇති වෙන්න වයස බලපාන්නේ නැත! [සිංහල උපසිරැසි]